SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සුවසහන නිකේතනවල පුනරුත්ථාපනලාභීන් නිසි ක්‍රමවේදයකට අනුව ස්ථානගත කිරීමට බව පවසමින් අත්තිඩිය මිහිඳු සෙත්මැදුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා සිටි පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කිරීම හා මාරු කිරීම අරඹා ඇත.

දැනගැනීමට ඇති පරිදි මිහඳු සෙත් මැදුරෙන් එසේ ඉවත් කළ රණවිරුවන් 15 දෙනෙක් වසර මුලම කුරුණෑගල අභිමංසල වෙත යොමු කර තිබේ. අදාළ රණවිරුවන්ගෙන් ඇතමෙක් මෙසේ මාරු කර හරින තුරුම මිහිඳු සෙත් මැඳුරේ අඛණ්ඩව ජීවිත්විය හැකියැයි සිතා, ඔවුන්ගේ මනස එම පරිසරයට හැඩගසා තිබී ඇත.

සදාකාලීක නවාතැන මෙයයැයි මිහිඳු සෙත් මැඳුර,අභිමංසල ඇතුළු පුනරුත්ථාපන හා සුව සහන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් යුද්ධය පැවැති කාලයේ මහජනතාව ට විශේෂ අවධානය යොමු කළේය, යුද්ධයෙන් වසර 13ක් ගතවන තැන ඒ සියල්ල කණපිට පෙරළී තිබේ.

යුද හමුදාවේ මෙම ස්ථානගත කිරීම නියමිත ක්‍රමවේදයකට අනුව සිදුවන බව පෙන්වා දී ඇතත් මෙම මාරු කිරීම් නිසා මෙම නිකේතන සමීපයේ සිටි නෑදෑ හිත මිත්‍රාදීන්ගේ ඇල්ම බැල්ම ද පූර්ණ ආබාධිත සෙබළුන්ට අහිමිව ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සොයා බලා යුද හමුදාපතිවරයාගෙන් කඩිනම් විසඳුමක් ඉදිරිපත්වනු ඇතැයි පූර්ණ ආබාධිත සෙබලු රැසක් විමසිල්ලෙන් පසුවෙති.

 

පූර්ණ ආබාධිත විශ්‍රාමික රණවිරු ආහාර දීමනාව

අභිමංසල, මිහිඳු සෙත් මැදුර හා රණවිරු සෙවන ඇතුළු සුවසහන මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අබාධිත රණවිරුවන් සඳහා ආහාර පාන ලබාදීම සඳහා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසු නිලයන්ට නේවාසිකව ප්‍රතිකාර ලබන දිනයන්හි දී පමණක් තුලවාසී සලාකයට ඇතුළත් කොට ආහාරපාන ලබාදීමට යුද හමුදාව තීරණය කර තිබේ.

අදාළ දැනුම් දීම අනුව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි ආහාරපාල ලබාදීමේ සලාක වටිනාකම වැටපුට හිමිගැන්වීම හා අමතර සලාක ලබාදීම කොන්දේසී කිහිපයකට අදාළ වන පරිදි අවලංගු කර තිබේ.

එ අනුව වෛද්‍ය හේතුන් මත සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම ගන්වා සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසුනිල වෙත නේවාසිකව ප්‍රතිකාරකරන දිනයන්හි දී ගෙවීමේ පදනම මත පමණක් ලබාදීමට තීරණය කර ඇත. මෙසේ ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් ඉල්ලුම් කළ යුතු වේ.

මෙම මධ්‍යස්ථානවල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් හා ළඟම ඥාතීන් වෙත ද අදාළ දැනුම් දීම අනුව අමු වියළි සලාක ඉල්ලුම් නොකිරීමට වගබලා ගන්නැයි දන්වා ඇත.

 

@ newswave.lk

නවතම ලිපි