විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් අත්‍යාවශ්‍යයි. පැලැස්තර හරි යන්නෙ නෑ.
ඩීසල් පුච්ච පුච්ච විදුලිය දෙන එක විසඳුම නෙමෙයි. පැයක් දෙකක් විදුලිය කැපුවට මේ රටේ මිනිස්සු බඩගින්නෙ මැරෙන්න නැහැ. හැබැයි එහෙම කරමින් ජනතාවට ඒත්තු යන දිගුකාලීන විසඳුමක් ආණ්ඩුව යෝජනා කළ යුතුයි.
2014 ඉඳල මෙරට එක අලුත් බලාගාරයක්වත් හැදිල නැහැ. දේශපාලන හේතු මත සාම්පූර් බලාගාරය අවලංගු කළ එකේ විපාක අපි අද විඳින්නෙ. පද්ධතියට අලුතින් මෙගාවොට් 350ක් එකතු කරන LNG බලාගාරයටත් අද විරුද්ධ වෙලා මොවුන් කරන්නෙ යන්නෙ කුමක්ද කියල ආණ්ඩුව තේරුම් ගන්න ඕන. සාම්පූර් එපා කියපු අය ගෙනාපු විකල්පය මොකක්ද ?
බලාගාර නිර්මාණය නොවුනත් ඒ මුළු කාලෙම විදුලි ඉල්ලුම එන්න එන්නම වැඩි වුනා. මහවැලිය කියන්නෙ කිසිම විස්වාසයක් තියන්න පුළුවන් විදුලි මූලාශ්‍රයක් නෙමෙයි. මාසයක් නොවැස්සොත් ජලාශ හිඳෙනවා. ඒ නිසා මුලින්ම ලංකාවට ඕන මධ්‍යකාලීන සැලැස්මක්. එහෙම නොවුනොත් අධික වියදම් සහිත තාපබලාගාරවල පිහිට පතන්න ම වෙනවා. මේව රටට දරන්න බැහැ. දැන් වෙලා තියෙන්නෙ ඒක. අපි රටක් විදියට අද පවතින්නෙ ම එදා දුරදිග බලල මහින්ද රාජපක්ෂ ගත්ත තීරණ නිසා. කෙරවලපිටිය හා නොරොච්චෝලෙ නැති වුනා නම් අද රටම අඳුරේ. එවැනි විසඳුමකට යාම අද අනිවාර්යක් වෙලා.
පරිසරය 100%ක් රකිමින් අපට ශිෂ්ඨාචාරයේ ගැටළුවලට විසඳුම් දෙන්න බැහැ. එහෙනම් අපි මේ ශිෂ්ඨාචාරය අතහැරල වනගත වෙන්න ඕන. ඒ නිසා මේ ගැන මැදිහත් ව හා යථාර්ථවාදීව හිතන චින්තනයක් අවශ්‍යයි.