SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් පාලන චන්දෙ තියන එකට කැමතිද ? නැද්ද ? කියන කාරණේ ගැන UNP  නායකයෝ කිසිම කෙනෙක් මේ දක්වා ම හරි හමන් ප්‍රකාශයක් කරලා නෑ.

අඩුම ගානේ  UNP එකේ මැනේජ්මන්ට් කමිටි එකේදීවත්  ඔය ගැන හරි හමන් ස්ථාවරයක් කතාබහ වෙලා නෑලු.

 

ඔන්න ඒ අස්සේ UNP ජාතික සංවිධායක, තොප්පි කතාවක් කියලා.

තමාට තොප්පි දෙකක් තියනවා ලු.. ඒ ඒ  තොප්පි දාගත්තහම මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද?නැද්ද? යන කාරණය ගැන ව මත දෙකක් ඇති ඇතිවෙනවලු.

එහෙම කියලා තියෙන්නේ ,  UNP ජාතික සංවිධායක වගේම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, තොප්පිය දාගත්තම , UNP ය ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම් කියලා  තමන්ට දැනෙනවා ලු.

අනිත් තොප්පිය දාගත්තම, ඒ කියන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසත් ජාතික ආරක්ෂක පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ  උපදේශක විදිහට තමාට තියෙන  තොප්පිය දාගත්තහම රට මැතිවරණයකට සූදානම් වීම සදහා  සුදුසු තත්ත්වයක නෑ  කියලා  දැනෙනවා ලු.

ඔය කතාව වාර්තා කරලා තිබුනේ රුවන්ලගේ  ලංකාදීප පත්තරේ ..

බලාගෙන යනකොට රනිල් ගේ මතේ මොනවා වුනත්, අනිත් කට්ටිය ඉන්නේ ඔයවගේ දෙකට දෙවාලේ තමයි. 

@LEADERTV