SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මාතර (30) පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වනවා පමණක් නොව කතාවකුත් පවත්වනවා.

ආණ්ඩුකාරවරුන් ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වීම තහනම් කිරීමට නිර්දේශ ගෙන එනු ලැබුවේ එදා (2016) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසිනි.

 

(The Steering Committee was of the view that Constitutional provision should be made to prohibit the Governor, while holding office, from engaging in party politics)

 

එදා එකී යෝජනා ගෙනා මෙදා ජනාධිපති විසින්ම පත්කරන ලද ආණ්ඩුකාරවරයෙකු සිය දේශපාලන රැළියකටම සහභාගී වීම හෝ සහභාගී කර ගැනීම අවස්ථාවාදී හා අවලස්සන දේශපාලයේ පැතිකඩක් මිස වෙන දෙයක් නොවේ.

 

මීට අමතරව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සෙල්ලම තවත් කිහිප ආකාරයකින් ගැටළුසහගතය. දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම යාමක් පිළිබඳ ප්‍රකාශයට පත් කර නොමැති දේශපාලකයෙකු වන ඔහු වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරයේ සිට සිය ගම් ප්‍රදේශයටම (දකුණ) පත්කරන්නේද ජනාධිපතිවරයා විසිනි. (නරින්ට කුකුළ් කොටු භාරදීම)

 

දේශපාලන වශයෙන් ක්‍රියාකාරී ආණ්ඩුකාරවරයෙකු එහිදී සිය තනතුර තමන්ගේ මෙන්ම තම දරු මුණුපුරන්ගේ අනාගත දේශපාලන වාසිය වෙනුවෙන් භාවිතා නොකරන බවට දිය හැකි සහතිකය කුමක්ද?

 

විශේෂයෙන් පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් නොමැති වටපිටාවක දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සියල්ල තම ප්‍රවර්ධනය වෙනුවෙන් කරමින් සිටින බවද පෙනේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුකාර ධූරයට පත් කෙරෙන්නේ නම් ඔහු ඉන් ඉවත්විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේද එය හුදෙක් පුද්ගලික දේශපාලන වාසි තකා යොදා නොගත යුතු නිදහස් තනතුරක් ලෙස සැලකෙන බැවිනි.

 

ආණ්ඩුකාරවරුන් වගවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිස තම පුද්ගලික අභිමථාර්ථ ඉටුකර ගැනීමට හෝ පක්ෂ දේශපාලනය වෙනුවෙන් නොවේ. එහෙත් ඇතැම් ආණ්ඩුකාරවරුන් රජයේ මුදලින්ම තමන්ගේ දේශපාලන කැම්පේන්ග් එක තකහනියේ කරගනිමින් සිටින බව පෙනේ.

 

@මහින්ද රුබසිංහ