SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු⁣ තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින කිහිපයකට පෙර SC FR 107/2011 නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. එම වැඩබලන පොලිස්පතිවරයාට සමාජය තුළින් ප්‍රබල විරෝධයක් ලියලමින් ඇත. එමෙන්ම එම විරෝධතාවන් තුළ තවත් ප්‍රධාන බලපෑම් කිරීමක් වන්නේ වැඩබලන පොලිස්පතිවරයා වහාම ඉවත් කළයුතු බවයි.