SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔිනෑම රටක පාලකයාගේ බලයට හා වරප්‍රසාද වලට ඉහළින් එකී රටේ නීතිය හා අධිකරණය වඩා බලවත් නම් දේවල් සිද්ධවෙන්නෙ එහෙමයි.

රටේ නායකයාගේ කැමැත්ත එරට නීතියේ හා අධිකරණයේ කැමැත්ත නොවුන විටක තමයි ඒ රටේ නීතිය හා අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය කියන දේ නිතැතින්ම ඇතිවෙන්නෙ, සහ ආරෝපිත එකක් නොවන්නෙ.

මේ ක්‍රියාදාමය හරිම සුවිෂේශී එකක්. මොකද ජනාධිපති සමාව ලැබෙන්නෙ පේරූවල ජනාධිපති කෙනෙකුගෙන්, හිටපු ජනාධිපති කෙනෙකුට වීම නිසා.

1990 ඉදන් 2000 දක්වා පේරුවල ජනාධිපති වෙලා හිටියෙ Alberto Fujimori. මේ ඇල්බාටෝ ෆුජිමෝරිගෙ නිල කාලය දූෂණ, ඝාතන සහ සාපරාධී බිය වැද්දීම්වලට ප්‍රචලිත කාලයක්. මනුෂ්‍යත්වයට එරෙහි යුධ අපරාධ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඒවෙනකොටත් ඔහුව නම් කරලයි තිබුනෙ.

 

පේරු 5

එහෙම පාලකයෙක්ට පේරූ ජනතාව හිටියෙ කැමැත්තෙන්ද ? සහතික වශයෙන් ඔව්. මොකද එයා රටේ සිවිල් යුද්ධයකට නායකත්වය දුන්නා. එය අවසන් කලා. ශයිනින් පාත් කියන වාමාංශික ගරිල්ලා ව්‍යාපාරය අවසන් කලේ ජපන් සම්භවයක් තියෙන මෙන්න මේ ඇල්බාටෝ ෆුජිමෝරි. 1992 සැප්තැම්බරයේ දී ෂයිනිං පාත් ගරිල්ලා ව්‍යාපාරයේ නායකයා අල්ලා ගැනීමට ෆුජිමෝරිගේ ආණ්ඩුව සමත් වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1995 අප්‍රියෙල් 9 වන දින අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ෆුජිමෝරි නැවත තේරී පත් වුනා.

 

පේරු 2

 

නමුත් එයාගෙ දෙවන ධුර කාලයේ අවසන් අවුරුද්දෙ විරෝධය පැනනැගුනෙ පේරු ජනතාව වෙතින් නෙවෙයි. විරෝධය පැන නැගුනෙ එයාලගෙ ක්‍රමය තුලින්මයි. ඒ කියන්නෙ විශ්වාසභංගයකින්. නියත ලෙසම විශ්වාසභංගයෙන් තමා පරාජය වන බව දැනගත් ෆුජිමෝරි පැනල යනව ජපානෙට.

මොකද ජපානයෙ තමයි ඔහුගෙ අක්මුල් විහිදුන තැන. ෆුජිමෝරි ජපානයෙ ඉඳන් ෆැක්ස් හරහා තමන්ගෙ ඉල්ලා අස්වීම ප්‍රකාශ කරත් පේරු කොංග්‍රස් සභාව ඒක ප්‍රතික්ෂේප කරනව. නමුත් ඔහු 2005 දි චිලියෙ සංචාරයකදි අත්අඩංගුව අරන් පිටුවහල් කරනව පේරුවලට. එතැන ඉඳන් ඔහුට එරෙහිව දූෂණ, වංචා සහ මිනිසුන් පැහැරගැනීම් අතුරුදහන්කිරීම සහ ඝාතන සම්බන්ධයෙන් නඩු විභාගයට ගන්නව.

පේරු 1

ඇල්බර්ටෝ ෆුජිමෝරි 1990 ගණන්වල ඔහුගේ රජය වාමාංශික ගරිල්ලන්ට එරෙහිව සටන් කරන විට, ආරක්ෂක අංශ විසින් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාමේ කාර්යභාරය හරහා ඔහු “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සම්බන්ධයෙන්වරදකරු වු විට පේරු ශ්‍රේෂඨාධිකරණය 2007 දී ඔහුට වසර 25 ක සිර දඩුවමක් නියම කරනවා. පේරු නීතියට අනුව ඊට එහා වරදකරුවෙකුට දඩුවම් නියම කල නොහැකියි.

දැන් අපි එමු ලිපියෙ මාතෘකාවට.

2017 දෙසැම්බරයේදී පේරුවල ජනාධිපති වෙලා හිටපු පේද්‍රෝ පැබ්ලෝ කුක්සිංස්කි 79 හැවිරිදි ෆුජිමෝරිට මානුෂීය සමාවක් ලබා දුන්නා. ඒත් ඔහුගේ සමාව සති තුනකට පමණයි වලංගු වුනේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන්ට අනුකුලව 2019 ජනවාරි 23 වන දින ෆුජිමෝරි නැවත සිරගෙට යවනව.

පේරු 3

මොකද පේරු නීතියට අනුව යම් පුද්ගලයෙකුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් දඩුවමක් ඒ රටේ ජනාධිපතිට වෙනස් කරන්නවත් සමාව දෙන්නවත් බෑ.

මේ ලංකාවෙ නෙවෙයි පේරු රටේ නීතිය.

 

@ උපාලි ජයසිංහ

නවතම ලිපි