SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා අශ්වරෝහක තරගයක යෙදී සිටි ජර්මානු අශ්වපදින්නියක් වු Annika Schleu

ඇගේ අශ්වයාට පහර දීම මෙයට නිමිත්ත විය. ඇය පමණක් නොව ඇගේ පුහුනුකරුවූ කිම් රයිස්නර්වද ඔලිම්පික් උළෙලෙන් නෙරපා හරිනලදී.

පසුගිය සිකුරාදා පැවති කාන්තා අශ්වාරෝහක තරඟයේදී ජර්මානු අසරුවාගේ අශ්වයා වන ශාන්ත බෝයි (Saint Boy), දැඩි අසීරුතාවට පත් වූ අතර අශ්වයා පැනීමට නියමිත කඩුල්ල පැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ අසල නැවතුනේය. ෂ්ලියු කොතරම් කෑ ගැසුවද සත්වයා ඇගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය පළමුව තම අතින් වැරෙන් පහර දෙන විට ඇගේ පුහුණුකරු කිම් රයිස්නර් ‘‘ වැරෙන් පහරදෙන්න ! වැරෙන් පහරදෙන්න ! යනුවෙන් පවසන හඩ සජීවී විකාශනවල සටහන්ව තිබිනි. අනතුරුව ෂ්ලියු අහිංසක සතාට තම කසයෙන් වැරෙන් පහර දුන්නාය. ඒ අතරම කිසිවක් කරකියාගත නොහැකිව කසයත් අතැතිව පිටිය මැද ඇය ඇඩුවාය.

 

horse 2

 

The modern pentathlon අශ්වාරෝහක තරගවලදී අශ්වයන් කඩුලු පැනීම, පිහිනුම්, පිටිය හරහා දිවීම සහ ලේසර් පිස්තෝලවලින් වෙඩි තැබීම යන ක්‍රීඩාවන් ඇතුළත් නවීන පෙන්ටැට්ලන් තරඟයට පෙර තරඟකරුවන්ට ඔවුන් විසින් පුහුණුව ලබා නොදෙන අශ්වයන් භාවිතා කරන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාමාන්‍යයෙන් අශ්වයින් හමුවී පළමු වරට සම්බන්ධ වේ. තරඟයට ටික වේලාවකට පෙර ෂ්ලියු ධාවනය කල අශ්වයාව ධාවනයට නියමිතව සිටියේ රුසියානු අශ්වරෝහකයෙකි. එහෙත් සත්වයා රුසියානුවාව ප්‍රතික්ෂේප කර තිබිනි.

පහර දීමෙන් පසුව ඔලිම්පික් කමිටුව ඇයට කළු කාඩ්පතක් නිකුත් කළ අතර එමඟින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉතිරි තරග සඳහා ඇයව නුසුදුස්සෙකු බවට පත්කරන ලදී.

 

horse 3

 

ෂ්ලියූ එයට ප්‍රතිචාරය දැක්වූයේ ,

“මෙතරම් නිෂේධාත්මක වෛරයක් බලාපොරොත්තු නොවූ”

බව කියමිනි.

මෙන්ම ඇයට සහ ඇගේ පුහුණුකරුට එරෙහිව සතුන්ට හිංසා කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ජර්මානු සත්ව සුභසාධන සංගමය සිකුරාදා පැවසීය. ඇනිකා ෂ්ලියු සහ ජර්මානු පුහුණුකරු කිම් රයිස්නර්ට "සතුන්ට හිංසා කිරීම" සහ "සතුන්ට හිංසනයට ආධාර කිරීම" යන චෝදනා එල්ල වී ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කලකිරීමට පත්ව කඳුළු සලන ෂ්ලෙයූ, නැවත නැවතත් අශ්වයාගේ පිට මතට සිය කසය භාවිතා කළ අතර රයිස්නර්ට සජීවී විකාශනය අතරතුර "එයට පහර දෙන ලෙස" දිරිමත් කළ බව වීඩියෝව ඊට සාක්ෂිලෙස සත්ව සංවිධානය යොදා ගනී.

 

horse 5

 

ඇත්තෙන්ම ඔලිම්පික් රන් පදක්කම හඹායන ක්‍රීඩකයෙක් ඒ මොහොතේ දැඩි මානසික ආතතියකට ලක්ව සිටිය හැකි නමුත් සතුන්ට හිංසා කිරීම සඳහා එය නිදහසට කරුණක් නොවේ" යනුවෙන් එම සංගමයේ සභාපති තෝමස් ෂ්රොඩර් පැවසීය.

ජර්මානු දිනපතා පුවත්පතක් වන ඩයි සෙයිට් වෙත ෂ්ලූ අවධාරණය කළේ තමා අශ්වයාට “දැඩි ලෙස” සැලකුවේ නැති බවයි. එහෙත් සත්වයාට වඩා මෘදු ලෙස සැලකීමට ඇයට ඉඩතිබුණු බව ඇය පිලිගත්තාය.

 

@ උපාලි ජයසිංහ

නවතම ලිපි