SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටක නායකයෙක් යනු කවරෙක්ද? ඔස්ට්‍රියන් ජනාධිපතිගෙන් ඉගෙනගනිමු.

 

මේ තමයි අතිශය දරුනු වසංගතයක් අස්සෙත් තමන්ගෙ කාර්යාලයට රටේ පොදු ප්‍රවාහන සේවයක යන ඔස්ට්‍රියන් ජනාධිපති Aleksander van der bellen.  

මොකද මේ මනුස්සයට ඒ අතිශය දියුනු ආර්ථිකයක් සහිත රටේ හොඳම හොඳම වාහනයක යන්න බැරිද? අඩුම තරමේ තමන්ගෙ ආරක්ෂාවට ආන්ඩුව ආරක්ෂකයො දෙන්නෙ නැත්නම් පුද්ගලිකව ආරක්ෂයො තියා ගන්නවත් සල්ලි නැතිවද? එහෙම නැත්නම් මේ රට එක එක ජාතියේ ත්‍රස්තවාදී කල්ලිවලින් තොරද? නෑ මේ එකක්වත් නෙවෙයි.

 

ඔිස්ට්රේලියා 1

මුළු යුරෝපය පුරාම ඉන්නව වුවමනා තරම් මුස්ලිම් අන්තවාදී කල්ලි. ජනාධිපති ඇලෙක්සැන්ඩර් වෑන් ද බෙලාන් හිතනව පොදු ජනතාව මුහුණ දෙන ඔිනෑම දුෂ්කරතාවයක් අවදානමක් රටක නායකයෙකු විදිහට තමනුත් විඳිය යුතුයි, තමනුත් මුහුණ දිය යුතුයි කියල. ඒකයි ඒකට එකම එක හේතුව. හැබැයි අපි ඉන්නෙ වසංගතයක් අස්සෙ මුළු පාර්ලිමේන්තුවට අතිශය සුඛෝපභෝගී වාහන ගෙන්වපු නායකත්වයක් සහිත රටක. ඒකත් කරවටක් ණය බරින් ගිලුනු ආර්ථියක, ජාත්‍යන්තර වශයෙන් ණය දීමට ඉතා නුසුදුසුයි කියන ලේබලයට ඔන්න මෙන්න. වෑන් ද බෙලාන් වගේ නායකයො හිතන්නෙ එහෙම නෙවෙයි මෙන්න මෙහෙම.

‘‘දියුණු නගරයක් කියන්නෙ දුප්පතුන්ට පයින් ගමන් කළ හැකි නගරයක් නොව ධනවතුන් පවා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන නගරයකි.”

අපිට අනිත් අතට පේනව තමන්ගෙ ජනාධිපති පොදු ප්‍රවාහන සේවයක හිටගෙන යනකොට රටේ ජනතාව එයාව තඹේකට මායිම් නොකර තමන්ගෙ ආසනවලින් නැගිටල ඉඩ දෙන්නෙවත් නැතිව එයාලගෙ වැඩ කරමින් ඔහෙ යන ආකාරය.

ඒ කියන්නෙ මිනිස්සු නැගිටල ඉඩ දෙන්න හැදුවත් ඒක පිලිගන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි එයා, සහ මිනිස්සුන්ට දැන් ඒක සාමාන්‍ය දර්ශනයක්. කොටින්ම ඔබට පේනව ඇති තුන්වෙනි ඡායාරූපයෙ එයා දුම්රියක කතාකරමින් යනව ගැහැණු කෙනෙක් එක්ක. ඒ වියානා උමං මාර්ගයේදි සිමොනෙටා සොමරුගා එක්ක. ඒ රාජතන්ත්‍රීකයෙක්. ඇය තමයි ස්විස්ටර්ලන්තයේ ජනාධිපතිනිය.

ඔිස්ට්රේලියා 3

ඒ කියන්නෙ ඔහුට රාජතන්ත්‍රීකයෙක් එක්ක නිදහසේ කතාකරමින් යන්න පවා පොදු ප්‍රවාහන සේවය සුදුසුයි කියන එකනෙ. අපේ රටවල්වල නායකයො විදේශිය රාජ්‍ය අමුත්තන්ට සලකන්නෙ මල් වෙඩිපත්තු කරල. අඩබෙර ගහල. උත්සවශ්‍රීයෙන් තරු පන්තියේ හොටලයක නවාතැන්, සීයක් සන්නද්ධ සෙබලුත් සහිතව.

ඇලෙක්සැන්ඩර් වෑන් ද බෙලාන් තමන්ගෙ පිටුවට ඔහු උමං දුම්රියකට ගොඩවෙන ජායාරූපයක් සමග මේ වැකිය එල්ලල තිබුන.

“අද මම ඔස්ට්‍රියානු ෆෙඩරල් දුම්රියේ සල්ස්බර්ග් වෙත යන ගමනේදී......

මගේ කණ්ඩායම සමඟ එක්ව ඉදිරි හමුවීම් සඳහා සූදානම් වීමට යන ප්‍රසන්න අවස්ථාවයි මේ”

 

ඔිස්ට්රේලියා 2

අටදහසක් ලයික් සමග අදහස් හාරසිය ගණනක් අතුරින් මම Klaus Berning

කියන කෙනාගේ අදහස ඔබ ඉදිරියේ තබනව.

“ත්‍රිවිධ හමුදාවම ආරක්ෂාව යොදා රැගෙන යෑමට තරම් වටිනා ජනාධිපතිවරයෙක් තමයි අපේ ජනාධිපති”

 

උපාලි ජයසිංහගේ මුහුණු පොතෙන්

නවතම ලිපි