SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිව් වරක් ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරිය බවට පත් මෙවර ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී සිටින ඇමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන Simone Biles

සිය අවසන් තරග වටයට සහභාගී වනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තවදුරටත් ආන්දෝලනයක් ඇති කරමින් සිටින්නීය.

ඊට හේතුව වන්නේ පසුගිය දා ඇය සිය 'මානසික සෞඛ්‍ය සියල්ලට වඩා වැදගත්' යැයි සඳහන් කරමින් ටෝකියෝ නුවර පැවති ජිම්නාස්ටික් කණ්ඩායම් තරගයෙන් සහ තුන් ඉරියව් අවසන් තරගයෙන් ඉවත් වීම හේතුවෙනි.

jimnastic 1

 

එළඹෙන ඉරිදා ඇය තනිව තරග වදින අවසන් තරග හතරට සහභාගී වීමට නියමිතව ඇති නමුත් අවසන් තරගයට ඇය සහභාගී වනවා ද? යන්න ඇය අනාවරණය කර නොමැත.

කෙසේ වෙතත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් පවසා ඇත්තේ, ජිම්නාස්ටික් තරග ඉසව්ව තුළ සිදු කරන කරනම් (twists) ආදිය නිසි අයුරින් සිදු කළ යුතු ආකාරය තේරුම් ගත නොහැකි මානසික තත්ත්වයකට ඇය පත්ව ඇති බවය.

සිව් වරක් ම ඔලිම්පික් ජිම්නාස්ටික් තරගවලදී ශූරිය බවට පත්ව ඇති ඇය සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති පෙර පුහුණුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශනවලදී ද ඇයට නිවැරදි ඇයුරින් ජිම්නාස්ටික් තරගවලදී යොදාගන්නා අසමාන "බාර්" මත දී සිදු කරන twists (කරණම්) සිදු කර නිවැරදිව පා තැබීමේ අපහසුතාවක් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

jimnastic 4

ඇයට නිවැරදි අයුරින් අදාළ ජිම්නාස්ටික් තරග තුළ පවතින ගුවන් කරනම් ආදිය සිදු කර නැවත භූමිය මත දෙපා පතිත කිරීමේදී ගැටලුවක් මතුව ඇති බව ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත.

මෙම තත්ත්වය 'twisties' යනුවෙන් හඳුන්වන අතර එය සාමාන්‍යයෙන් ජිම්නාස්ටික් තරගකරුවන් අත්විඳින තත්ත්වයක් බවත් එය යම් කිසි ආකාරයට මනස එකවර හිරවීමකට ලක් වීමක් (mental block) වැනි තත්ත්වයක් බවත් සඳහන් වේ.එවැනි තත්ත්වයක් තරගකරුවෙකුට බලපෑම් කළහොත් කරණම් (twists) ආදිය සිදු කර යළි භූමිය මත පතිත වීමට උත්සහ කිරීමේදී නිසි ස්ථානයේ ස්ථානගත වීමට අවශ්‍ය අවකාශය සහ මානය සම්බන්ධ නිවැරදි සංවේදීභාවය ගිලිහී යයි.

තව ද ශරීරයේ පාලනය ගිලිහීයාම හේතුවෙන් කරකැවීම් සහ පිනුම් නිවැරදිව සිදු කළ නොහැකි වීම මෙන් ම එබැවින් ආරක්ෂිතව භූමිය මත පතිත වීමට නොහැකි වීම මෙහිදී සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

jimnastic 5

මෙම තත්ත්වයට මුහුණ දී සිටින ඇය සඳහන් කර ඇත්තේ, තම තරග ඉසව්ව කිරීමට ඇය උත්සහ දැරුවත් තම සිරුර සහ මනස එකිනෙක මුහු කර ගැනීමේ ගැටලුවක් ඇයට ඇති වන බවය.

ඇය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, "මම හිතන්නේ නෑ තරගයේ සිටියදී මෙය කොතරම් දුරට අවදානම් ද යන්න ඔබ තේරුම් ගනීවි කියා," යනුවෙන් පවසා ඇත. එවැනි අවස්ථාවකදී තමන් යළි පතිත වන්නට යන භූමිය සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමට මෙන් ම අත්, කකුල්, පතුල් හෝ පසුපස යනාදී කුමන ශරීර අවයව මත සිය පතිත වීම සිදු කරන්නට යන්නේ ද? යන්න නිසි අයුරින් අනුමාන කරගැනීමට නොහැකි වන බව ද ඇය පවසා තිබේ.

මෙම තත්ත්වයෙන් මිදීමට නම් මෙම තරගය පුහුණු වන මෘදු මතුපිටවල් (Soft Surfaces) මත සිදු කරන පතිත වීම් සම්බන්ධයෙන් ඇයට යළි පුහුණු වීමට සිදු වන බවත් එතුළින් ඉහළ ගුවන තුළ සිදු කරන කරණම්(twists) ආදිය සිදු කිරීමට ඇය යළි ආත්ම විශ්වාසය ඇති කර ගත යුතුව ඇති බවත් මෙම ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන් පවසා තිබේ.

 

@ කාංචනා විජය බණ්ඩාර

Mawbima.lk

 

 

නවතම ලිපි