SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දැරුවන් හැර සෙසු දරුවන් සමාජයට රැගෙන නොයන ලෙස

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල මව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකදී එම ඉල්ලීම කළේය.

 

 

 

මේ වන විට දරුවන්ට කොරෝනා වෛරසය වැළදීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන් 45000 කට කොවිඩ් වැළදිලා :14ක් මිය ගිහින්

 සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී මිට දින දෙකකට පෙර එනම්, අගෝස්තු 05 දා පැවසුයේ, කොවිඩ්  ආසාදනයවූ දරුවන්  45,831 ක් මේ දක්වා වාර්තා වී ඇති බවයි.

කොවිඩ්  ආසාදනයවු වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු  මියගොස් ඇතැයිද ඇය සඳහන් කළාය.

සෞඛ්‍ය ඇමැතිවරිය  මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙසේ කොවිඩ්  ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත්18ත්  අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බව සෞඛ්‍ය ඇමතිවරිය කීවාය.

රටේ කොවිඩ් 19 ආසාදිත  දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද  ඇය ප්‍රකාශ කළාය .

 

දරුවෝ 2

 

මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ  වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන්  දෙදෙනෙකුද   වන බව  සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

 

පුවත් උපුටාගැනීම - theleader.lk

 

 

නවතම ලිපි