SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යුත් සංවිධානයේ ක්‍රීඩා එකමුතුව විසින් පසුගිය සෙනසුරාදා කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ දී ක්‍රිකට් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබුවා.

‍යුනයිටඩ් යූත් සංවිධානයේ ලක්ෂ්මන් සුල්තානාගොඩ විසින් එම පුහුණු ක්‍රිකට් පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ක්‍රිකට් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන් සීයකට අධික පිරිසක් පැමිණ සිටියා.

 WhatsApp Image 2024 07 03 at 15.53.051

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ යුනයිටඩ් යුත් ක්‍රීඩා එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අකලංක ගනේගම සමග ප්‍රවීන  ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් විසින් මෙම පුහුණු කඳවුර ස්වේච්ඡාවෙන්ම සමාජ සේවයක් ලෙස සලකා සිදුකල අතර ඔවුන්ගේ සේවය ජනතාවගේ ප්‍රසාදයට ද හේතු විය.

 

අධ්‍යාපනය හා සමානව ක්‍රීඩාව සහ කලාවත් ජීවිතයට ඉතා වැදගත් - සුදත් චන්ද්‍රසේකර

 

WhatsApp Image 2024 07 03 at 15.53.05

 

එහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යුත් සංවිධානයේ සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර පවසා සිටියේ අධ්‍යපනය හා සමානව ක්‍රීඩාව සහ කලාවත් අපේ ජීවිත වලට ඉතා වැදගත් වන නමුත්, තරඟකාරි අධ්‍යාපනය තුල දෙමව්පියන් තම දරුවන් ක්‍රීඩාව සහ කලාව වෙත යොමු කිරීමට මැලිවන බවයි.

 

“අප සැම ක්‍රීඩාවට සහ කලාවට ලැදි  ආනාගත පරපුරක් බිහි කිරීම සඳහා ආකල්පමය වශයෙන් සමාජය වෙනස් කිරීමට ක්‍රියා කිරීම පුරවැසියන් වශයෙන් අප සැමගේ මූලික වගකීමක් සේ සලකා කටයුතු කල යුතුයි”.

 

WhatsApp Image 2024 07 03 at 15.53.03

විභාග සමත්ව උගතකු වූ පමණින්ම අංග සම්පූර්ණ මනුෂයකු බිහි නොවන බවත්, ක්‍රීඩාව තුලින් නායකත්වය, ජය පරාජය විඳ දරා ගැනීම සහ කණ්ඩායම් හැඟීම ඇති වන බවත්, කලාව තුලින් සාමකාමී, රසවින්දනයක් නිරවුල් මනසකින් කටයුතු කිරීමට  පුරුදු පුහුණු වන බවත්, ඒ නිසා වර්තමාන තරුණ පරපුර ඒ සඳහා යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවත් පැවසීය.

 

“කොරෝනා  වසංගතය සහ රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසුව බොහෝ තරුණ පිරිස් ක්‍රීඩාවෙන් ඉවත් වනු දක්නට ලැබුණා. ආර්ථික අර්බුදය නිසා ක්‍රීඩා භාණ්ඩ වල මිල අධික ලෙස ඉහළ ගිය අතර පිටරටින් භාණ්ඩ ගෙන්වීමට ඩොලර් හිගවීම නිසා වෙළඳපොළේ විශාල ලෙස ක්‍රීඩා භාණ්ඩ හිඟයක් ද ඇති වුණා. මේ නිසා විශේෂයෙන්ම ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා උපකරණ ලබාගැනීමට නොහැකි වූ අතර ඔවුන් ක්‍රම ක්‍රමයෙන්  ක්‍රීඩාවෙන් ඈත්වෙමින් සිටිනවා.

 

නමුත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පසුගිය අයවැය මගින් ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට වෙන්කල රුපියල් බිලියන එකහාමාරක මුදලින් දැනට පාසැල් වලට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම ක්‍රමාණුකූලව සිදුවෙමින් පවතිනවා. මේ තුළින් නැවත වතාවක් පාසල් ක්‍රිකට් සහ ග්‍රාමීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට හැකියාව ලැබෙනවා.

 

ශ්‍රී ලාංකා ක්‍රිකට් ආයතනය මගින් ආරම්භ කර ඇති ගමට ක්‍රිකට් වැඩ සටහන මගින් ද ක්‍රම ක්‍රමයෙන් ගමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙමින් පවතිනවා.

 

යුනයිටඩ් යුත් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රීඩා උපකරණ හා පාසල් උපකරණ ළමුන් අතර බෙදා දීමෙන් අධ්‍යාපනයට සහ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට උත්සාහ කරමින් සිටිනවා.

 

ඒ සමඟම යුනයිටඩ් යුත් කලා එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කුමාර ජයකාන්ත සහ එහි අර්ජුන කමලනාත් ප්‍රමුඛ කලාකරුවන් විසින් නොමිලයේ රංගන, නිවේදන සහ ගායන පාඨමාලාවන් ග්‍රාමීය මට්ටමින් පවත්වාගෙන යනු ලබනවා”.

යුනයිටඩ් යූත් නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් පැවසුවේ ය.

 

WhatsApp Image 2024 07 03 at 15.53.04

මෙම අවස්ථාව සඳහා යුනයිටඩ් යූත් කාන්තා එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල්ශෂිකලා හෙට්ටිආරච්චි, යුනයිටඩ් යූත් සංවිධානයේ භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා ප්‍රවීණ රංගන ශිල්පී නිරෝෂන් පෙරේරා ද  සහභාගිවී සිටියා.

@ යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය 

WhatsApp Image 2024 07 03 at 15.53.041WhatsApp Image 2024 07 03 at 15.53.06WhatsApp Image 2024 07 03 at 15.53.061

nalan mendis

නවතම ලිපි