SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දින කිහිපය පුරාම කොළඹ නගරයේ “ආරංචිය සුබයි” යන පෝස්ටරය දකින්නට ලැබුනි.

ඊයේ දිනයේ “ආරංචිය සුබයි” පෝස්ටරය වෙනුවට “ආරංචිය සුබයි – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” යනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක විශේෂ දැන්වීමක් අලවා තිබුණි.

 

ගොඩක් දෙනෙකුගේ මතය වූයේ ජනාධිපතිවරයා ජාතිය අමතා ජනපතිවරණය ගැන අදහස් දක්වන බව වුවද අපගේ වෙබ් අඩවියේ pure gossip තීරය වේලාසනම එම ප්‍රකාශය සිදු නොවනු ඇති බව ය.

ඒ අනුව  ඊයේ ජාතිය ඇමැතූ ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ නැත.

කෙසේ වුවද  අදත් තාප්ප පුරා තවත් පෝස්ටරයක් අලවා තිබෙනවා.

“මේ වෙලාවේ රනිල් තමයි” යනුවෙන්.

 

හෙට විකල්ප පෝස්ටරය "මේ වෙලාවෙ රනිල් නෙවෙයි" කියා ගහන්නට සිදුවුවත් සමාජ මාධ්‍යයේ කියැවෙන්නේ

"පෝස්ටරය මාරයි - වෙලාව හමාරයි" කියාය.

 

වේලාව හමාර උවත් කැම්පේන් ස්ලෝගන් එකට දෙන ප්‍රචාරණ වියදම අනුව එය සාර්ථක බව වැඩි දෙනෙකුගේ පිළිගැනීම ය.