SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා ගොවීන්ට බණ්ඩි පොහොර

නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

 

ඉදිරි මාසය තුළ ගොවීන් වෙත බෙදා හැරීමට අවශ්‍ය පොහොර තොග ලැබීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරා මෙවන් නොමි‌ළයේ සහ සහනාධාර ලෙස  පොහොර ලබාදීම් සිදු කෙරුනු අතර ඒවා හරහා සිදුව ඇති වැරදි වෙළඳාම් පිළිබඳව ද පසුකාලීනව හෙළිදරව් වී තිබුණි.

 

ඡන්දය ඉලක්ක කරගනිමින් නොමිළේ සිදුකරන මෙවන් අදූරදර්ශී වැඩ නිසා ඒවාට දෙතුන් ගුණයකින් ගෙවන්නට සිදු වන්නේද මෙම ජනතාවටම බැව් ඉතිහාසය විසින් සාක්ෂි දරන බවද මේ පිළිබඳ අදහස් දක්වන ජනතාව සඳහන් කරයි.