SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වතුකරයේ දිළිඳු පවුල්වල උපත ලැබූ මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ලංකාව නියෝජනය කරද්දී,

එම වතුකරයේම දිළිඳු පවුලක උපන් ජූඩ් කුමාර් ඉෂාලිනී කොළඹ ගෙදරක මෙහෙකාර සේවයට ඇවිත් පිළිස්සී මිය යනවා.

 

මේ ඉරණම පිළිබඳ පුවත අපි විග්‍රහ කරන්නේ කෙසේද? ජූඩ් කුමාර් ඉෂාලිනීගේ සැබෑ ඝාතකයින් කවුද?

 

 

බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට වතුකරයේ අවශ්‍යතාවක් සඳහා  තමයි දකුණු ඉන්දියාවෙන් ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සිදුවූයේ ක්‍රි.ව. 19 වැනි සියවසේදී.

වතුකරයේ කුලී වැඩවලට අවශ්‍ය ශ්‍රමිකයන් ලංකාවෙන් ලබාගන්න නොහැකිවීම නිසාත් ඒ වෙද්දි  දකුණු ඉන්දියාවේ නිතර සාගත තත්ත්වයන් පැවතුනු නිසාත් වතු වගාවට අවශ්‍ය කුලීකරුවන් දකුණු ඉන්දියාවෙන් බහුල වශයෙන් සපයා ගන්නට පුළුවන් විය.

මිනිස්සු ණය බරින් සිටීම නිසාත් සාගත තත්ත්වය නිසාත් ඉන්දීය දෙමළ ශ්‍රමිකයන් ලංකාවට කාණ්ඩ වශයෙන් ගෙන ඒමට හැකිවුනා. ඔවුන් රැගෙන ආවේ කංකානම්වරුන් මාර්ගයෙනි.

ඔවුන්ව ඔරු හා බත්තල්වලින් උතුරු හා වයඹ වෙරළට ගෙන ආ අතර එය මහා දුෂ්කර ගමනක් විය.

කම්කරුවන්ට ඉන්දියානු වෙරළට එන්නත් බොහෝ දුරක් පයින් ගමන් කරන්නට සිදු වුන අතර ලංකාවේ වෙරළට ළඟා උනාට පස්සෙත් කඳුකරයට ළඟාවෙන්න සැතපුම් 150ක පමණ දුරක් පයින් ගමන් කරන්න සිදු විය.

බොහෝ වෙලාවට  මෙම දුෂ්කර ගමනේදී මැලේරියාවට ගොදුරු වූවන් මහමග මැරුණා. සමහර අසනීප කරුවන් මැරෙන්නට හැර මහමග දමා ගොස් තිබුනි. මරණයට පත් නොවී කඳුකරයට ළඟාවූවන්ගෙන් සමහරෙක් ද ඔවුන්ට ඔරොත්තු නොදෙන ශීතල කාලගුණය නිසා මරණයට පත්ව ඇත.

අන්න එහෙම වෙන්න තියෙන හැම ව්‍යසනයක්ම වෙලත් ඉතිරි වෙච්ච කොටසින් තමයි කඳුකරයෙ වතුවල අද ඉන්න ඉෂාලිනිලගෙ පරම්පරා බිහිවෙලා තියෙන්නෙ. ඇගේ ආදි මුතුන් මිත්න්ගෙ කතාව ඔහොමයි.

එතැන් සිට ඔවුන්ගේ ඉරණම තීන්දු කරන්නේ කවුද? කෙසේද?

සිරා ටෝක් අද හෙළිදරව්ව!

නවතම ලිපි