මිනිසාගේ පළමුවැනි ස්වභාදහම වන ගර්භාෂයෙන් අප මිදුණු පසු ඇතුළු වන සොබාදහම, දෙවැනි සොබාදහමයි.
සොබාදහම මිනිස් පැවැත්ම එකිනෙක යා කිරීම ඓතිහාසික සෞන්දර්යවේදයක සිට දේශපාලනික භූ දර්ශනයක් දක්වා විතැන් වී තියෙනවා.
ගහක කොළයක් ගැලවී වැටෙන එකත් මිනිස් පැවැත්මට බලපාන බව ක්ෂුද්‍ර ඇත්තක්. නමුත් මේ ක්ෂුද්‍ර ඇත්ත සොබාදහමේ සිට මනුස්සයා දක්වා හදන රිද්මය මග හැරීමේ ඛේදවාචකයකට අප මුහුණ දෙමින් ඉන්නවා.
"සොබාදහමට එරෙහි සංස්කෘතිය"කියා අප ගොඩනඟා ගත් සංස්කෘතික ලෝකය තුළ අප ශිෂ්ට කර ඇතිද? මා මා සමඟ,මා අනෙකා සමඟ සහ මා පරිසරය සමඟ පවත්වන ගනුදෙනුව පද්ධතිමය සම්බන්ධයක් ලෙස දැකීමට Humanscape තුළින් උත්සාහ ගත්තා.
Humanscape " ලෙස නම් කරන මාගේ චිත්‍රාවලිය මේ ගනුදෙනුවේ දෘශ්‍ය සාක්ෂි ලෙස ඔබට ඉදිරිපත් කරමි. විටෙක විචිත්‍ර විටෙක කඨෝර විටෙක බියකරු විටෙක කාංසාමය වැනි බහුවිධ මොහොතවල් මේ භූමියේ දී විඳින්න ලැබෙන එක දේශපාලනිකයි.ගෝලීය යථාර්ථයක් ලෙස අපට අභිමුඛ වන මෙම සත්‍යය වෙනස් කිරීම ද කිරීමද දේශපාලනික ව්‍යාපෘතියකි.