SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ වන විට මාලීමාව නිශ්චිතය. සජබ ද නිශ්චිතය.

ජන්ද ලබා ගැනීම අතින් රේස් එකේ ඉස්සරහින් තවම ඉන්නේ මේ දෙපිරිසය. ජන්ද දායකයින්ගේ තීරනාත්මක ප්‍රමාණය තවම නිහඩය.

 

වසර දෙකක් තුල සැලකිය යුතු මට්ටමින් රට ස්ථාවර කල රනිල් වැඩේ අතෑරලා ද නැත. රනිල් කියන විදියට පෙරේදා රෑ රනිල් සජබ අයත් එක්කය. ඒ කොහොම කිව්වත් සජබයෙන් රනිල් ලගට එනවා කියූ 18, අප්‍රේල් සිට තවම එනවාය. ඒකට බාලගිරි දෝෂයය.

 

සජිත්ට රට කරන්න බැරි බවත් මේ වෙලාව මාලීමාවෙ වෙලාව නොවන බවත් ඒ පක්ෂ දෙකේම ඉහල ඇවරි රටට නොකිව්වාට ඇතුලේ කියන කතාවය.

රනිල් රාජපක්ෂලාගේ අතකොලුවක් බව කොච්චර නෑ කිව්වත් මිනිස්සු කියන කතාවය.

 

පහුගිය ටිකේ සමීක්ෂණ වලින් රනිල් පොඩ්ඩක් ඉස්සිලා තිබුනේ රාජපක්ෂලා අතාරිනවාය  යන පනිවිඩය එලියට ගොස් තිබුනු හින්දාය.

 

ඒත් ඊයේ වුනේ අදහගන්නත් බැරි එකකි. රනිල් රත්තරං ගේ 27 වසරක දේශපාලනය සමරන තැනට ගියේය. බැසිල් කිව්වෙද අපි  ඔබට සහාය දෙනවා ඒ බයට නෙවෙයි කියාය. මේ රැස්වීමේ මූනු බැලුවාම රනිල් හෝ රාජපක්ෂලා  අතර කිසිදු ගැටලුවක් ඇති බවක් පේන්නෙ නැත.

 

ano 2

 

කොහොමින් කොහොම හරි එකක් පැහැදිලිය. රනිල් රාජපක්ෂලා අතාරින්නේ නැත. එතකොට රාජපක්ෂලා අතෑරලා රනිල් ලගට ආපු අය, ප්‍රසන්න ලා, මහින්දානන්ද ලා ආවෙ බැසිල් එක්ක අවබෝධයෙන් ය.

ඒත් කාංචනල සියඹලාපිටියල සේමසිංහ, ප්‍රමිත බන්ඩාර වගේ අය බෙල්ල තිව්වාය.

අනෙක් කන්ඩායමේ  ලංසලා, අනුර ප්‍රියදර්ශන ලා, සුසිල් ප්‍රේමජයන්ත ලා ද බෙල්ල තිව්වාය.

 

රනිල් රාජපක්ෂලා එක්ක  ගෙනියන්න වජිරලාල සාගල ලා වගේ UNP අය වඩාත් කැමතිය. ඒත් රාජපක්ෂලාගේ තරම හොදින්ම දන්නේ ලංසලා ය.

 

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. ඒත් රනිල් ගේ බල සූදූව වෙනුවෙන් නව සන්ධානයේ ලංසලා මෙන්ම කාංචනලා ද බිලි නොවුනොත් පුදුමය.

පොහොට්ටුව ධම්මික දානවා කියලා බල කලාට දාන්නෙ නැත. ඒක පෙන්නලා ධම්මික අගමැති කරගන්න ගේම් එකක් play කරති. ඒක රාජපක්ෂලා ට හා රනිල් ට යන දෙගොල්ලන්ටම ඒක හොඳය.

 

ශ්‍රීලනිප හා නව සන්ධානය ද මේ වගේ වෙලාවක අපි රාජපක්ෂලා ඉන්න වේදීකාවට එන්නෙ නෑග. අපි වෙනම වේදීකාවක ඉදන් ඔබට උදව් කරන්නම් කියලා රනිල් ට කියන්න ඉඩ ඇත. රනිල් ඉස්සර ඉදන්ම ප්ලෑන් කලේ ඒකය.

 

ඒ කොහොම වුනත් මේ ගේම් එකෙන් රනිල් පරාදය. රාජපක්ෂලා ඉන්න තැනකට රනිල් නොව ශක්‍රයා  ආවත් පරාදය.

 

ඒත් රාජපක්ෂලා දිනුම් ය.  මෙහෙම තැනකට සජබ ජන්ද දායකයා එන්නේ නැත. රනිල් වෙනුවෙන් වැටුනේ තමන්ගේ ජන්ද කුට්ටිය බවට ඔවුන් කියනවා නොඅනුමානය. ඒ ගමන්ම ඇතුලේ ඉදන් නව සන්ධානයේ සෙට් එකට කෙලවනවා ෂුවර් ය. ඒ රාජපක්ෂලා ය.  රනිල් තම ඉතිහාසය තුල තමන් රැකපු එවුන් රැකලා නැත. තමන්ට වැදගත් අය රැකලා ඇත.

 

රනිල් පොහොට්ටුව සමග, සජිත් හා අනුර අතර තරඟයකින් රනිල් දිනන්නේ නැත. අනුර ගේ ජය සහතික වීම ෂුවර් ය.

 

ශ්‍රීලනිපය කෑලි කැඩීම පොහොට්ටුවේ වාසියටත් රනිල් ගේ පැවැත්මටත් වූ ක්‍රියාවලියකි. ඒ ශ්‍රිලනිපයට රාජපක්ෂලා  එක්ක ඉන්න පුලුවන් ද?

 

මේ සෙල්ලම වෙනස් වෙන්න තැනක් ඇත. ඔය ශ්‍රීලනිප යත්, නව සන්ධානයත්, සජබ එපා වූ හා රාජපක්ෂ විරෝධි පොහොට්ටුවන්, සිවිල් සංවිධාන හා අනෙකුත් පක්ෂ එක්වෙලා හොඳ වැඩ පිලිවෙලක් එක්ක අපේක්ෂකයෙක් දැම්මොත්.. ඒ අපේක්ෂකයා අනුරට හා සජිත්ට අභියෝග කල හැකි කෙනෙක් වුනොත්.. ආ... අන්න එතනට අවධානය යොමුවීම වැලැක්විය නොහැක. එහෙම එකකට මහපොලවේ ඉඩක් ඇත. හැමදාම අලුත් සන්ධාන හා අලුත් අපේක්ෂකයෙක් අලුත් තේමාවක් එක්ක ඇවිත් ඇත.

 

මොකද රනිල්ල සජිත්ල අනුර යන තිදෙනාම ජනාධිපතිවරණ පරාජිතයීන්‍ ය. ජනාධිපතිවරණ පරාජිතයෙක් මෙතෙක් ජනාධිපතිවරණයක් දිනා නැත.

 

ඔය දේශපාලන තීරනය ගන්න හොඳ  කොන්දක් ඕනෑය. ගත්තොත් ගොඩය. නොගත්තොත් ඔවුන් දේශපාලනිකව නන්නත්තාරය.

 

@දිසාලා

#Anonymous notes