SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ග්‍රීක -රෝම මල්ලව පොර ඔලිම්පික් රන් පදක්කම් 4 ක් සහ ලෝක ශූරතා පහක් දිනාගැනීමෙන් පසු

කියුබානු මිජේයින් ලොපෙස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සටන් කරුවා ලෙස සැලකේ.

ග්‍රීක-රෝම මල්ලව පොර ක්‍රමය තුළ පිට පිට ඔලිම්පික් උළෙල 4 කදී රන් පදක්කම් 4 ක් දිනාගත් පළමු ක්‍රීඩකයා ඉජාන් ලෝපෙස් වන අතර ලෝක ශූරතා පහක් අතැති හේ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පදක්කම් ලාභියා ලෙස සැලකේ.

 

කියුබාවේ මිජේයින් 4

 

38 හැවිරිදි කියුබානු ක්‍රීඩකයා 2004 දී ඇතන්ස්හි පැවති ඔලිම්පික් උළෙලකදී පළමු වරට තරඟ කළ අතර එහිදී ඔහුට සිව්වන ස්ථානය හිමි විය.

2016 දී රියෝහිදී මෙන්ම දැන් ටෝකියෝවේදීත් “පරාජය කළ නොහැකි” යැයි සැලකෙන මේ මිනිසාට එරෙහිව ඔහුගේ විරුද්ධවාදීන්ට කිලෝග්‍රෑම් 130 කාණ්ඩයේ දී ලකුණු ලබා ගැනීමටවත් නොහැකිව ඉවතට විසිවූ බව කියවේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී,

“මෙම පදක්කම මම ගෙදර ගෙන එන බව හෙරාදුරාවේ ජනතාව මෙන්ම කියුබාවේ ජනතාවද දැන සිටිය යුතුය, එයින්, අප ඔබට පෙන්වන්නේ කිසිවකින් හෝ අප පරාජය නොවන බවය. මම අපගේ විප්ලවීය චතුරශ්‍රයෙන් පිටව යන විට පොරොන්දු වූ දෙයින් මම මගේ වෘත්තිය ඉටු කර ඇත "

යනුවෙන් ලෝපෙස් ප්‍රකාශ කළේය.

 

කියුබාවේ මිජේයින් 3

 

 

මේ අපරාජිත සටන්කාමියා සිය ටෝකියෝ රන් පදක්කම වෙනිසියුලාවේ චාවේස්ගේ උපන්දිනය වෙනුවෙන් කැප කෙරිණි.

"ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සටන්කරුවා" ලෙස සැලකෙන මිජේයින්

කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ උරුමයට ගෞරව කළේය.

"කියුබාවේ ක්‍රීඩාව ගැන සැලකිලිමත් වූ සහ අපරාජිත වූ අපේ අණ දෙන නිලධාරියාට මෙම ප්‍රතිඵලය ලැබිය යුතු යැයි මම විශ්වාස කරන අතර අපේ විප්ලවය සිදු කළ උත්සාහයට ඔහුට ස්තූතිවන්ත විය යුතුයි," රන් පදක්කම අතැතිව හේ තව දුරටත් ප්‍රකාශ කලේය.

ඔහුව සටනේ පූජාසනය වෙත ඔසවා තැබූ අවසන් සටනට පෙර ලොපේස් තම මවගෙන් උපදෙස් ඉල්ලා සිටියේය.

"මම ඔහුට කිව්වා, ප්‍රතිවාදියාව පැන්සලක් වගේ කඩපන් පුතේ කියලා, ඇත්තෙන්ම ඔහු කළේ එයයි,” නීස් අපරාජිතයාගේ මව මාධ්‍යට පවසා තිබිනි.

 

කියුබාවේ මිජේයින් 1

 

කියුබාවේ පිනාර් ඩෙල් රියෝ හි උපන් මිජේයින් ලොපෙස් කුඩා අවධියේදී බර ඉසිලීම ආරම්භ කළ අතර ඔහුගේ දෙමාපියන්ට , එළවළු සහ කෝපි පෙට්ටි රැගෙන යාමට උදව් කළේය. වයස අවුරුදු 10 දී ඔහු මල්ලවපොර ක්‍රීඩාව ආරම්භ කල අතර අතර, වයස අවුරුදු 17 දී, කියුබානු ජාතික කණ්ඩායම ඔහුව කැඳවීය, තවත් වසර පහකට පසු ඔහු ඇතන්ස් ඔලිම්පික් උළෙලට සිය රට නියෝජනය කළේය.

"ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මගේ සිව්වන රන් පදක්කම දිනා ගැනීම හැර වෙනත් කිසිවක් ගැන මම සිතුවේ නැත, එය මගේ අවසාන ඉලක්කයයි" ලෝපෙස් පැවසීය.

"මට දිගු විවේකයක් ගැනීමට අවශ්‍යයි. එහෙයින් මම තරුණයන්ට ඉඩ දී මෙම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමි. 38 හැවිරිදි අපරාජිතයා පැවසූ අතර, එසේ වුවත් අනාගතයේදී, මගේ රටේ සියලුම තරුණ තරුණියන්ට උදව් කිරීමටත්, ක්‍රීඩාවෙන් මම ඉගෙන ගත් අත්දැකීම් සහ දැනුම ඔවුන්ට ලබා දීමටත් මට අවශ්‍යයි." යනුවෙන්ද පැවසුවේය.

@ උපාලි ජයසිංහ

 

නවතම ලිපි