SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් අරගලය බිහි වුණේ ඇයි කියලා ඇහුවොත් කව්රුත් දෙන උත්තරේ තමයි පෝලිම් නිසා කියලා.

ඔව්.. අරගලෙන් පස්සේ පෝලිම් නැවතුණා කියලා ජාතියක් හැටියට අපි ඉගෙන ගත්ත කිසිම දෙයක් නැහැ.

 

අරගලයෙන් පස්සේ තෙල් පෝලිම් නැති වුණා වුණාට ඒ රටට ගේන තෙල් ටික පරිස්සමින් පරිහරණය කරන එකට හාත්පසින්ම වෙනස් ක්‍රියා තමයි පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ කලේ. ඔවුන් බස් පිටින් රටේ එහා කොනෙන් මෙහා කොනට සෙනග අදින එක තවම නතර කරලා නැහැ.

 

මේ සෙනග ඇදිල්ලේ සැණකෙළිය පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ලංකාව වගේ කුඩා රටකට දරාගන්න බැරි තරම්. හැමදාම විපක්ෂයේ රැස්වීම් වලට බස් දෙසීයක් තුන් සීයක් ඩීසල් දහනය කරනවා. ඒ අතරේම පරිසරය ගැන, නාස්තිය, දුෂණය ගැන වේදිකාවල බණ කියනවා. තාමත් ලංකාව සෙනග පෙන්වලා තමන්ව රවටා ගන්නා පක්ෂ නායකයෝ ඉන්න රටක්.

 

ඒ නායකයෝ හැමෝම දන්නවා ඒ වේදිකාවල ඉන්නේ ඒ ප්‍රදේශයේ අය නෙවෙයි කියලා. දැන දැනත් රට වටේ රැස්වීම් තියෙනවා. මේ රැවටීම කරගන්න පක්ෂ නායකයන්ගේ තරම හිතා ගන්න පුළුවන්. ඒවගේ තමන් ම රවටාගෙන සෙනග දැකලා සන්තෝෂ වෙන නායකයෝ ජනතාව ට වැඩිය පහත් තැනක නේද ඉන්නේ?

 

කොහොම වුණත් රට වැටිලා නම්, අපි මේ වසර ගණන් මැතිවරණ සැණකෙළි තියාගෙන රටේ සම්පත් දහනය කරගෙන කරන විකාරය කුමක්ද?

 

මේ රැවටීම කරන්නේ වෙනත් මුල්‍යමය අරමුණු වලින් බව පැහැදිලියි. ඇත්තටම ජනතාවට පාරේ බස් එකේ යන්නවත් සල්ලි නැතිකොට මෙහෙම කරන්න පක්ෂ වලට කොහෙන්ද සල්ලි?

 

ඒ සල්ලි වල මුලාශ්‍ර ගැන පරීක්ෂණ වෙන්නේ නැත්තේ ඇයි ?

 

රනිල් මහත්මයාට මම යෝජනාවක් කරනවා. රැලි නැති කැම්පේන් කරන්න හැකි විදියට හා මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල කැම්පේන් සිදුවන විදියට නීති ටිකක් ගේන්න මැතිවරණ කොමිසමට සංශෝධන ගේන්න. දැඩි සිමා කරන්න බැරිවෙයි. හැබැයි හැම මාස තුනකටම සැරයක් පිළිගත් දේශපාලන පක්ෂ වල මුල්‍ය වාර්තා විගණනය කරන්න නීති ගේනඑක පරක්කු කරන්නම හොඳ නැහැ.

 

හේතුව රටකට දරන්න බැරි දේශපාලන කැම්පේන් කරමින් යන්න බංකොලොත් රටක පක්ෂ වලට කොහෙන්ද සල්ලි??? කියන ප්‍රශ්නය අපට තිබෙනවා.

 

අනෙක් අතට ලංකාවේ මිනිස්සු දේශපාලනය කතා කරන්න, රැස්වීම් වලට යන්න, TV චැනල වල සංවාද අහන්න ගන්න කාලය බැලුවම එයාලා ඉන්න ඕන පුදුම දේශපාලන සාක්ෂරතාවයක. ඒත් ඇත්ත ඒක නෙවෙයි. එච්චර කාලය ගත කරලත් දේශපාලන සාක්ෂරතාවය අඩු රටක් තමයි ලංකාව. මේ මැතිවරණ වලදී ලංකාවේ චන්ද ප්‍රචාරක ක්‍රමය වෙනස් කරන්න තරුණ බලවේග වත් වෙනස් කැම්පේන් කරයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

 

@සුභාෂිනී විෆ්ලර්

විධායක අධ්‍යක්ෂිකා, ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය, ජර්මනිය.