SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තලේබාන්ලට බයවෙලා ජනාධිපතිගේ ඉඳන් බොහෝ සාමාන්‍ය ඇෆ්ගන් මිනිසුන් පලා යනකොට මෙන්න

නිරායුධ ඇෆ්ගන් ගෑනු කීපදෙනෙක් තලේබාන්ලාට එරෙහිව විරෝධය පළ කරන්න ඉදිරියට ඇවිත් තියෙනවා. ඔවුන් කියන්නේ අපිට ඉගෙන ගන්න දෙන්න, වැඩ කරන්න දෙන්න, අපේ මූලික අයිතිවාසිකම් ලබා දෙන්න කියලයි. සන්දර්භයට සාපේක්ෂව ගත්තම, සමහර විට, මේ ගැහැණුන් වෙන්න පුළුවන් මේ මොහොතේ මේ ග්‍රහ ලෝකයේ සිටිනා වඩා ම නිර්භීත නිරායුධ සටන් කරුවන් කීප දෙනා. ඔවුන් විශේෂ ගැහැනුන් ‌නෙවෙයි අතිශය සාමාන්‍ය ගැහැණුන්. ඉගෙන ගැනීමට සහ වැඩ කිරීමට යම් අනුරාගයක් ඇති ගැහැණුන්.

සමාන්‍යයෙන් අනිකාගේ අයිතිවාසිකම් වලට තබා තමන්ගේම අයිතිවාසිකම් වලට පවා සටන් කරන්ඩ එන්නේ නැති බියගුළු උදාසීන ගැහැනුන් මිනිසුන් ගෙන් හැදුනු සමාජයකට මේ නිර්භීත ඇෆ්ගන් ගැහැණුගෙන් ඉගෙන ගන්න දේ බොහෝයි.

 

afgan 4

 

මේ වෙනකොට ලෝකේ පුරා නිව්ස් හෙඩින් මවල තියෙන මේක පොඩි සිද්ධියක් නෙවෙයි. තලෙයිබාන්ලාගෙන් මනව අයිතිවාසිකම් ඉල්ලා සිටින විශාල විරෝධයකට මෙය හොඳ ආරම්භයක් වන බවට කිසිම සැකයක් නැහැ. කොහොමහරි, මේ වෙනකොට තලේබාන්ලා ඉන්නේ තමන්ව පිටස්තර සමාජ පිළිගැනීමට ලක් කර ගන්නේ කොහොමද කියන උභතෝකෝටිකය මැදයි. එවැනි අවස්ථාවක ඔවුන්ට එරෙහි මේ පීඩනය අතිශයින්ම වැදගත්.

ලෝව කොයි කොනක හෝ වේවා, සාමාන්‍ය මනුෂ්‍යයාට අද මොනවා හෝ දෙයක් ලැබී ඇත්නම් ඒ සියල්ල සටන්, බලපෑම් සහ ඉල්ලීම්වල ප්‍රතිඵලයි. බොහෝවිට, එය කවුරු හෝ කොහෙන් හෝ ජීවිතය බල්ලාට දමා පටන් ගත යුතුයි!

අපි දන්නෑ මේ ගැහැණුන් කීප දෙනාගේ ඊළඟ ඉරණම මොකක් වේවිද කියලා. සමහරවිට ඔවුන් ද ඒක දන්නේ නෑ. නමුත්, "සටන නොමියෙන්නට නොව මිය යන තෙක් නිවහල්ව විසීමටයි"!

 

@ධනන්ජය කරුණාරත්න

නවතම ලිපි