SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන කතා පිළිබඳව පසුගිය කාලය තුළ ලේඩි ලීඩර් අපි වරින්වර කතාකළා.

මෙය වඩාත් උණුසුම් තත්ත්වයකට පත්වූයේ අපේ රටේ ජනාධිපතිවරයා අතිශය වැදගත් ප්‍රකාශයක් පසුගිය දා “වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට” සමගාමීව ට්විටර් පණිවුඩයක් මගින් නිකුත් කර තිබීමයි.

රටේ ජනාධිපතිවරයා එලෙස ප්‍රගතිශීලී ප්‍රකාශ නිකුත් කරද්දී රටේ කථානායකවරයා තම අණසක යටතේ පවතින පාර්ලිමේන්තුවේ සිදුවන ලිංගිකත්ව වෙනස මත පදනම් හිංසනයන් සම්බන්ධව කටයුතු කරන ආකාරය අතිශය නින්දනීය බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතු වෙමු.

මහින්දානන්ද ඇමතිවරයා තලතාට කළ වාචික ලිංගික හිංසනයට රෝහිණීගෙන් චෝදනා

පසුගියදා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හිටපු අධිකරණ ඇමතිනියක් වුනු තලතා අතුකෝරාල මන්ත්‍රීවරියට විවාදයක් අතරතුර ගෙන ආ ලිංගික හාත්ස්‍යෝත්පාදක කෑගැසීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ කතා කරමින්, මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට මෙන්ම එයට කිසිදු විරෝධයක් නොදක්වමින් නිහඩව සිටි කථානායකවරයාටද චෝදනා කළාය.

කථානායකවරයා අවවාද කළ යුත්තේ මහින්දානන්දට ද? රෝහිණීට ද?

එම චෝදනාවට කථානායකවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ හිංසනය සිදුකළ අමාත්‍යවරයාට අවවාද කිරීම වෙනුවට හිංසනය පිළිබඳව හඩනැගූ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට අවවාද කර කථානායක කාර්යාලය මගින් ලිපියක් එවීමය.

 

speaker 5

 

 

මෙවන් පසුබිමක් යටතේ ජනාධිපතිවරයා විසින් පොරොන්දු දෙනු ලබන ‘ස්‍ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම්වලට ලක්නොවී අභිමානයෙන් ජීවත්වීමට ඇති අයිතිය’ වෙනුවෙන් පෙනී සීටීමේ ප්‍රතිඥාව රකින්නේ, ක්‍රියාත්මක කරන්නේ කෙලෙසද? අප ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ප්‍රතිඥාව වෙනුවෙන් ඔබේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය, කථානායකවරයාගේ ක්‍රියාකලාපයට පිළිතුරක් දෙමින් ආරම්භ කරන ලෙසයි.

 

හඳ පෙන්නුවම කතානායක කළේ ඇගිල්ල දිහා බැලීම.

 

Speaker 4

 

කථානායක කාර්යාලය විසින් එවන ලද ලිපිය සම්බන්ධව ලේඩි ලීඩර් අපි රෝහිණී කවිරත්න මන්ත්‍රීනියගෙන්ද අදහස් විමසන ලදී. ඇය ප්‍රකාශකර සිටියේ මෙවැන්නකි.

 

 “කතානායක තුමා මට අවවාද කලා මිසක සිද්ධියට අදාල පාර්ශවයන් ට අවවාද කිරීමක් හෝ පරීක්ෂන පැවැත්වීමක් සිදුකළේ නෑ. ඔන්න ලිංගික හිංසනයට පෙනී හිටියම වුන දේ.

ගම්මන්පිල ඇමතිතුමාගේ කතාව අරන් බලන්න. කතාව අවසන් කරනකොට මූලාසනයේ ඉන්නේ කතානායක තුමා. ආරම්භයේදී අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා මූලාසනයේ හිටියේ.

මම සුදනා කියලා, මම මූලාසනයේ හිටියේ නෑ කියලා එතුමා ඇග බේරා ගන්නවා. හැබැයි පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වග කියන්න ඕන කථානායකතුමායි. පාර්ලිමේන්තුවේ ගෞරවය සම්බන්ධයෙන් වග වෙන්නත් ඔින කථානායකතුමායි.

“මට සිද්ද වුනේ මම හඳ පෙන්නුවම කථානායකතුමා මගේ ඇගිල්ල දිහා බැලීම.”

මේ අතර අද පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූූූූරිය ද මේ පිළිබඳව අදහස් දැක්වූවා.

 

හරිනි 1

 

 

මෙතැන මෙහෙම නම් එළියෙ කොහොම වෙයිද?

ආචාර්ය හරිනි අමරසූරිය අදහස් දක්වමින් කියාසිටියේ, මෙම පාර්ලිමේන්තු සභාව තුළ අදහස් දැක්වීමේදී පාවිච්චි කරන වචන සහ අදහස් දැක්වීම්වල ඇති කාන්තා හිංසනකාරී පිළිවෙත සම්බන්ධව ඉදිරිපත්කළ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ පැමිණිල්ලට දැන් සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳවයි.

මෙය මෙම සභාවේ මෙවැනි වචන අසන්නට ලැබුනු පළමු අවස්ථාව නොවන බවත් ‌මෙවැනි උත්තරීතර සභාවක් තුළත් කාන්තාවන්ට ගෞරවයක් නොලැබෙන්නේ නම් මෙයින් රටට දෙනු ලබන්නේ කවර ආදර්ශයක්ද යන්නත්, මෙවැනි ලිංගික හිංසන අප තවදුරටත් නොඉවසන බවත්  ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

නවතම ලිපි