SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පිලිපීනයට සිය පළවෙනි ඔලිම්පික් රන් පදක්කම දිනා දෙමින් හිඩිලින් ඩයස් (Hidilyn Diaz) එරට ජාතික වීරයන් අතරට එකතුවිය. ‍

මෙවර ඔලිම්පික් උ‍ළෙලේ ජූලි 26 වන දින බර ඉසිලීමේ කාන්තා - කිලෝග්‍රෑම් 55 කාණ්ඩයේදී හිඩිලින් ඩයස් පළමු ස්ථානයට පත්විය.

pilipine 2

දෙවන ස්ථානය චීනයද තෙවැන්න කසකස්ථානයටද හිමිවිය. ඒ ජයග්‍රහනයද සමගින් 2016 රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමද දිනාගත් ඇය එසේ ඔලිම්පික් පදක්කම් දෙකක් පිලිපීනයට ගෙනා පළමු පිලිපීන ක්‍රීඩිකාව බවට පත්විය.

රන් පදක්කම ඇයට පිරිනමන විට වේදිකාව පසුබිමින් පිලිපින ජාතික ගිය වාදනය විය. එවිට ක්‍රීඩිකාව කදුළු සලමින් ඊට ආචාර කළාය - එය එරට ගීතය ඔලිම්පික් ත්‍යාග වේදිකාවක වාදනය කළ පළමු අවස්ථාවයි.

 

pilipine 2 1

මෙම ජයග්‍රහණයෙන් පසු පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ සහ රජයේ නිලධාරීන්, ඩයස්ට සුබ පැතුම් පිරිනැමීමට පෙළ ගැසී සිටි අතර එක් නිලධාරියෙක් ඇයව “ජාතික වස්තුවක්” ලෙස හැඳින්වීය.

එහෙත් සමාජජාලා අඩවි එය වාර්තාකලේ පිලිපීන ජනාධිපතිගේ හෝ පිලිපීන ආන්ඩුවට යහපතට නොවේ.

ට්විටර් වෙබ් අඩවියට පිවිසි සමහර පිලිපීන ජාතිකයන් සටහන් කරමින් ඔලිම්පික් රන් පදක්කම්ලාභියා කෙරෙහි රජය දැක්වූ සතුරුකම මහජනයාට මතක් කර දුන් අතර, ඇය කොමියුනිස්ට් කැරලිකරුවන් සමඟ සම්බන්ධ බවට බලධාරීන් විසින් ඇයට බොරු චෝදනා එල්ල කොට ඇයට රතු ලේබලයක් අලවා තිබුනු බවද සඳහන් කළෝය.

 

pilipine 4

30 හැවිරිදි මලල ක්‍රීඩිකාව 2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උලෙලට යාම සඳහා  මූල්‍ය ආධාර ඉල්ලා සමාජ මාධ්‍ය වෙත යොමු වීමෙන් පසුව 2019 දී ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයකට ඇය සම්බන්ධ වූ බව ඩුටර්ටේ රජය චෝදනා කලේය. ඔවුහු ඇයව “රාජ්‍යයේ සතුරන්” ලෙස ලේබල් කරන ලද සංවිධාන හා පුද්ගලයින්ගේ අනුකෘතියකට පවා එකතු කරනු ලැබීය.

සමාජමාධ්‍ය හරහා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරගයකට යාම සඳහා මුදල් ඉල්ලීම ඒ රාජ්‍යයේ ක්‍රීඩාවට ඇති ස්ථානය අපට පහදා දෙයි.

එමෙන්ම එකී අවාසනාවන්ත තත්වය පිලිපීනයට වාර්ෂික ක්‍රීඩා අරමුදල් නොමැතිකම සංකේතවත් කරයි.

කොටින්ම පිලිපීනයට රන් පදක්කම් දිනාදුන් ඇයට ජීවත්වීමට ස්ථිර නිවසක් හෝ නැති බව ජනමාධ්‍ය වාර්තා කරති.  ඩුටර්ටේ ආණ්ඩුව ඒ අනුව ඇයට නිවසක් හා එරට මුදලින් 6600000 ක් පොරොන්දුවි ඇත.

 

pilipine 3

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ජනමාධ්‍ය හා කතාකල Hidilyn Diaz ,

“මට තවමත් එය විශ්වාස කළ නොහැකිය,” "මට එය කිරීමට හැකිවීම ගැන මම පුදුමයට පත් විමි."මාව විශ්වාස කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. මා මුහුණ දුන් බොහෝ අභියෝග නිසා මෙය අතහැර දැමීමට අවශ්‍ය වූ අවස්ථා බොහෝමයක් තිබුනද ඔබලා සියල්ලන්ම මා වෙනුවෙන් සිටියෝය. දැන් මම එය දිනාගෙන ඇත.” යනුවෙන් පැවසුවාය.

COVID-19 අගුළු දැමීම සහ සීමාවන් නිසා ඩයස්ගේ බොහෝ ආධාරකරුවන්ට සහ පවුලේ සාමාජිකයින්ට ටෝකියෝවට යාමට නොහැකි වීය.

 

pilipine 6

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ ප්‍රකාශක හැරී රොක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඩයස් පිලිපීනයට අභිමානය හා මහිමය ගෙන දුන් බවයි.

“සුබ පැතුම්, හිඩිලින්. මුළු පිලිපීන ජාතියම ඔබ ගැන ආඩම්බර වෙනවා”

@ උපාලි ජයසිංහ

https://www.cbsnews.com/news/hidilyn-diaz-philippines-olympic-gold-weightlifting-reward/

නවතම ලිපි