SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ලෝකයම තියෙන්නේ ඔබේ ඇගිලි තුඩු මත.

සමාජ මාධ්‍ය හරහා ඉතා ඉක්මනින් ඔබට තොරතුරු දැන ගැනිමේ හැකියාව දැන් තියෙනවා. ඒත් ගැටලුව වන්නේ සමාජ මාධ්‍ය ඔබට සමීපකරන තොරතුරු සත්‍යය ද කියන එකයි.

පුවත්පත්, රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා, හිමිකාරිත්වය තහවුරු කල වෙබ් පුවත් පිටු හරහා ඔබට ලැබෙන තොරතුරු වලට එම ආයතන වගකියනු ලබනවා. නමුත් මුහුණුපොත හරහා ඔබට ලැබෙන තොරතුරු වල වගකීම FACEBOOK ආයතනය භාරගන්නේ නෑ. මොකද FACEBOOK ආයතනය ඔබට කිසිවිටකත් තොරතුරු සපයන්නේ නෑ. ඔවුන් තොරතුරු සඳහා වු එක් වේදිකාවක් පමණයි. ඉතිං ඕන කෙනෙක්ට FACEBOOK ආයතනයේ නීති රෙගුලාසි වලට යටත්ව තොරතුරු පළකරන්න පුළුවන්.

අසභ්‍ය දර්ශන, ළමා හිංසන, වෛරි ප්‍රකාශන ආදීය FACEBOOK ආයතනය හරහා අවහිරකර දැමුවත් ඒවාට ආදාල නොවන වැරදි තොරතුරු අවහිර කිරිමේ ඉක්මන් හැකියාවක් එම සමාගමට නෑ. කවුරුන් හෝ වැරදි තොරතුරු පිළිබඳ පැමිණිල්ලක් සිදු කලහොත් ඒවාට ක්‍රියාත්මක වීමට FACEBOOK ආයතනයට හැකියාව තිබෙනවා.

 

CMN 3

 

ඉතිං එවැනි තත්වයකට යටත් නොවන බොහෝ තොරතුරු FACEBOOK තුළ සැරිසරනවා. මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරිමේදී ඒවා සිදුකරන්නේ හිතාමතාමයි. බොහොමයක් තොරතුරු මුදල්ගෙවා ප්‍රචාරය කරනු ලබන ඒවා.

ඒ කියන්නේ FACEBOOK PAGE වල ඇඩ්මින්වරු කිසියම් පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගල කණ්ඩායමකින් මුදල් ගෙන සිදුකරනු ලබන දෙවල්.

මෙහිදි මෙම කණ්ඩායම් වැඩිපුරම භාවිතයට ගන්නේ ඔබගෙ සංවේදීභාවයයි. පහත සඳහන් අසත්‍ය පුවතද නිර්මාණය වන්නේ ඒ සංවේදීභාවයට ආමන්ත්‍රණය කරමින්..

ගුරු විරෝධය හරහා රටේ කොරෝනා පොකුරුක් බිහිවන බව දැන් සමාජගත කර අවසන්.. ඒ සමාජගත කිරීම සිදුකලේ දේශපාලනික අරමුණකින් බව බොහෝ දෙනාට අවබෝධ වන්නේ නැහැ. සරලවම ගතහොත් කොවිඩ් වසංගතය යටතේ සංචරණ සීමා දැඩිකර හෝ රට වසා තිබුණේ නම් ගුරු විරෝධතාවකට ඉඩ කඩ ලැබෙන්නේ නෑ. ඉතිං රටේ සියල්ල සමාන්‍යකරණය කර ගුරු විරෝධතා පමණක් කොවිඩ් පැතිරීමට හේතුව ලෙස දැක්වීම සාධාරණ නැහැ.

ඇත්ත කුමක් වුවත් මේ වන විට බොහෝ දෙනෙක්ට ගුරුවරු කෙරෙහි වෛරයක් ඇති කිරිමට සංවිධානාත්මකව දරණ උත්සහය දකින්න පුළුවන්. පහත පුවතත් ගුරුවරුන් අපහසයට ලක්කිරීමට එම කණ්ඩායම් යොදාගත්තා.

 

 

CMN 2

 

දැන් ඔබ මේ පුවත දුටු විට එය සත්‍ය පුවතක් යැයි සිතා කටයුතු කලේ නම් ඔබේ විචාරශීලීත්වය ඉතා අවම මට්ටමක පවතින බව ප්‍රථමයෙන් අවබෝධකර ගත යුතුයි.

ඔබ මෙය අසත්‍යය පුවතක් බව දැන දැනම share කරනු ලැබුවේ නම් ඔබේ දේශපාලනික වහල් බව දැන ගැනිමට එය හොඳම මිනුම් දණ්ඩක්..

එක් දේශපාලන පක්ෂයක සාමාජිකයින් පමණක් නොව අසත්‍ය තොරතුරු සමාජගත කිරීම බොහෝ දේශපාලන පක්ෂ වල පිරිස් සිදුකරනු ලබනවා. උදාහරණයක් ලෙස සයිටම් ආයතනයට එරෙහිව පැවති විරෝධතා වලදී වෛද්‍යවරුන්ට ද අද ගුරුවරුන්ට සිදුවන අපහසයම සිදු වුනා.

තොරතුරු කියන්නේ බලයක්.. ආණ්ඩු පෙරලීමට තරම් වු බලයක්.. ඉතිං අසත්‍ය තොරතුරු වපුරන කිසිදු කණ්ඩායමක ගොදුරක් නොවන්න.. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු කොන්දෙසියක් අදාල කර නොගන්න..

 

සෑම විටම ඔබ පෙනී සිටිය යුත්තේ දේශපාලනඥයින් වෙනුවෙන් නොව දේශපාලනඥයින්ගෙ තලාපෙලීමට , පීඩාවට පත්වු මිනිසුන් වෙනුවෙන් බව විශ්වාසකරන්න..

ඔබේ මනුෂ්‍යත්වය, බුද්ධිය අවධියෙන් නම් ඔබ කිසිවෙකුගෙ ගොදුරක් නොවනු ඇත..

 

@ ceylonmedianetwork.com

     

නවතම ලිපි