SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර, 

උදය ගම්මන්පිල,  විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී , තවත් කෑකෝගැසීම් අතරතුර , කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුන බව තහවුරුව තිබෙනවා.

ඊට අනුව මහින්දානන්ද අලුත්ගමගේ  ‘රෑට කමු අපි වම්බටු වම්බටු’ යනුවෙන් යෙදෙන ජනප්‍රිය සිංදුවක පදයක්  කියන අතර “වම්බටු” යනුවෙන් කෑ ගසනවා.  රූපවාහිනි පාලිමේන්තු පුවත් ප්‍රකාශයන්හි එය ප්‍රචාරය වෙනවා.

අපි දන්නවා මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ තනිවම කෙල්ලන් පාරෙ යද්දි කියන පද පේළි මොනවද කියල. අපි දන්නවා රෑට හදිසි කාරණයක් නිසාවත් කාන්තාවකට පාරෙ බැහැල යන්න බැරි තරම් සිංහල බෞද්ධ රාජ්‍යය සුන්දරයි කියල. ඒ වගේම අපි දන්නවා ඒ සිංහල බෞද්ධ සුන්දර සිහිනයට පාර පෙන්නල ආණ්ඩු බලයට පත් වෙනව කියලත්. ඒ පත්වෙන හැමෝම පත්කරන්න වැඩිම ඡන්ද ප්‍රතිශතයක් දෙන ස්ත්‍රීන්ට මේ පත්වෙන ආණ්ඩු සලකන හැටිත් අපි දන්නව.

 

තලතා 1

 

ඒත් මේ පාර්ලිමේන්තුව! 

පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක්ට තමන්ගෙ අධ්‍යාපන මට්ටමවත්, තමන් කරපු රස්සාවවත් කියාගන්න අපහසුයි කියලත් අපි දන්නව. ඒත් අවුරුදු ගණනක් දේශපාලනය කරන, මහජන නියෝජිතයෙක් විදියට වගේම පියෙක්, සැමියෙක්, පුතෙක් වෙච්ච මහින්දානන්දලාට, තමන්ගෙ නොසණ්ඩාල ගතිපැවතුම් පාලනය කරගන්නට උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව තුළදීවත් නොහැකි නම් සමාජයේ ඉතිරි නොසන්ඩාලයින් ගැන කවරනම් කතාද? ඒ වැනි කතා අසමින් සිනහමුසු මුහුණෙන් සිටින තුන් ලොවෙත් පහළ නොවුනු කතානායකවරයෙක් ගැනත් කවර නම් කතාද?

පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව කතාකළේ මෙහෙමයි.

 

 

 

තලතා සම්බන්ධයෙන් ඔහු එවැනි සිංදු කෑල්ලක් කීම, අසභ්‍ය ප්‍රකාශනයක් මෙන්ම, ලිංගික හිංසනයක් ලෙසත් සැලකිය හැකියි..  එය අමුතුවෙන් මෙතන විග්‍රහ කරන්නට අවශ්‍ය නැතුවා මෙන්ම  දන්නෝ කවුරුත් මේ බව  දනිති යනුවෙන් පැවසීමටත් පැකිලිය යුතු නෑ.

මෙය ඉතා පැහැදිලිවම ලිංගික හිංසනයක්!

ඒ හා සම්බන්ධ වන 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය සඳහන් වෙන්නේ මෙසේයි...

 “අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන්, යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට, ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ ,බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය;

තව ද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන්ද , ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද, ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.”

 

තලතා 2

 

පාර්ලිමේන්තුවේ චර්යාවන් සම්බන්ධ තත්වය එය නම්, සමාජයේ තත්වය කෙසේ විය හැකිද? අපි ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනද ? එය මේ මොහොතේ ඇසිය යුතුම ප්‍රශ්නයක්.

නවතම ලිපි