SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රවීන රංගන ශිල්පී හයසින්ත් විජේරත්න මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමය අවධාරණය කරන්නේ ටෙලිනාට්‍ය කර්මාන්තයේ නියුතු නිර්මාණකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් තවත් නිළියකට ජීවිතය අහිමි වූ බවයි.

රූපගත කිරීම් නිවැරදිව සැළසුම් නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරු රැසක් සිදුව ඇති බව පෙන්වා දෙන සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය පවසන්නේ ඒ හේතුවෙන් කලාකරුවන් ගණනාවකගේ ජීවිත අහිමි වී ඇති බවයි. තවත් කලාකරුවන් ගණනාවක් ආබාධවලට ලක්ව තිබෙනවා.

සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ නියුතු සැමගේ අවධානයට...

රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මැතිනියගේ හදිසි වියෝව, ශ්‍රී ලංකා වාසී සැමගේ බලවත් ශෝකයට මෙන්ම කම්පනයට හේතුවී ඇති බව නොරහසකි.

වත්මන් රූගත කිරීම් රටාව අනුව එදිනෙදා රූගත කිරීම් අවසන් වන ශිල්පීන් කොළඹට ගෙනැවිත්, පසුදිනට අවශ්‍ය වන ශිල්පීන් රැගෙන යාම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියයි. මෙහිදී වාහන රියදුරන් අධිකව වෙහෙසවීම හා නිදිමැරීම සිදුවේ. මේ හේතුවෙන් වාහන අනතුරු සිදුවීම කාලාන්තරයක් මුළුල්ලේ සිදුවන බව අපි දනිමු.

ඒ නිසා අපට අහිමි වූ රංගන ශිල්පි ශිල්පිනියන් මෙන්ම තාක්ෂණ ශිල්පීන්ද ගණනාවකි. බරපතල රෝගාබාධවලට ලක්වූ පිරිසද සිය ගණනකි. රූගත කිරීම් සැලසුම් කිරීමේදී වාහන රියදුරන්ට දැරිය හැකි වෙහෙස මහන්සිය කල්පනාවට ගෙන, ශිල්පීන් ප්‍රවාහනය සැලසුම් කිරීමෙන් මෙවන් අකල් මරණ වලක්වාගත හැකිය.

මෙහි ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ සහාය අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදන කළමනාකාරවරයාටය. නළු නිළියන් සහ ශිල්පීන් සමග සාකච්ඡා කර සැමට අපහසුවක් නොවනසේ ප්‍රවාහනය සැලසුම් කර ගැනීම ඒ දෙපළගේ වගකීම සහ හැකියාවයි. හෙළයේ නිළි රැජන රුක්මණී දේවිය අපට අහිමි වූයේද සංගීත සංදර්ශනයක් අවසන් කර එමින් සිටියදීය.

මෙම ශෝකාකූල අවස්ථාවේ සිනමා, රූපවාහිනී සහ සංගීත ක්ෂේත්‍රයේ නියැලි අප සැම මෙම කරුණ දැඩි සේ සිතට ගනිමු. යළිත් මෙවන් සිදුවීම් නොවන්නට වග බලා ගනිමු.

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය

@ Lankanewsweb.net

නවතම ලිපි