SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ජයග්‍රහණය ඉතාමත් විශිෂ්ට එකක්.

අපේ රටේ තියෙන අවුල්, බිඳවැටීම් මැද්දේ මෙහෙම ජයග්‍රහණයක් ලබාගැනීම සුළුපටු කාරණයක් නෙවෙයි. ඉතින් ජාතියක් විදිහට සතුටුවෙන්න, ආඩම්බරවෙන්න අවස්ථාවක් අපිට ලැබිලා.

ඒත් අදාළ තොරතුරු පුවරුවල දිනේෂ්ගේ නම සටහන් වුණේ අමුතු විදිහකට. එක පුවරුවක තිබුණේ HERATH MUDIYANS කියලා. රූපවාහිනී තිරයේ තිබුණේ D. HERATH MUDIYANSELAGE කියලා. මෙච්චර හපන්කමක් කරපු ඒ තරුණයාගේ නම DINESH HERATH කියලා සටහන් වුණා නම් කොච්චර හොඳ ද?

 

para 2

 

සිංහල අපේ නම් දිගයි. අපිට වාසගම් තියෙනවා. මෑතක ඉඳලා සර් නේම් තියෙනවා. පුද්ගල නම් දෙක තුනකුත් මැද්දේ තියෙනවා. ඉංග්‍රීසි අකුරෙන් ලියද්දී අපේ නම් තව දික්වෙනවා.

තරග සංවිධායකයන්ට විස්තර දෙන වෙලාවට වෙනත් සම්මතයක් යටතේ කටයුතු කරන්න අපේ ක්‍රීඩා පරිපාලකයන්ට පුළුවන් නම් මේ ප්‍රශ්නය විසඳගන්න බැරිකමක් නෑ.

 

Para 3

ක්‍රිකට් තරගවලට සහභාගි වෙන අපේ ක්‍රීඩකයන්ට නම් මේ ප්‍රශ්නය නෑ. එහෙම නොවුණා නම් චමින්ද වාස්ගේ නම (වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝශප් චමින්ද වාස්) වාර්තා වෙන්නේ WARNAKUSURIYA PATA කියලා.

ඉතින් අපේ ක්‍රීඩා පරිපාලකයෝ මේ ගැන සළකා බලනවා නම් හොඳයි.

 

@ ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

නවතම ලිපි