SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇෆ්ගන් හිටපු අමාත්‍යවරයා සයිඩ් අහමඩ් ෂා සදාත් මේ දිනවල ජර්මනියේ ජර්මානු සමාගමක් වන ලිව්‍රැන්ඩෝ හි

ආහාර බෙදා හැරීමේ වෘත්තිකයෙකු ලෙස වැඩ කරන ඡායාරූප පෙලක් අල්ජසීරාව ඉදිරිපත් කර තිබිණි.

එහි සත්‍යතාවය පිලිබදව ස්කයි නිවුස් විමසුවිට හිටපු ඇෆ්ඝන් අමාත්‍යවරයා එය ඇත්තක් බව ප්‍රකාශ කර ඇත.

 

afgan minister 4

 

සයිඩ් අහමඩ් යනු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදන හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ඇති ආරම්කෝ සහ සෞදි ටෙලිකොම් සමාගම සඳහා සෞදි අරාබිය ඇතුළු රටවල් 13 ක ද වැඩි ගණනක සන්නිවේදන ක්‍ෂේත්‍රයේ වසර 23 ක් සේවය කළ පුද්ගලයෙකි. හේ පසුව, 2005 සිට 2013 දක්වා ඇෆ්ගනිස්ථානයේ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ තාක්‍ෂණ උපදේශක ලෙසද 2016 සිට 2017 දක්වා ලන්ඩනයේ අරියානා ටෙලිකොම් හි ප්‍රධාන විධායක නිලධාරි වශයෙන්ද කටයුතු කර ඇත. එවන් සුදුසුකම් සහිත ඔහු 2018 දී ඇෆ්ගනිස්තාන් හිටපු නායකයා අෂ්රෆ් ඝානිගේ කැබිනට් මණ්ඩලයට සම්බන්ධ ව එහි සන්නිවේදන හා තාක්ෂනය භාර අමාත්‍යවරයා විය.

 

afgan minister 2

2018 දී අෂ්රෆ් ඝානිගේ කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වූ නමුත් ඔහු සමඟ පැවති මතභේද හේතුවෙන් 2020 දී සිය තනතුරෙන් ඉල්ලා අස්විය. පසුව ඔහු

ඒ වසරේම ඇෆ්ගනිස්ථානය හැර ජර්මනියට ගොස් තිබිනි.

අල් ජසීරාව ඔහුගේ ඡායාරූප ඉදිරිපත් කර තිබුනේ කවුරුන් හෝ විසින්

ට්විටර් වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූපයකි. එහිදී ඔහු පෙට්ටියක් පිටේ බැඳගෙන පා පැදියේ යමින් සිටිනු දක්නට ලැබුණි.

 

afgan minister 3

අපට ප්‍රශ්න තුනක් තිබේ.

පළමුවැන්න -  එතරම් සුදුසුකම් සහිත ඔහුට තවමත් ඔහුගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් ඇන්ජෙලා මර්කල්ගේ ජර්මන් රජය නුදුන්නේ ඇයි ?

දෙවැන්න -  පසුගාමී බොහෝ ආසියාතික රාජ්‍යවල ඇමතිවරු අත්‍යන්තයෙන්ම දූෂිතය. උන්ගේ බැංකු ගිනුම්වල දුර්වල රාජ්‍යයෙන් පිල්ලි ගැසූ ජනතා මුදල් කෝටි ගණන්ය. අහමඩ් සදාත් එහෙම ජනතා මුදල් කොල්ල කෑවේ නැත්තේ ඇයි?

තෙවැන්න -  අපේ හිටපු ඇමැතිවරයෙක් නම් මෙහෙම පිටේ බෑග් එකක් එල්ලගෙන පාන් බනිස් හෝ පීසා විකුණයිද? සහ එහෙම රස්සාවකට යන්න තරම් දුර්වල ආර්ථිකයක් සහිතව සිය අමාත්‍යධුරය අත්හරියිද ?

 

@ උපාලි ජයසිංහ

නවතම ලිපි