සමාජ මාධ්‍ය නියාමන පනත නියාමනය සඳහා ගෙන ආ පනතක් නොව මර්දනය සඳහා ගෙන ආ පනතක් බව
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ආණ්ඩුව පළමුවෙන් කළ යුත්තේ බදු ආදායම එකතු කර ගැනීම සඳහා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ය. ඊළඟට ඩිජිටල්කරණය මගින් විදේශ ආදායම ඉහළ නංවා ගැනීම ය. සමාජ මාධ්‍ය නියාමන පනත ඊට බාධාවක් බව ද පාඨලී පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා;
ඩොලර් ඉපයීමට, ඩිජිටල් ආර්ථිකයට සමාජ මාධ්‍ය අත්‍යවශ්‍යයි...
"පළමුවෙන්ම කණගාටුව පළ කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නත් අද අපට මාසයකට හෝ විනාඩි පහයි ලැබෙන්නේ. ඉතින් අපි කවදාවත් මේ පාර්ලිමේන්තුවේ අවිනයෙන් කටයුතු කරලත් නැහැ, කාටවත් බාධා කරලත් නැහැ. මේ කාල කළමනාකරණය, මේ පත්කරලා තියෙන තත්ත්වය ඉතාම කණගාටුදායකයි. ඒ වගේම අද දින විශ්‍රාම යන අපේ වේත්‍රධාරීතුමාට එතුමාගේ විශ්‍රාම දිවිය ඉතාමත්ම සුබදායී විදිහට කටයුතු කරන්නෙයි කියලා අපි සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පසුගිය කාලයේ පාර්ලිමේන්තුව පමණයි මේ ඇති වූ අරගල ක්‍රියාවලියෙන් ගැලවුනේ. ඒ ක්‍රියාවලියේ දී ඒක ආරක්ෂා කරගන්න කටයුතු කිරීම ගැන එතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය පිරිනමනවා.
ජනමාධ්‍යයටත්, සමාජ මාධ්‍යයටත් නියාමනයක් අවශ්‍යයි බොහොම පැහැදිලිව. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නෙත් පරම අයිතියක් නෙවෙයි. ඒක මූලික මානව අයිතිවාසිකම් වලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් කරන නිර්නායකයන්ට අනුකූලව සිදුවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද තියෙන ගැටලුව මේ පවතින ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට යම් යම් ප්‍රශස්ත නියාමන ක්‍රමවේදයක් අඳුරගන්න පුළුවන් වුණාට, සමාජ මාධ්‍ය මේක කරන්න තියෙන අපහසුවෙන්. ඇත්තටම මේ ආණ්ඩුව කල්පනා කළ යුතුව තිබුණේ අද මේ රට පත්වෙලා තියෙන මූල්‍ය අගාධය දිහා බැලුවහම අනෙකුත් ලෝකයේ සියලුම රටවල් ඕ සී ඩී සම්මුතියට අනුව මේ ඩිජිටල් සර්විසස් වලින් බදු අය කරනවා. 15% දක්වා ඩිජිටල් සර්විසස් කරන අපේ රටේ ඒ විදිහේ ආයතන දාහතක් තියෙනවා. ඒ බදු අයකරන.
|ආණ්ඩුව කරන්න තිබුණේ අන්න ඒ බදු අය කරගෙන මේ රටේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා ක්‍රියාවලියක් අනුගමනය කරන්න අංක එකට. දෙකට මේ රටේ අද තියෙන ඩොලර් ප්‍රශ්නයට විදේශ විනිමය ප්‍රශ්නයට තිබෙන ප්‍රධාන විසඳුම වැටි තිබෙන්නෙත් මේ අයවැයට ඉදිරිපත් කරපු මේ ඩිජිටල්කරණයට ප්‍රධාන විසඳුම වැටි තිබෙන්නෙත් මේ අපගේ අන්තර්ජාලය විධිමත්ව පරිහරණය කරන ආර්ථික ක්‍රියාවලියක් බවට පත්කරන ක්‍රියාදාමයක් තුළයි. එතකොට මේ මේ ආකාරයට මෙවැනි පනත් මගින් ඒ ක්‍රියාදාමයට බාධා කරනවා.
විශේෂයෙන්ම දැනටමත් මේ සේවා සපයන ආයතන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරලා තියෙනවා. ඒ පිළිබඳව මේ ආණ්ඩුවේ ප්‍රකාශවලට එරෙහිව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇතැම් රටවල් මෙවැනි නියාමන ක්‍රියාවලීන් පවත්වගෙන යනවා. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි ඒවා අධිකාරිවාදී පාලනයන් තියෙන රටවල් මිසක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ රටවල් නෙමෙයි. මේක බොහෝ දුරට සිංගප්පූරුවේ පැවති පනත පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ රටේ තිබෙන තාක්ෂණ අනෙකුත් ආර්ථික ක්‍රියාවලියත් එක්ක බලනකොට, ඒ රට ඩිජිටල්කරණය වෙලත් ප්‍රමාණයත් එක්ක බලනකොට අපි තාම ඉන්නේ වෙනත් තත්ත්වයක. ඒ තත්ත්වය මත තමයි අපි කටයුතු කළ යුතුව තිබෙන්නේ.
|මේ පනතේ තිබෙන ප්‍රධාන ගැටලුව මේක නියාමන පනතකට වඩා මර්දනය දියත් කිරීම සඳහා කෙරෙන පනතක් බව. අපි දන්නවා මේ රටේ තියෙන නීති ඉතාම දරුණු විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, එහෙම නැත්නම් අයිසීසීපීආර් එක අවභාවිතා කරලා තියෙන ආකාරය, පොලීසිය බැලුවහම අද රටේ සිද්ධවෙන නීතිය අතට අරගෙන පොලීසියත් අනෙක් පිරිසත් ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්.
ඒ වගේම මේ විමර්ශන කොමිසමට අදාළව ලබා දීලා තියෙන කොමිසමට ලබා දීලා තියෙන විමර්ශන බලය, අධිකරණ බලය මේ මේ ක්‍රියාවලිය ඉතාමත්ම භයානක පූර්වාදර්ශයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය කරන්න තිබුණේ 2017 දී මේ සේවා සපයන පිරිස් සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන අර වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිදුකළා වගේ, ඒ අවබෝධතා ගිවිසුමට අනුව යම් කාලයක නියාමනයක් සිදුකරගෙන, අපේ රටේ යම් යම් ආගමික ගැටළු ඇතිවෙන්න, පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කරන්න, එහෙම නැත්නම් චරිත ඝාතනය කරන්න, අද වෙනකොට මේ යටතේ ඉදිරි මැතිවරණයේදී එහෙම ඇතැම් අය නොකරන ලද ප්‍රකාශ ඔවුන් කළා යැයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි තත්වයන් නියාමනය කරන්න, පාලනය කරන්න අවශ්‍යයි.
හැබැයි ඒ සඳහා අර ආයතනත් එක්ක මුලින් අවබෝධතා ගිවිසුමකින් කටයුතු කරලා, ඒ ඒක ලැබෙන අත්දැකීමට අනුව ඊළඟ පියවරට යාම තමයි සිදු කරලා තියෙන්නේ. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අපි දැන් මේ ආර්ථිකය ගොඩනගා ගන්න යන අපි යෝජනා කරන්නෙත් මේ රටේ අනාගතය ගොඩනගන්නේ මේ යුගයක් ඇති කරන්න නම් ඒකට අවශ්‍ය කරන ඒ ප්‍රතිපාදනය රට තුළ වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය කර ගැනීමට මේ ආයතන එක්ක අපි ඇති කරගන්නා ගැටීම ඉතාමත්ම බරපතලයි. ඒ නිසා රජයට ආර්ථික පැත්තෙන් ඩිජිටල්කරණය ගැන කතා කළාට ඒ වගේම ආදායම් වැඩිකර ගැනීම සඳහා කිරිපිටි සීනි වලට බදු ගැහුවට විදුලියට. ඒ වගේම තෙල් වලට. ඒ ආකාරයට මේ සේවා සඳහා එවැනි බදු අයකර ගැනීමක් යෝජනා කර ගන්නවත් නොහැකි තත්වයක් තුළ මර්ධනයම ඔළුවේ තියාගෙන වැඩ කරනවා. ඒ වෙනුවෙන්ම කටයුතු කරන, ඒ වෙනුවෙන්ම පාරම්බාන ආකාරයේ මේ පාලනය ගමන් කිරීම නිසා අපි මේ පනත ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මෙවැනි පනත් ගෙන ඒමට වඩා වැදගත් කාර්යයන් ගණනාවක් මේ ඩිජිටල් සේවා සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකල එය සිදු කළ යුතු යැයි කියන එක අපි අවධාරණය කරනවා."