SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිව්යෝක් ප්‍රාන්තයේ දශකයකට ආසන්න කාලයක් සිය ආණ්ඩුකාර ධුරය හෙබ වූ ඇන්දෘ කුමෝ සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.

ඒ ස්ත්‍රීන්ට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් පසු ගිය මාස කිහිපය පුරා ඔහුට ඉල්ලා අස් වන ලෙස සිය ජනතාව විසින් කල උද්ඝෝෂණ වලට ප්‍රතිචාරයක් ලෙසය. නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය යනු ලංකාවේ ආණ්ඩුකාර ධුරය මෙන් නොව ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද ඉතා විශාල බලයක් සහිත ධුරයකි.

ඔහුට පළමු චෝදනාව එල්ල කලේ ලින්ඩ්සේ බෝයිලන්ය. ඒ පසු ගිය අප්‍රේල් මාසයේය. ඇයට ඒ සම්බන්ධයෙන් සිය තනතුරෙහි බලය යොදා උපරිම ලෙස විවේචනයක් එල්ල කරමින් ඇයගේ චරිතය නැත්තට නැති කර දැමීමට කුමෝ කටයුතු කළේය.

 

ගීතිකා 3

එහෙත් ඉන්පසුව ඔහුගේ කාර්යාලයේ සේවය කල තවත් ස්ත්‍රීන් එකොළහක් පමණ තමන්ටද එසේ හිරිහැර කල බවට සාක්ෂි ලබා දුනි. නීතිපති විසින් පත් කළ කමිටුවක් මගින් ඒ පිලිබඳ සොයා බලු විට එම හිරිහැරවල දිග පළල පසක් විය. ඒවා ඔහු විසින් කල “ස්ත්‍රී දුෂණයන්” නොවෙයි. අනවශ්‍ය අතපත ගෑම, අනවශ්‍ය කතා කීම හා ප්‍රශ්න ඇසීම ( උදා: වයසක කෙනෙක් සමග නිදාගෙන තියෙනවද?), සිඹීම, බදා ගැනීම ඒවා අතර විය.

සති දෙකකට පමණ පෙර එම කමිටුවේ තොරතුරු සලකා බැලු ඇමෙරිකානු ජනාධිපති බයිඩන් ඔහුට ඉල්ලා අස්වන ලෙස පැවසීය. කුමෝ ඉල්ලා අස් වී තිබෙයි. එසේ නොවුනේ නම් ඔහු වෙනුවෙන් දෝෂාභියෝගයක් කැඳවීමට කටයුතු යොදා තිබුණි.

මෙහිදී සලකා බැලිය යුතු කරුණ වන්නේ ඔහු ඉල්ලා අස් වන විට පැවසූ දැය. “මගේ ලෝකයට අනුව මම කිසිම කෙනෙකු සමග සීමාවේ ඉර පැනලා නැහැ. නමුත් මම දැනන් හිටියේ නැහැ මේ සීමාවේ ප්‍රමාණය පිලිබඳ ඉර නැවතත් ඇඳ තිබෙන බව. පරම්පරා සහ සංස්කෘතික වෙනස්කම් සිදුව තිබෙයි. මට ඒවා පිලිබඳ ප්‍රසාදයක් නැත.”

 

ගීතිකා 1

 

භාෂාවට කලින් කිසිවක් ඇත්තේ නැත. වරෙක නිර්මාල් දේවසිරි විසින් පෙන්වා දුන් පරිදි එය හරියට දෙමළාගේ ගෙවල් කඩන විට, ගිනිබත් කරන විට, පහර දෙන විට, මරා දමන විට තමන්ට කිසිඳු අගතියක් සිදු නොවේ යැයි සිතු සිංහලයාගේ සමාජ ලෝකය මෙනි.

එය බලයේ මහිමයයි. හිංසාවන් සිදු කරන්නේ වෙනත් කිසිවක් නිසා නොව එය කල හැකි නිසාවෙනි. ඒ නිසා මේ ‘හරි-වැරැද්ද’ පිළිබඳ සීමා ඉරි නිරන්තරයෙන් අඳින භාෂා ලෝකයක් අපිට අවශ්‍යය. අරගල හා කතිකාවල ඇති වැදගත්කම එයයි.

විශාල ස්ත්‍රීන් ප්‍රමාණයකට, ළමුන් ප්‍රමාණයකට ලංකාවේ දේශපාලකයින්, ආණ්ඩුකාරවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍යය බලය හොබවන්නේ නැති දේශපාලන නායකයින්, ලියන කියන පිරිස් විසින් මෙලෙස නොමනා ලිංගික අඩන්තේට්ටම් කොට ඇත. එහෙත් ඒවා පිලිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට බොහෝ ස්ත්‍රීන් හා ළමුන් අකමැතිය. මන්ද ඔවුන් ආරක්ෂා කොට ගනී වී යැයි අප සමාජය තවමත් සහතිකයක් නොදෙන බැවිනි.

 

ගීතිකා 2

 

උදාහරණයක් ලෙස පසු ගිය කාලයේ අප විසින් කතා බහට ගැනුණු වන්ගීස සුමනසේකර විසින් අප දන්නා නම් කල හැකි ස්ත්‍රීන් 12 දෙනෙකුගෙන් ඔවුනගේ පස්ස බැලීමට හැකිදැයි අසා ඇත. (කූමො මෙන්ම මෙලෙස අසා ඇත්තේ තමන් නොදන්නා හෝ තමන් සිය අදහස් දක්වන තැන් වලට පැමිණි ස්ත්‍රීන්ගෙනි). එහෙත් ඒ සමබන්ධයෙන් ඔහුව වග කිරීමට කිසිවක්ම සිදු කර ගැනීමට අපට නොහැකි විය. ඊට වඩාත්ම බල පෑවේ මෙම සීමා ඉරි සම්බන්ධයෙන් පවතින කතිකාවේ නොපොහොසත්කම නිසාය.

ඒ නිසාවෙන් “කුමොගේ ඉල්ලා අස් වීම” අපි සතුටින් භාර ගන්නෙමු. ඒ කිසිවක් නිසා නොව මේ සීමා ඉරි අලුතින් ඇඳ ඇති බවත් ඒවා පිලිබඳ දැනුවත්ව සිටිය යුතු බවත් ඔහු විසින් අපට මතක් කොට දෙන බැවිනි. මේ අරගල මග හැර ඔහුට යා හැකි දුර අවම බව අපිට කියා දෙන බැවිනි.

 

@ ගීතිකා ධර්මසිංහ

නවතම ලිපි