කවුද මේ උඩ පනින්නේ?
ලොරිරථ රියැදුරෙකුට පොලිස් නිළධාරියෙක් පහරදීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා යළිත්කළඹලා. මීට පෙරත් මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා උනා. ඇමරිකාවේ පොලිස් නිළධාරියෙක් බෙල්ල පාගාගෙන හිඳීමෙන් සාමාන්‍යවැසියෙකු මියගියා. ඒක ලෝක මට්ටමින් කතා බහට ලක් උනේ එයට වර්ගවාදයද අවුලවමින්. ඒ ට්‍රම්ප්ජනාධිපතිවරයාගේ පාලන යුගයක.
අපිමතක් කරන්න ඔින සමාජ මාධ්‍ය නොතිබුණු යුගයන්වල මහා පරිමාණ හිංසනයන් මේ සමාජයේසිද්ධ උනා. 1971, 88/89 දකුණේ සමාජයේත්, උතුරු නැගෙනහිර කොටි සංවිධානයෙන් හා රජයේ හමුදා අතරිනුත්හිංසනය කොතෙක් නම් ආශාවක් ලෙසින් භාවිතා වන්නට ඇද්ද? ඒ් යුගයේ සමාජ මාධ්‍යතිබුණානම් ඒතරම්ම හිංසනය බලවත් නොවන්නට ඉඩ නොතිබුනේද? සමහර අවස්ථාවල සමාජ මාධ්‍යයේසාධනීය ලක්ෂනද මතුව පෙනෙන්නේ මේ අයුරිනි.
මිනිසා ස්වභාවිකවම ම්ලේච්ඡයි. ඔහුට හිංසනය ආශාවක්. මානව පරිණාමයතුළ ශිෂ්ටත්වය මිනිසා තුළට ඇතුල්කළ සංකල්පයක්. ශිෂ්ට මිනිසා කෝපගන්නා බොහෝ අවස්ථාවල අප නොදැනුවත්වම ගෙනෙන ප්‍රකාශයක් තමයි‘ඇතුලෙ ඉන්න සතා මතුවෙලා’ යන්න.
මේ හිංසනයේ ආශාව බලය එක්ක සම්බන්ධවෙලා නීතිමය ආශීර්වාදයක් ද එක්වන අවස්ථා එමටයි. තමඉහළ පොලිස් නිළධාරියාගෙන් ප්‍රශංසා ලබන්නටත්, තම ඉහලට යෑමේ අවශ්‍යතාවන් ඉටුකරගන්නටත් සිතන මිනිසා බලය සහ ප්‍රශංසාව නැමැති මෝහය තම මනස කළඹාලූ වේගයටම තමා මේගනුදෙනු කරන්නේ තවත් ප්‍රාණියෙක් සමගයයන්න අමතක වුනු අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
එපමණක්නොවේ. ඔිනෑම සමාජයක එවකට පවත්නා සමාජ ක්‍රමයේ පිළිබිඹුවක් මෙවැනි සිදුවීම් වලින්පෙන්නුම් කෙරේ.
මේ ගැන ධනන්ජය කරුණාරත්න හරි අපූරු වියමනක් ඔහුගෙමුහුණු පොතේ සටහන් කරල තිබුණා.
“කවුද මේ උඩ පනින්නේ?
අරපොලිස්කාරයෙක් මිනිහෙක් පෙරලලා දමලාඒ මිනිහගේ ඇඟ උඩට පනින එක පිළිබඳව අපේ කෝපය එල්ල කළ යුත්තේ කොතැනටද? ඔබ හොඳින් දකින්න ඇති මේ වගේ සිදුවීම් පසුගියකාලයේ ලෝකයේ විවිධ රටවලින් මතුවුනා.
මෙයින් පැහැදිලි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මිලිටරි බලය ඇතිපොලිස්කාරයෙකුට මේ විදියට බය නැතිව හැසිරෙන්න පුළුවන් වීම කියන කාරණය රටකට ජාතියකටසීමා වෙන්නෙ නෑ කියන එක. ඊට වඩා මේ අශිෂ්ට විදියට හැසිරීමටබලපාන්නේ පාලන ආකෘතිය, කොයි වගේ පාලකයෙක් යටතේ ද මේක සිද්ධ වෙන්නේ කියන එකයි. පසුගියකාලයේ ඇමරිකාවේ මීට සමාන සිදුවීමක් සිදුවුනේ ට්‍රම්ප් නම් පාලකයා යටතේයි. අපේ එයසිදු වෙන්නේ රාජපක්ෂ පාලනය යටතේයි.
ඔබසිංහල ජාතියේ පැත්ත අරං කොයිතරම් ඇමරිකාවට බැන්නත් ඇමරිකාව සහ ශ්‍රී ලංකාවේ පාලනය සමානවන තැනක් තමයි ඔතන. ඒත් සමහරු කැමතියි මේකබෞද්ධ රාජ්‍යයක්, ඇමරිකාවට වඩා ශිෂ්ට විදිහට හැසිරෙන්නෙ කියලාකයිවාරු ගහන්න. පහුගිය කාලය පොලිස් ලොක්කෙක් මේගොල්ලොන්ට භාවනා කරන්න පවාඉගැන්නුවා. බොහෝ පොලිස් උත්සව බෞද්ධ ක්‍රියාකාරකම්කරලා තමයි පටන් ගන්නේ.ඒ අර්ථයෙන් මේ පොලිස්කාරයාගේ හැසිරීමෙන් හාස්‍යයට ලක් වන්නේ ඒ බෞද්ධකමයි.
ඒ සියලුම ආගමික සංදර්ශන වලට යටින් තියෙන ඇත්ත මොකද්ද? අපේ රටේද මේ පොලිස් කාරයින්ට මෙවැනිසිදුවීමක් සිදු උනහම පාලකයා ජනතාවගේ පැත්ත ගන්නවට වඩා පොලිස්කාරයින්ගේ පැත්ත ගන්නබවට ඔවුන්ට තියෙනවා ලොකු විශ්වාසයක්. පොලිස්කාරයා මේ උඩ පනිමින් පෙන්වන්නෙ පොලිස්කාරයා නීතිය එක්කසෙල්ලං කරන ආකාරයයි. මේ තමයි නීතිය සදාචාරය මිල්ටරි බලය මේ පාලනය යටතේ පුරවැසියාපෙරලගෙන උඩපනින ආකාරය!
මේ නිලධාරිවාදය අහෝසි කරමින් නීතියේ ආධිපත්‍යසැමට පිහිට වන ක්‍රමයක් කවදාවත් මේ රජයට ඇති කරන්න බෑ. ඔවුන්ට කරන්නපුළුවන් ජනතා විරෝධයක් එන සිදුවීමක් ආවොත් ඒවාට හුදෙකලාව, පොලිස් නිළධාරියා වහාම අත්අඩංගුවට ගත්ත වැනි ප්‍රවෘත්ති වලින්, පිළිතුරුදීම විතරයි. බොහෝ විට අපේ ජනතාව ද රජයේ එවැනි ප්‍රතිචාරවලින් සෑහීමකට පත්වෙන බවක් පේනවා. නමුත් අවශ්‍යවන්නේ කිසිවකුට මෙසේ හැසිරෙන්න බැරි මේ බිම වැටුනු පුරවැසියාට මෙම නිලධාරියාටඑරෙහිව නීතිය කරාගොස් නිරුපද්‍රිතව ඉන්නට පුළුවන් ලොකු පොඩිසැමට සාධාරණ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමයි.ඉතින්ඒ කවදාද?"අපේරජය ආවට පස්සෙ...!"
(ධනන්ජය කරුණාරත්නගේ මුහුණු පොතෙන්)