SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජපානයේ නගෝයා හිදී සංක්‍රමණික නීති උල්ලංඝණය යටතේ රැඳවුම් බන්ධනාගාර ගතව සිට අකාලයේ මියගිය

ශ්‍රී ලාංකික තරුණියක් වූ රත්නායක ලියනගේ විශ්මා සඳමාලි (Ratnayake Liyanage Wishma Sandamali) වෙනුවෙන් ජපන් ආගමන සහ විගමන සේවා ඒජන්සිය ඇයගේ ඥාතීන් ගෙන් (අගෝස්තු 10) සමාව ඉල්ලා තිබෙනවා.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට සංක්‍රමණය වූ සඳමාලි තරුණිය මෙම නගෝයා රැඳවුම් භාරයේ සිටියදී මියගියේ පසුගිය මාර්තු 31 වැනිදා. අධ්‍යාපන විසා යටතේ 2021 වසරේ ජපානයට පැමිණි ඇය ලබාදුන් වීසා කාලයට වඩා ජපානය තුළ රැඳී සිටීම හේතුවෙන් (overstay) ඇය මෙම රැඳවුම් භාරයට පත්ව තිබුණා.

ජපන් ටයිම්ස් පුවත් පත වාර්තා කරන පරිදි මේ සිද්ධිය සම්බන්දව ජපන් ආගමන සහ විගමන ආයතනය පත්කරන ලද කමිටු වාර්තාව අද එළි දක්වා ඇති අතර එම වාර්තාව මඟින් ඒ අවස්ථාවේ එම රැඳවුම් භාරයේ සිටි නිලධාරීන්ට තදින් තරවටු කර තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉහත තරුණිය කරන ලද ඉල්ලීම් ඉහල බලධාරීන්ට ලැබෙන්නට නොසැලැස්වීම මෙහිදී වාර්තාවේ මූලික අවධානයට පාත්‍රව තිබෙනවා.

මෙම සිද්දිය සම්බන්ධයෙන් ජපන් අධිකරණ ඇමති යෝකෝ කමිකාවා (Yoko Kamikawa) සඳමාලි ගේ ඥාතීන් ගෙන් සමාව ඉල්ලා සිටි අතර නැවත මෙවන් සිදුවීම් සිදු නොවීමට වග බලා ගන්නා බවද පවසා තිබෙනවා.

නාදුනන රටක සිර මැදිරියක් තුල ඇය කොතරම් අසරණව හුදකලාව සහ කාංසාව ට පත්ව සිටින්නට ඇත්ද යන්න පිළිබඳව තමාට සිතාගත හැකි බව පැවසු අධිකරණ අමාත්‍යවරයා ඒ ගැන තමන් මහත් සේ කම්පාවට පත් වන බවද සඳහන් කර සිටිනවා.

ජපන් ආගමන සහ විගමන කටයුතු පිලිබඳ ඒජන්සියේ ප්‍රධානියා වන සෝකෝ සසාකි (Shoko Sasaki) පවසා සිටියේ නගෝයා පර්යන්තයේ නිලධාරීන් මීට වඩා ඉවසීමෙන් සහ වගකීම් සහිතව කටයුතු කල යුතුව තිබූ බවයි. ඒ වගේම එම අවස්ථාවේ සේවයේ නියතු නිලධාරීන්ට දැඩි දඬුවම් පමුණුවණ බවට ඔහු කියා සිටියා.

මේ සියලු කරනු සලකා බලා ජපන් රැඳවුම් පර්යන්ත (detention facilities) වල තත්වය වහාම ප්‍රතිසංස්කරණය කල යුතු බවටද මෙම වාර්තාව යෝජනා කර තිබෙනවා.

උදරයේ අබාධයක් ගැන ඇය පැමිණිලි කර තිබුණද එම අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇත්තේ තාවකාලික පදනමෙන් එතැනට පැමිණෙන වෛදවරයෙකි (part time doctor). එයද සතියට දෙවරකි. විශ්මා සඳමාලි දිගින් දිගට ඇයගේ උදරයේ අබාධය ගැන කියා සිටියත් එම නිලධාරීන් ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ඇයට වෛද්‍ය ආධාර අනවශ්‍ය බවයි.

එම නිලධාරීන් සැකකර ඇත්තේ විශ්මා රැඳවුම් භාරයෙන් එළියට යාම සඳහා උපක්‍රමයක් ලෙස සෞඛ්‍ය හේතුන් දක්වමින් ඇති බවටයි. රැඳවුම් භාරයට පෙර විශ්මා ශ්‍රී ලාංකික පෙම්වතෙක් යැයි සැළකෙන තරුණයෙක් වෙතින් පහර කෑමට සහ ප්‍රචණ්ඩත්වය හසුව තිබීම ගැන වන සැකය සම්බන්දයෙන් ද ජපන් රැඳවුම් නිලධාරින් අභ්‍යන්තර කටයුතු යටතේ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතිවීම ගැනද මෙම වාර්තාවේ කරුණු සඳහන් වනවා.

මෙවන් සිදුවීම් වාර්තා කිරීම සඳහා නව තොරතුරු කවුළුවක් ආරම්භ කිරීමටද, සංක්‍රමණික රැඳිවියන් සඳහා නව මෙහෙයුම් උපමාන වැඩපිළිවෙලක් (operational guidelines) ක්‍රියාත්මක කිරීමටද ජපන් ආගමන සහ විගමණ ඒජන්සිය බලාපොරොත්තු වනවා.

එසේම ජපන් ආගමන සහ විගමණ බලධාරීන් විශ්මාගේ ඥාතීන්ට එම පර්යන්තයේ මේ සිද්ධියට අදාළව පටිගතව ඇති වීඩියෝ පට ලබා දීමටත් එකඟ වී තිබෙනවා.

@ මහේෂ් හපුගොඩ

 

The Japan Times අගෝස්තු 10

මුල් පුවත සඳහා

https://www.japantimes.co.jp/.../sri-lanka-woman-probe/

Image @ The Japan Times

නවතම ලිපි