SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උමාරියා යනු ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ නව පරපුරේ දක්ෂ ගායිකාවක්.

මෑත කාලය තුළ  සමාජ මාධ්‍ය තුළත් විවිධ ආකාරයේ කතා බහට ලක්වූ ගායිකාවක් වන  ඇය මේ දිනවල ප්‍රධානපෙළේ ‌පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනක විනිශ්චය මණ්ඩල සාමාජිකාවක්. 

ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සිද්ධියෙන් තිරෝද රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් එය පැදවූ උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන.

@ live24.lk

නවතම ලිපි