SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය අද නිවේදනය කර තිබුණි.

 

එමෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

 

මෙවැනි නිවේදනයක් නිකුත් වන්නේ ඊයේ (03)දිනයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව විසින් ඉදිරිපත් කර ඇති වටපිටාවක දීය.

 

ඒ  සම්බන්ධයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ, දයාන් ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥයින් සමග මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ලබානොගත් බවය.

 

කෙසේ වුවත් මේ වනවිට සමාජ මාධ්‍යයේ මෙන්ම දේශපාලන ලෝකය තුළ කතා බහ වෙනත් එකකි.

 

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයෙන් පහකට අඩු කිරීමට කටයුතු කරනු ලැබූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලය තුළ සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

 

එදා එම සංශෝධනය සිදුවද්දී වසර හයකට බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය ගැන එවක නීතිපති ජයන්ත ජයසූරිය කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර හයක කාලයක් පදවියේ කටයුතු කළ හැකිය යන්න තම මතය බවත් 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වසර පහක ධූරකාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බවත් ය.

 

නීතිපති ජයන්ත ජයසූරිය එම අදහස ඉදිරිපත් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල කාලය අවසන් වෙන නිශ්චිත කාල සීමාව පිළිබඳව විමසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති ඉල්ලීම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී සළකා බලන ලද අවස්ථාවේදීය.

 

එසේම එහිදී ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල්.පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා නීතිපතිවරයාගේ මතය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ වසර පහක් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් බව පෙන්වා දුන්නේය.

 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ජනාධිපතිවරයාට ද බලපාන බව එහි පැහැදිලිව සඳහන් කර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා, ජනාධිපතිවරයාට ඒ ගැන ගැටළුවක් තිබුණේ නම් එම අවස්ථාවේ ඒ ගැන අධිකරණය යා හැකිව තිබු බවත් සඳහන් කළේය.

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ නීතිවේදියා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සිය ධූරකාලය අඩු කිරීමට කැමැත්ත පළ කර ඇතිබවත් එදා පැවසීය.

 

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ වාද විවාද නැති වුවත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙවැනි ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධීකරණයට යොමු කර තිබියදී ඒ පිළිබඳව විමසීමට නිශ්චිත කාලයක් ගතවේ. ව්‍යවසායක ලෙනව විසින් මෙම ඉල්ලීම සිදුකරන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලය පැවරෙන්නට  දින 14කටත් අඩු කාලයක් තිබියදී ය.

 

දැන් මැතිවරණ කොමිසමට ක්‍රියාත්මක විය හැකිද?

වික්‍රමසිංහ ජනාධිපතිවරයා සෘජුව හෝ වක්‍රව මෙම නාට්‍යයට සම්බන්ධ නොවන්නේ ද?

 

මේ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සහ සිනමා/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු  වන ලකා ධර්මරත්න ලියා ඇති සටහනකි.

 

රනිල්ගේ අන්තිම තුරුම්පුව - (ලකා ධර්මරත්න)

 

චන්දයකට නොයන්න හෝ චන්දෙන් කල්ගන්න ගහන අන්තිම "රනිල් තුරුම්පුව' තමයි උසාවියෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිඹඳව වන ව්‍යවස්තා සංශෝධනය අභියෝගයට ලක් කිරීමේ උත්සාහය.

 

මේක ගැන තරිඳු උඩුවරගෙදර සහෝදරයා එයාගෙ Youtube නාලිකාවේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

 

මේ උත්සාහය විසින් චන්දයකට යන්න රනිල් පාර්ශවයේ තියෙන අකැමැත්ත හෝ විචිකිච්චාව ඉතාම පැහැදිලියි. ඒ වෙනුවට රනිල්ට ඕනෙ තව එකම එක අවුරුද්දක් මේක අල්ලගන්න.

 

අනික පොහොට්ටුව නාමිකව රනිල්ට සපෝට් කරන එකක් නෑ චන්දෙකදි. සපෝට් කලොත් නාමල්ට බඩු කියලා පළපුරුදු මහින්ද දන්නවා. එයාලගෙ සෙට් එකක් පක්ෂෙන් කැඩිලා ගියා වගේ රඟපාලා ‍රනිල් එක්ක එකතුවීමක් තමයි වෙන්න පුළුවන් එකම දේ.

 

හර්ෂ සහ එරාන් රනිල් ළඟට ඒවි කියන බලාපොරොත්තුව රනිල්ට තිබුණා මම හිතන්නේ. නමුත් 57 හැවිරිදි සජිත්ව දාල 75 හැවිරිදි "රනිල්" ළඟට යන දේශපාලන අවදානම හර්ෂලා ගනියි කියලා හිතන්න අමාරුයි මේ වෙලාවෙ. ඇත්තටමනම් හර්ෂ සහ එරාන් වගේ අයටත් සාපේක්ෂව Clean records තියෙන පාර්ලිමේන්තුවේ හුඟකටත් දැන් යන්න හොඳම තැන NPP. හේතුව අළුත් දේශපාලන ආරම්භයක් එතන තියෙනවා. NPP කියන්නේ දැඩි ආන්තික වාමාංශික කඳවුරක් නෙවෙයි. එතන වඩාත් බර වාම-ලිබරල් වාදයට.

 

ඉතිං රනිල්ගේ දක්ෂකම තමයි "කෙලවුණු රටක් ගොඩදැමූ පියෙක්" වගේ මොකක් හෝ නමක් දාගෙන IMF එක line-up කරලා දීලා මානවම්ම රජු ගැනත් කියලා ඉමෝෂනල් speech එකක් දීල ධුරයෙන් සමුගන්න එක. මොකද තමන්ට මඟහැරුණු 2018 අත්වැරදීම රනිල් දැන් සෑහෙන්න ෂේප් කරගෙන තියෙන්නෙ. ඉතිං තව කෙලවානොගෙන මේක තමයි හොඳම වෙලාව එයාට සමුගන්න. හේතුව දැන් රනිල්ට 75 ක්. මේ වෙලාවේ 81 හැවිරිදි Joe Biden ඇමරිකාවේ මුහුණදෙමින් ඉන්න තත්වය ටිකක් Google කරලා බලන්න.

 

චන්දෙන් පත්වෙන්නේ කවුරු උණත් එයාලට IMF එකඟතාවලට ගරුකරන්නම වෙනවා. මෙතනදී හර්ෂ සහ එරාන් සජිත්ට වාසියක් හදනවා. ඊළඟට දිනන කෙනාට තියෙන ලොකුම අභියෝගය තමයි සියළුදෙනා ගරුකළ ආර්. සබ්බන්ධන් මහත්තයා නැතුව උතුර සහ 13 සංශෝධනය එක්ක ගණුදෙනු කරන එක. මෙතනදී අනුර ඉන්නේ සජිත්ට වඩා සෑහෙන ඉදිරියෙන්.

 

මේ වෙනකොට කවුරු කොහොම කිව්වත් අනුර ඉන්නේ ඉදිරියෙන්. ඒක රනිලුත් දන්නවා. මම දන්න තරමින් අනුර ජනාධිපති වෙනවට රනිල්ගේ මානසික විරෝධයක් නෑ. පංති අවුලනම් ලාවට ඇති. රනිල් ගේම ගහන්නේ අවුරුද්දක් අල්ලගන්න. ඒ අවුරුද්ද ගත්තොත් NPP එකට සැහෙන අමාරුයි, ස.ජ.බක් නැත්තටමනෑ..., හුඟක්වෙලාවට පොහොට්ටුවකුත් නෑ.....

 

රනිල්ට අවුරුද්දක් නොදී චන්දෙකට යන්න අනුරලාට ව්‍යවස්තාව සහ උසාවිය එක්ක සෑහෙන්න හැප්පෙන්න වෙනවා. එතනදී මේ නඩුව සමහරවෙලාවට අවුරුද්දක්ම උණත් ඇදෙන්න පුළුවන්.

අන්න එතනදී විජයදාස රාජපක්ෂ, M.A. සුමන්තිරන් කියන නම් දෙක හොඳට ඔලුවේ තියාගන්න.

ප.ලි

මේ පහල පිංතූරෙ හම්බුණේ දැන්. රටගොඩදාල, පොළව ඉඹලා, අඬලා විවේකයෙන් Netflix පාරක් දාන්න ගෙදර යන්න හදන රනිල් ස' ව බලෙන් නඩුදාල පුටුවේ තියාගන්න හදන එවුංටනං හොඳක් වෙන්න එපා... (උපුටාගැනීම - Laka Darmarathna fb )

 

@සමාරා පරණවිතාන

nalan mendis

නවතම ලිපි