හිජාබයෙන් හිස නිදහස් කරගත් කැරලිකාරිය : නාවල්එල් සාදවී
පුරාඅවුරුදු 89ක් තිස්සේ අතිශයින් මඅභියෝගාත්මක ජීවිතයක් ගත කළ නාවල් එල් සාදවී මාර්තු 21වැනිදා ඊජීප්තුවේ කයිරෝ නුවර දීමියගියා ය. ඇගේ මිය යාම විශේෂයෙන් ම මුස්ලිම් ලෝකයේ ස්ත්‍රීන්ට නම් විශාල කම්පනයක් වූවාට සැක නැත. මක්නිසාදයත්,නාවල් එල් සාදවී හැමවිට මඔවුන්ගේ ගැලවුම්කාරිණියක ලෙස ක්‍රියා කළ තැනැත්තියක් වූ නිසා ය.එහෙයින් ඇය මියගියමොහොතේ ‘ඇගේ ජීවිත කතාව‘ ස්මරණය කිරීම වටින්නේ ය.
සාදවීඋපන්නේ,ලෝකයේ දිගම ගඟ මධ්‍යධරණී මුහුදට වැටෙන ඩෙල්ටාව ආසන්නයේ ගමක ය. දරුදැරියන් නව දෙනෙකුගෙන් යුත්, සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක දෙවැනි දැරිය හැටියට ය. 1931ඔක්තෝබර් 27වැනිදා ඇගේ උපත්තිය දකින ඇගේආච්චි අම්මා පැවසූවා යැයි කියන කතාව, පසු කලෙක ඇය ඇගේ සටහන් අතර ලියා තබන්නී ය.
“අපොයි කෙල්ලක්නෙ... එක කොල්ලෙක්හම්බ වුණා නං මොකද... එක කොල්ලෙක්ගෙ අගය සම කරන්න කෙල්ලො පහළොවකටත් බෑ.”
එහෙත්ඒ කෙල්ල ලොකු මහත් වූ කාලයේ දී, පුරුෂාධිපත්‍ය ඉහවහා ගිය මුළු මහත් මුස්ලිම් ලෝකය ම තැතිගන්වනඅයුරු බලන්නට ඇගේ ආච්චි අම්මා ජීවතුන් අතර සිටියේ නැත.
“ මගේ ආච්චි අම්මාගේ සිතුම් පැතුම් ගැන පුදුම වෙන්නේ නෑ... සාපේක්ෂවශයෙන් අපේ මුස්ලිම් සමාජය ඉතාම පහත් විදියට තමයි, ගැහැනුන්ට සැලකුවේ... ගැහැනු පිරිමි බේදයක් නැතුව ම ගැහැනිය පහත්කළා...
ගැහැනු ළමයින්ට ඉගැන්නුවෙ නැතුවා විතරක් නෙවෙයි, ඔවුන් කුඩා කාලයේ දී ම දස " දෙමින්, ඔවුන්ගේ ලිංගික අවයව කප්පාදු කළා... ඔවුන් ඉතා කුඩා කාලයේදීම වයස්ගත පිරිමින්ගේ ලිංගික වහලියන් බවට පත් කළා...” මගේ පවුලේ අය මාව කසාද බන්දලා දෙන්න හැදුවේ, මට වයස අවුරුදු දහයක් වෙනකොට... හිතන්න,මට මොනව හිතෙන්න ඇද්ද... ඇත්තෙන්ම කිව්වොත්, මට මැරෙන්න හිතුනා... මට මතකයි, මම මට ආපු කේන්තියට අතට අහුවුණු,තිත්ත බටු මල්ලක් ම කාගෙන කාගෙනගියා... මගේ දත් බලන්න බැරි තරමට කහට ගැහිලා, උගුරෙත් එක්ක කහට බැඳුනා... මං කිව්වා,මාව බන්දලා දුන්නොත් මැරෙනවාකියලා... ඒ විදියටයි මං මට පුංචි කාලෙ ම සිද්ද වෙන්න ගිය කසාදෙන් ගැලවුණේ...‘‘ ඇය සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.
මේ ආකාරයට ඉතා ලා බාල අවදියේ පටන් ම පුරුෂාධිපත්‍යයට එරෙහිව ‘කැරලි ගැසීම‘ පුරුදු පුහුණු කළ ඇය, අසීමිත බාධක කම්කටොළු මධ්‍යයේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉගෙන ගත්තා ය.
“ඒ කාලේ මුස්ලිම් සමාජයේ ගෑනු ළමයෙක්වෛද්‍ය අධ්‍යාපනයට යොමුවෙනවා කියන එක හරිම දුර්ලභ දෙයක්... ඇත්තට ම කිව්වොත්, මම හිතුවක්කාරී විදියට වෛද්‍ය අධ්‍යාපනයට යොමු වෙන්නෙත්, ඒක ගෑනු ළමයින්ට නොගැළපෙන දෙයක් බවටසමාජ මතයක් ගොඩනැඟිලා තිබුණු හින්ද යි... ඒ දවස් වල ගෑනු ළමයින්ට තහංචි වැටිලා තිබුණුදේවල් ම කරන එක තමයි මගේ විනෝදාංශය වුණේ..”
ඇගේවචන වල තැවරී තිබෙන ‘හිතුවක්කාරකම‘ මොන තරම් උද්‍යෝගීමත් ද? ඇත්තෙන් මඇය පසුකලෙක පිරිමි කමිසය සහකලිසම තමන්ගේ ඇඳුම් විලාසිතාව බවට පත් කරගත්තේ ද මේ කියන හිතුවක්කාරී බව නිසා ම ය.
“ඊජීප්තුවේ ගැහැනු ඇස් වල පටන්, මුළු ඇඟ ම ආවරණය කරන නිකාබය අඳින්නට ගියේ නෑ... නමුත් ඔවුන් අතපයවැහෙන්න ඇඳිය යුතු වුණා... ඒ වගේ ම දිග ගවුම් නැත්නම්, සල්වාර් ඇඳුම් ඇඳිය යුතු වුණා... ඒ දෙකෙන් කොයික ඇන්දත්, ඒක අඳින්න වුණේ, ‘හිජාබයක්’ හැටියට යි. ඒ කියන්නෙ, රෙද්දකින් ඔළුව ඔතාගැනීම අනිවාර්ය වුණා. මං කමිස කලිසම් ඇඳලා, නිරුවත් කෙස්ස කඩා හෙළාගෙන පාරවල් වල ඇවිදින්න පටන්ගත්තම, හැමෝ ම මං දිහා බැලුවෙ, ‘පිස්සියෙක්’ දිහා බලනව වගේ...” ඇය කීවේ සිනාසෙමිනි.
මේ අතරවෛද්‍යවරියක් හැටියට, ඇය මුස්ලිම් සමාජයේ ගැහැනු ලමයින් ලිංගිකකප්පාදුකරණය (FGM) කිරීමටඑරෙහිව දැවැන්ත අරගලයක් කළා ය.
“අප්‍රිකානු රටවල් 27 ක් සහ මැද පෙරදිග සහ ආසියානු රටවල් 30ක් පමණ ගැහැනු ළමයින් ව ලිංගිකවශයෙන් කප්පාදු කරනවා... ඇතැම් අය ගැහැනු ලිංගික අවයවයේ කොටස් කපා දානවා... ඇතැම්අය යෝනි කට ට මැහුම් දානවා... එක එක ගෝත්‍රිකයින් කරන්නෙ එක එක දේවල්...මං මේ තත්වයට විරුද්ධව අරගලයපටන් ගත්තේ, ‘කවර ආකාරයෙන්වත් ගැහැනු ළමයින්ගේ ලිංගික අවයවයවිකෘති කිරීම නවත්වනු’ කියන සටන් පාඨයෙන්... ඒක මේ ලෝකෙ කිසිම ගෑනු ළමයෙකුට වෙන්න හොඳ නැතිදෙයක්.
මළකඩ පිහි සහ කටු රෙදි මළු වල දාගෙන ගෙයින් ගෙයට ගිහින් ගැහැනුළමයින්ව කප්පාදු කරන වින්නඹු අම්මලා වගේ ම ඒ දේ කරන ආණ්ඩුවෙ දොස්තරලාත් ජීවිතාන්තයදක්වාම හිරේට යවන්නයි වටින්නෙ...” ඇය ප්‍රසිද්ධියේ ම පැවසුවා ය.
එහෙත්මෙවැනි ප්‍රකාශනනිසා ඇයට සාමයෙන් ජීවත් වීමට නම් ඉඩ ලැබුණේ නැත. ඉස්ලාමයේ දිව්‍ය නීති වලට එරෙහිව ගැහැනුන් පොළඹවන අවිචාරවත්ගැහැනියක් ලෙස හංවඩු ගසමින් ඇයව වෛද්‍ය වෘත්තියෙන් නෙරපනු ලැබුණේ ය. වසර කිහිපයකට සිරගතකරනු ලැබුණේ ය.
1962 දී ඇගේ නම ‘අසාදුලේඛන’ (BlackList) ගත කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සදාත් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දීරටින් පිටුවහල් කෙරුණු ඇය, එම පිටුවහල් කාලය තුළ ‘එක්සත් ජාතීන්ගේඋපදේශකවරියක්’ ලෙස රැකියාවක නිරත වූවා ය. ඉන්පසුව යළි ඇයට ඊජීප්තුවට පැමිණීමට හැකිවන්නේ,හොස්නි මුබාරක් ගේ ජනාධිපති ධුරකාලයේ දී ය. මේ අතර ඇය තමන්ට අවුරුදු 89 ක් තරම් දිගු වූ ජීවිත කාලයක් සහ ස්වභාවික මරණයක්ලැබෙතැ‘යි කිසිවිටෙකත් සිතන්නට නැතුව ඇත. මන්ද ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන ගණනාවකම ‘මරණ ලැයිස්තු‘ වල ඇගේ නම සඳහන්ව තිබුණු බැවිනි.
මේ සියලු කරදර අණදර මැද ‘ළමයෙකුගේ දිනපොත’, ‘මම ආදරය උගත්තෙමි’, ‘වෛද්‍යවරියකගේ සටහන්‘, ‘ගැහැනු හිරගෙදර මතකයන්’, ‘සැඟවූණු මුහුණ’, ‘නයිල් නදියේ දෙවියන් මියගිය වගයි’, ‘බිංදුවට වැටුණු ගැහැනිය’ වැනි අපූරු නම් වලින් යුත් පොත් 30 ක් පමණ ඇය විසින් රචනා කරනු ලැබුවා ය. ඒවාගෙන් සමහරක් නවකතා ය.සමරහරක් කෙටිකතා ය. බොහෝ පොත් ‘ඇගේ ම මතක සටහන්‘ ය. කිහිපයක්, ස්ත්‍රීවාදී නැඹුරුවක් සහිත අධ්‍යයන පොත් ය.
මීටඅමතරව ක්‍රියාකාරී ගැහැනියක් හැටියට,අරාබි කාන්තා සහයෝගිතා සංගමය (ArabWomen's Solidarity Association) පිහිටුවීමටකටයුතු කළ ඇය එය මෙහෙයවමින්, ගැහැනුන් ලිංගික වශයෙන් කප්පාදුකරණය කිරීමට එරෙහිවදැවැන්ත අරගලයකට මුල පිරුවා ය. එහි ප්‍රතිඵලයක් ලෙස 2008 දී ඊජීප්තුව ගැහැනුන් ලිංගික වශයෙන් කප්පාදු කිරීම((FGM))නිල වශයෙන් තහනම් කළ අතර ඇය සියජීවිතය තුළ ලැබූ දැවැන්තම ජයග්‍රණය ලෙස සැලකුවේ ද එය යි.
වරින් වර පිරිමින් තුන් දෙනෙකු සමඟ බෙදාගත් ඇගේ ‘ගෙදර ජීවිතය’සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියේ අදහස් පළ කළ ඇය පැවසුවේ ‘හොඳ ම ස්ත්‍රීවාදී පිරිමින්’ තුළ වුව ද ‘නරක පිරිමි ගති’ තිබෙන බව ය.
‘‘මගේ පළමු පෙම්වතා වෛද්‍යවරයෙක්... දෙවැන්නා නීති වේදියෙක්... තුන්වැන්නා සමාජ-දේශපාලනිකක්‍රියාකාරිකයෙක්, ඒ වගේම ස්ත්‍රීවාදියෙක්... මගේ පළමු පෙම්වතුන්දෙන්නා ගැන නං කිසි දෙයක් කියලා වැඩක් නෑ... හැබැයි තුන්වැන්නා ගැන කියන්න ඕන...මං මුලින් හිතුවෙ, එයා තමයි ‘හොඳම පිරිමියා‘ කියලා...එහෙම හිතපු කෙනා වුණත් අන්තිමේදි එපා වුණා... ඒ මොකද කියනවනං, එයා තුළ තිබුණෙ ‘බොරු ස්ත්‍රිවාදයක්‘... එයා මාව රැවැට්ටුවා...ඒකයි මං කියන්නෙ, හොඳම ස්ත්‍රීවාදී පිරිමියා වුණත් විශ්වාස කරන්න අමාරුයි කියලා... ඉතිං මං මගේදරුවො දෙන්න එක්ක තනියම ජීවත් වුණා... ඒ කාලෙ තමයි හොඳම...”
ඉකුත්දා නිහඬවූයේ, ඒහඬ ය. ඇය වෙනුවෙන් අපට ‘ස්වර්ගය‘ ප්‍රාර්ථනා කරන්නට නොහැකි ය. මන්ද ඇය,කිසිදිනෙක ආගමික වශයෙන්විමුක්තියක් නොපැතූ නිසා ය. “ගැහැනුන්ගේවිමුක්තිය සාක්ෂාත් කරන එක හොස්නි මුබාරක්ට හෝ වෙන නායකයෙකුට කරන්න පුලුවන් දෙයක්නෙවෙයි... ඒක කරන්න දෙවියන්ටවත් බෑ... ගැහැනුන් හැටියට අපේ විමුක්තිය හොයාගතයුත්තේ අපිමයි...” ඇය‘විමුක්තිය‘ ලුහුබැඳ ගිය අසිරිමත් ගැහැනියකි.
සුරේඛාසමරසේන උපුටාගැනීම ‘ධරනි’ පුවත්පත