SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියා නොනිල ප්‍රකාශයක් සිදුව මාස ගණනක් ගෙවී ඇත.

පොහොට්ටු අපේක්ෂකත්වය පිළිබඳ දෙගිඩියාව පාක්ෂිකයාට, දේශපාලන වේදිකාවට, මාධ්‍යයට මෙන්ම ධම්මික පෙරේරාටද නොඅඩුව ඇති වටාපිටාවක රාජපක්ෂ පවුලේ ඥාතී පුත්‍රයෙකු පැවසුවේ කව්රු කොහොම මොනව කිව්වත් අවසානයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවය.

 

පොහොට්ටුව පක්ෂයේ නායකයින්ට අවශ්‍ය නොමිළයේම දිනිය හැකි නායකයෙකි. පක්ෂයේ වැය දැරීමකින් තොරව පක්ෂයේ වැය බරද කරපිටට ගතහැකි පක්ෂය ඉහළට ඔසවා දිනිය  නායකයෙකි.

 

කෙසේ වුවත් ධම්මිකද තම මැතිවරණ ව්‍යාපාරය වරක් ආරම්භ කලා ද වැනිය. එහෙත් පැවතුනු දෙගිඩියාව තුළ ඔහු සිදු කළේ ඔහු විසින් රටක් වසඟයට ගත් DP Education නැමැති තම ව්‍යාපෘතිය වඩාත් පළල් මට්ටමින් ව්‍යාප්ත කරලීමය. ඉන් සේවා සැපයෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් සහ ඔවුන් අයිති පවුල් ධම්මික පෙරේරාට කෘතවේදීව සලකන බවට ද ආරංචි පැතිර යමින් ඇත.

 

ඔහු ඊයේ  එම උතුරේ පැල කළ තම ව්‍යාපෘතියේ තවත් කඩඉමක් සපුරා ඇත. දකුණේ දරුවන්ට මෙන් නොව සියලු දේ අහිමිව ගිය උතුරේ දරුවන්ට මෙය මහඟු අවස්ථාවක් විය හැකිය.රුපියල්  ලක්ෂ විසිපහක පමණ වටිනා මෙම පාඨමාලාව නොමිළයේ තම දරුවන්ට ලැබීම  ඒ දෙමව්පියන්ට සුවිශේෂ වනු ඇත.  කෙසේ වුවද මේ වනවිට ආසියාවේ අංක එකේ හොඳම තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය බවට පත්ව ඇත්තේද මෙම ඩී. පී. එඩියුකේෂන් අධ්‍යාපනික ව්‍යාපෘතියයි.


ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුලසලතාවයන් වර්ධනය කිරීමත් අරමුණු කර ගනමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක “ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පාඨාමාළා 100 සම්පූර්ණ කළ තරුණ තරුණියන් වෙනුවෙන් සහතික පත්‍ ප්‍රදානය කිරීමේ උත්සවය අද (30) යාපනය මුට්ට්‍රවේලී ක්‍රීඩාංගණයේදී ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබිණී..

DP E1

මෙම උත්සව අවස්ථාව ඇමතූ ධම්මික පෙරේරා...

“මම මුලින්ම යාපනයට සංවර්ධනය අරන් ආවෙ යාපනය කොච්චි පාරෙන්. මොකද මම එහෙම කියන්නේ යාපනයට කොච්චි පාර හදන කොට මම ඒ අමාත්‍යාංශයේ ලේකම් විදියට කටයුතු කරපු නිසා. ඒකට මට හමුවෙන් අවුරුදු තුනක කාලයක්. එක දවසක්වත් පරක්කු වෙන්නෙ නැතුව මට පුළුවන් වුනා ඒ කෝච්චි පාර හරි දිනයටම යාපනේ ජනතාවට ලබා දෙන්න.


අද මම යාපනයට ඇවිත් ඉන්නේ අධ්‍යාපනයේ සංවර්ධනයත් අරගෙන. මේ වෙනකොට මම යාපනය දිස්ත්‍රීක්කයේ ඩී.පී. එඩියුකේශන් අයි.ටී. කැම්පස් 09 ක් හදල තියෙනවා. ඒ කැම්පස් වලින් ඉගෙන ගන්න ළමයි 4558 කට තමයි අද මෙතෙන්දි සහතිකපත් ලබා දෙන්නේ. මගේ මේ අයි.ටී. කැම්පස් එක ඇතුළෙ පළමු පාඨමාලා 100 හදල තියෙන්නේ ඇමරිකාවේ ළමුන් ඉගෙන ගන්න ක්‍රමවේදයට අනුව. මොකද මේ පළමු පාඨමාලා ඇතුලේ මම අපේ ළමයින්ට දෙන්නේ අධ්‍යාපනය විතරක් නෙවෙයි. ප්‍රශ්න විසඳන අයුරු, සාදාචාර සම්පන්නව ළමයෙක් හැදෙන්නේ කොහොමද වගේ දේවල් මේ පළමු පාඨමාලා 100 කරන කොට ඒ ළමයට ඉගෙන ගන්න පුලුවන්.

 

DPE 3


ඩී.පී. එඩියුකේෂන් එකට එනකොට හිටපු ළමයත් දැන් ගෙදර ඉන්න ළමයත් අතර වෙනස දෙමව්පියන් ගෙදරදි අත් විඳල ඇති කියල මම හිතනවා.  ඒ වගේම මේ රට ගොඩගන්න පුළුවන් අධ්‍යාපනයෙන් විතරයි කියල මම දැඩිව විශ්වාස කරන නිසා තමයි මගේ පෞද්ගලික ධනය වැය කරමින් මේ වගේ අධ්‍යාපනික ව්‍යාපෘතියක් මුළු දිවයිනම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කරන්නේ. 

  

මේ යාපනය දිස්ත්‍රික්කය හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් ගුරුවරු ඉන්න තැනක්. මොකද මම එහෙම කියන්නේ කොවිඩ් කාලයේ ළමුන්ට අධ්‍යාපන ලබා දෙන්න ක්‍රම වේදයක් මම හැදුවා. ඒ කාලේ දෙමළ භාෂාවෙන් ගණිතය උගන්වන්න පුලුවන් ලංකාවෙ හොඳම ගුරුතුමා මට හොයාගන්න පුලුවන් වුනේ මේ යාපනයෙන්. ඒකයි මම කිව්වේ යාපනයේ උගන්වන්න පුලුවන් හොඳම ගුරුවරු ඉන්නවා කියලා.

 

DPE 4

ලංකාවෙ පාසල් වලට එක හා සමාන අධ්‍යාපනයක් දෙන්න පුලුවන් ක්‍රම වේදය මේ තාක්ෂණයත් එක්ක ගොඩනැගී අවසන්. ඒකට යන්නේ මාස හයක් වැනි කෙටි කාලයක්. ඒකට කරන්න තියෙන එකම දේ හැම පාසලකම සුහුරු පන්ති කාමරයක් (Smart Class Room) හදන එක විතරයි. මම යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 26කට සුහුරු පන්ති කාමර මේ වෙන කොට ලබා දීල අවසන්. මම ඉදිරියේදී තවත් සුහුරු පන්ති කාමර ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නෙ එක්ලක් තිස්දහසක් වගේ ළමුන් ටිකක්. අද මාගේ අයී.ටී කැම්පස් 150ත් ළමයි එක්ලක්ෂ තිස් දාහයක් ඉගෙන ගන්නවා. ජාති, ආගම්, කුල, මළ භේද නැති කල හැකි එකම ක්‍රමවේදය සැමට සමානව අධ්‍යාපන ලබා දීම  තුලින් කියලයි මම හිතන්නේ.

 


ඒ වගේම මම යාපනය ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවන්න යාපනය ශික්ෂණය රෝහල ඇතුළු තවත් රෝහල් වලට අවශ්‍ය උපකාර ලබා දීල තියෙනවා. මොකද අධ්‍යාපනය වගේම මිනිසුන්ගේ නීරෝගීව සිටීම රටේ දියුණුවට වැදගත් නිසයි මම ඒ විදියෙ උදව් කළේ. යාපනයේ ජනතාවට සෘජුව ලෝකය සමග ගනුදෙනු කර යාපනය ආර්ථික අතින් තවත් ශක්තිමත් කිරීමේ ඊලග සංවර්ධන ව්‍යාපෘතිය ලෙස යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලබා දීම සුදුසු යි”.

 

DPE 2

marrikkar

නවතම ලිපි