SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පරිසර දූෂණය ගැන නොතකා මූණු ආවරණ පුලුස්සන්නැයි පරිසරවේදිනිය කියයි.

කොවිඩ් 19 වසංගතයෙන් බේරීම සඳහා භාවිතා කරනු ලබන මුහුණු ආවරණ නිසා කොවිඩ් වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවයි.

පෞද්ගලිකව මෙන්ම රෝහල්වල භාවිතා කරනු ලබන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදා හැරීම නිසා කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බව ඇය පවසයි.

Turning Face Masks into Biofuel - What to Do with Old Face Masks

 

face 1

නිවාස වලින් ඉවත දමන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළට යටතේ රැගෙන යන අතර එම නිසා අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයින් ද කොවිඩ් වෛරසයට ගොදුරු වන බව ඇය සඳහන් කරයි.

පාවිච්චි කරන ලද මුහුණු ආවරණ ඉවත දැමීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේද තුනක් පිළිබඳව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කර තිබේ.ඒවා නම්,

1. මුහුණු ආවරණ පුළුස්සා දැමීම.

2. ඉවත දැමීමට පෙර විෂබීජ නාශකයකින් පිරිසුදු කිරීම.

3. ඉවත දැමීමට පෙර උණුසුම් ජලයෙන් තැම්බීම.

මේවා අතරින් වඩාත් යහපත් ක්‍රමවේදය වන්නේ පාවිච්චි කර ඉවත ලන මුහුණු ආවරණ පුළුස්සා දැමීම වන අතර මුහුණු ආවරණ පුළුස්සා දැමීමෙන් යම් ආකාරයකින් පරිසර දූෂණයක් විය හැකි නමුත් වෛරසය ව්‍යාප්තවීම එමගින් පාලනය වන බව

ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

@ සුදේෂ් කරුණාතිලක

නවතම ලිපි