SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රන් දිනීම ඔලිම්පික් වරම් ලැබූවන්ගේ සිහිනයයි. ඒ සිහිනය තවකෙකු සමග බෙදාගැනීමට සිත්වීමම කෙතරම් අපූරුද?

උස පැනීම පිරිමි අවසන් තරගයේ දී එය සිදුවුණා. කටාරයේ මුටාස් බෂීම් සහ ඉතාලියේ ජමාර්කෝ තම්බේරි දෙදෙනාම 2.37m සමත් වුවත් 2.39m පිම්ම අසමත් වුණා. ඒ අනුව දෙදෙනාම සම මට්ටමේ. එබැවින් ජය තීරණය කිරීම උදෙසා පැනුම් අවස්ථාවක් පිරිනැමීම පිළිබඳ නිලධාරීන් ඔවුන් සමග සාකච්ඡා කළා.

"අපට හැකිද රන් පදක්කම බෙදාගන්න?"

 

සම්මානය බෙදාගැනීම 2

 

 

ඒ පැනය බාෂීම් ගෙන්.

ඊට අවස්ථාව ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා. පිටියෙන් පිටත ද මිතුරන් වූ බාෂීම් සහ තම්බේරි ඊට එකඟ වුණා.

එකිනෙකා වැළඳගනිමින් ඔවුන් ප්‍රීතිය පළකලේ ක්‍රීඩාවේ ගුණය මනාව පෙන්වමින්.

දෙදෙනාම බරපතල ආබාධවලට ලක්ව සිටීමෙන් පසුව පැමිණ රන් සිහිනය සැබෑ කරගැනීම විශේෂත්වයක්.

 

සම්මානය 4

 

 

බෂීම් කටාරය වෙනුවෙන් ජවන හා පිටිය ඔලිම්පික් රන්පදක්කමක් දිනූ පළමුවැන්නා. ඔහු ලන්ඩන් ඔලිම්පික් හිදී ලෝකඩ පදක්කමත් රියෝ හිදී රිදී පදක්කමත් දිනාගත්තා. බෂීම් ගේ පෞද්ගලික ඉහළම දක්ෂතාව 2.43m ක්. එය උස පැනීමේ ඉසව්වේ ලොව මෙතෙක් වාර්තා වූ දෙවන හොඳම දක්ෂතාවයයි.

 

සම්මානය 5

 

රියෝ ඔලිම්පික් තරගාවලියට පෙර දැඩිසේ ආබාධයට ලක්වූ තම්බේරිගේ රන් සිහිනය පහසු වූවක් නොවේ. නැවත ක්‍රීඩාවට එක්වීම පිළිබඳ ඔහු වෙත වූයේ අවම අවස්ථාවක්. එනිසා සිය කැපකිරීම පෙන්වීමට ඔහු ඔලිම්පික් පිටිය වෙත කකුලට යොදන ප්ලාස්ටික් වාත්තුවක (cast) ආකෘතියක් රැගෙන පැමිණියා. එහි 'Road to Tokyo' ලෙස සටහන්ව තිබුණා. කැපවීම කෙළවර ඔහුට හිමිවූයේ ද රත්‍රන් අවසානයක්.

  

බෂීම් - තම්බේරි ඔලිම්පික් තරගාවලියට එක්කළේ ක්‍රීඩාවේ ජීව ගුණයයි. ඔවුන්ගේ පිම්මටත් වඩා ඉහළින් එය තිබෙනවා. ක්‍රීඩාවේ අනාගතයට වගේම ලෝකයට ඔවුන් දුන් පාඩම අපූරුයි.

 

@ රෂ්නිකා ලියනගේ

නවතම ලිපි