SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

''මේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගමු' යයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව ඇය කියා සිටියි.

ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදීය.

එහිදී අමාත්‍යවරියසඳහන් කළේ සෑම දේයක්ම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට කටයුතු කරන බවයි.

ඇය තවදුරටත් මෙසේද පැවසුවාය. 

මම හිතුවේ නෑ එකපාරට මේ වෙනස වෙයි කියලා. මම ඒත් යන්න ඉස්සෙල්ලා ඩොක්ට ට කිව්වා..මිනිස්ට්‍රි ෂෆල් එකකට ද දන්නෑ කියලා. ඒ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා.  

මම එනකොට අමාත්‍යාංශයට..ඔබතුමන්ලා.. අනේ මේ ගෑණි චුතවෙලා ගියානම් කියලා..කවුරුවත් හිතුව කියලා මම විශ්වාස කරන්නේ නෑ.

ඒත් අන්එක්ස්පැක්ටඩ් මොහොතක..

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබුණා.

මං එතන්ට යනකම්ම මම ඇත්තටම දැනන් හිටියෙත් නෑ.. මේ මාරුවීම සිද්ධවෙනවා කියලා.

කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් භාරගන්න ඕනේ.

අටුවා කතාවක තියෙනවා..

රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට..

රජ්ජුරුවො දුන්නෙන් විද්දලු මුවෙකුට.

කවදාවත් එහෙම ඉලක්කෙ වරදින් නෑ..වැරදුණාම පුරෝහිතයගෙන් ඇහුව ලු..

ඇයි මට මෙහෙම වුණේ කියලා. 

ස්වාමීනි, වෙන්නේ හොඳට කියලා කිව්වලු.

තව ටිකක් කල් යනකොට..

රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා පුරුකක් වෙන් වුණා ලු..

ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවාම.

ස්වාමීනි, ඕක කැපුනෙත් හොඳට කියලා කිව්වා ලු.

ඉතින් ඒ ගමන රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර..

අර පුරෝහිතයව වළට දාලා..

රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනික් පැත්තට ගියාලු.

ගියාම අහුවුණා ලු ගෝත්‍රික කණ්ඩායමකට.

ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටිය ලු.. මනුස්සයෙක් ව.

අරගෙන ගිහිල්ලා රජ්ජුරුවොව හොඳට නාවලා..

බිලි පූජාවට ගෙනිච්චා ලු.

බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ..

මෙයාගෙ ඇඟිල්ලේ කෑල්ලක් නෑ...මෙයාව අතහැරිය ලු.

ඒ ගමන රජ්ජුරුවෝ කල්පනා කළා ලු.

මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ. 

මේ වෙන්නේ හොඳට කියලා කිව්වා නේ..

මම පුරෝහිතයා වළට දාපු එක අපරාදෙ..

මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දා නේ කියලා..

රජ්ජුරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයව ගොඩ අරගෙන කිව්වාලු..

සමාවෙන්න මට. 

පුරෝහිතයා කිව්වා ලු.. 

රජතුමනි..මාව වළට දාපු එකත්..ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.

මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා.   

ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු..

වෙන කරන්න දෙයක් නෑ.

දුකක් තියෙනවා ඇමතිතුමා..

අලුත් ඇමතිතුමාටත් සහයෝගය ලබාදෙන්න.

මම තවමත් කියන්නේ තව සති 4ක වගේ කාලයක් අපිට තියෙන්නේ.

දැනට 54%කට අපි වැක්සිනේෂන් එක දීලා තියෙන්නේ.

තව සති 4කින් අපිට මේ රට බේරගන්න පුළුවන්.

 

 

කොරෝනා මර්ධනය දෙවියන්ට ම බාරයි 

කෙසේ පවිත්‍රා වන්නිආරච්චි ඉවත්කර සෞඛ්‍ය අමාත්‍යංශය බාරදී ඇත්තේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී කොරෝනා මර්ධනයේ "ඉදිරිය දෙවියන්ට බාර දිය යුතුයැ" යි පැවසු කෙහෙළිය රඹුක්වැල්ල වෙතයි.

 

 කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, "දෙවියන්ට කියන්නට පෙර අපේ යුතුකම් අපි හරියට කළ යුතු" බව ප්‍රකාශකර සිටියෝ ය.

"දෙවියන්ගේ ආශිර්වාද ගන්න නම්, දෙවියන්ට කියන්න නම්, අපි ඉස්සරවෙලා හැදෙන්න ඕනේ," උන්වහන්සේ පැවසූහ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුයේ, ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙකු "ඉදිරිය දෙවියන්ට බාර දිය යුතුයැ" යි ප්‍රකාශ කර ඇති අතර, මරණ සහ ආසාදිතයින් හමුවීම අතින් ශ්‍රී ලංකාව ලොව අංක එකට පත්වී ඇති අවස්ථාවක ආණ්ඩුව "අමනෝඥ සහ වගකීම් විරහිත ලෙස" හැසිරෙමින් සිටින බවය.

 

උපුටාගැනීම Theleader.lk

නවතම ලිපි