SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස, සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා කියා සිටී.

එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා පවසයි.

 

බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවද දන්වා ඇත.

 

|සුරා බදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ, හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් ‘ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවයි.

 

කෙසේ නමුත් මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි කියමින් පසුගියදදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට ඇති බව සඳහන් වේ.

 

රජය වෙත බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් (ජනවාරි 26 වැනිදා) ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් තුළින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

 

එම මත්පැන් නිෂ්පාදන සමාගම් අතර , ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම,  මැක්ලම් බෲවිං සමාගම, කළුතර ඩිස්ටිලරීස් සමාගම, සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම, රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම පෙත්සමේ සඳහන් සමාගම් අතර වේ.

 

LNW

නවතම ලිපි