SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෝඩියම්, පොටෑසියම්, ෆොස්පරස්, නයිට්‍රජන් යනු වස විස නොවේ...මිනිස් සිරුරේ , රුධිරයේ තියන මුලද්‍රව්‍ය ය.

යුරියා කියන්නේ මිනිස් සිරුරේ හැම සෛලයක ම තියන රසායනයක්. මේ ටික අපි නම් 9-10 වසර වෙනකොට ඉගෙන ගත්තා.

ගසකින් පලදාව ලෙස ඉවත් කරන දේවල් පොහොර ලෙස දෙන්න ඕන කියලා ඉගෙන ගත්තේ නම් පොඩි කාලේ ගෙවතු වගා කරලා. තාත්තා මිදුලේ තිබ්බ ගස් වලට පොහොර දානවා බලාගෙන ඉදල..

OL විද්‍යාව ෆේල්, පොඩි කාලේ මුකුත් වවපු නැති සමහර මුත්තලා පොහොර වලට ‘වස - විස’ කියලා හිතාගෙන කාබනික ව වවන්න රටට ම බල කරනවා දැන්..

මේ කාබනික පොහොර ගේන්නේ චීනෙන්.

ඔන්න ඒවායේ මුල් නියැදියේ ම රටේ ම වගා වලට හානි කරන්න පුළුවන් ක්ෂුද්‍ර ජීවී අහු වෙලා...

 

organi 2

 

මම දකින ප්‍රධාන අවුල මේක නෙවෙයි..මේ ‘කාබනික පොහොර’ හදන්න බොහෝදුරට භාවිතා කරනවා සතුන්ගේ මල, මියගිය හා මසට ගෙන ඉවත් කරන ලද සත්ව කොටස්. ඌරන්ගේ, ගවයන්ගේ, එළුවන් ගේ, වවුලන් ගේ ...ආදී චීනේ කන ඕනා ම සතකුගේ ඉතිරි කොටස්. ඒවායේ සතුන්ගේ තිබ්බ විෂබිජ, වයිරස ඔක්කොම තියනවා. ගොවියා ගොවි බිමට මේ දහජරාව දාලා ඒකෙ වල් පැල ගලවන්න ඕනා, මැසි බදින්න ඕනා, අස්වැන්න නෙලන්න ඕනා...එහෙම කරන කොට අතගාන්න වෙන්නේ චිනේ සතුන්ගේ දිරපු මල කුණු..ඒ අහිංසක ගොවීන්ට මොනවා නොහැදෙයි ද ? ඔය ජරාව අස්සේ වැවෙන කැරට් , බීට් කන අපිට ?

චිනේ කියන්නේ කුරුළු උණ, ඌරු උණ ඉදලා කෝවිඩ් වෙනකල් ලෝකෙට ම කාලෙන් කාලෙට බෙදපු රටක්...ඒවා ඔක්කොම සතුන් ගෙන් ආව ආසාදන....

 

organi 1

 

කලකට පෙර කොරෝනා බෝවෙයි කියලා අපි කොරෝනා මිනි වත් වලලන්න දුන්නේ නැහැ. දැන් අපි චිනේ සතුන්ගේ දිරපු මළකුණු ඩොලර් දීලා ආනයනය කරනවා. කරලා අපේ ගොවියාට ඒවා දෙනවා අතගාන්න.

චීනෙන් ලෝකෙට ම බෙදපු කොරෝනා වගේ නෙවෙයි. අපිට ම කෙලින් ම මොකක් හරි ලෙඩ සෙට් එකක් ආවොත් ලෝකේ බලන්නෙත් නැහැ, චීනා බලන්නෙත් නැහැ.

 

Ladyleader.lk

නවතම ලිපි