අපි ට අළුතින් මළ ගෙයක්. ඒකියන්නේ මිනීමැරුමක්. දෙන්නෙක් මියගිහින් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබලා.
හැමදාම වගේ මාධ්‍ය පොලිස් පරීක්ෂණ ඉවර වෙන්න කලින් CCTV දර්ශන ,ලේ , හැඬුම් රෝහලේ මළමිනී තල්ලු කරගෙන යන ඒවා ,මැරිච්ච මිනිසුන්ගේ අම්මලා විලාප තබන දර්ශන රස කර කර මවනවා. ඇල් මැරිච්ච මාධ්‍ය ආයතන වලට සතියක් දෙකක් ආයෙත් ජනතාව අතරට එන්න හොඳ අවස්ථාවක්.
තවත් අතකින් පොලිසීය අධිකරණ ය විසින් තීන්දු කරන්න කලින් , මිනීමැරුම් කලේ අහවලා, මෙන්න මේ කෝන්තරයට කියලා සෑහෙන පෙර සුදානමකින් මාධ්‍ය ප්‍රකාශ කරනවා. KPI හෙවත් කැඳ බොන ඉම්රාන් නමින් බුලට් ලකුණු කරලා තියෙනවා කියලාත් පෙන්වනවා. මහේස්ත්‍රාත් වරයාගේ ප්‍රකාශ මධ්‍යයේ මුදා හරිනවා. පොලිස් පරීක්ෂණ, මහේස්ත්‍රාත් පරීක්ෂණ වෙන කාලය මාධ්‍යයට ඇතුල් වෙන්න නොදී රජයේ අපරාධ තාක්ෂණ වේදීන්ගේ පටිගත කිරීම පමණක් තිබිය යුතුයි කියන අපරාධ පරික්ෂණයේ ස්වාධිනතාවට අවශ්‍ය මුලධර්මය සලකා බලන්නට අඩුම තරමේ මහේස්ත්‍රාත් වරයාට පවා ඉඩක් නොලැබුණු බව තමයි මට හැඟෙන්නේ. මිනීමැරුමක් සිදුවන තැනට පළමුව එන පොලීසිය ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය කොතැනකදීවත් වෙන බවක් පේන්න නැහැ. අපරාධ වල වැදගත් සාක්ෂි විනාශ වෙන්න, වෙනස් වෙන්න මේ බාහිර රූගත කිරීම් ඉවහල් කරගැනීම සුක්ෂම අපරාධ කරුවන්ගේ හැකියාවක්. පොලීසිය හා මහේස්ත්‍රාත් වරයා මේ ගැන නැවත අවධානය යොමුකළ යුතුයි.
කාලයක් තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ පැමිණිල්ලක් වෙනුවෙන් යන කැඳවුමක් මාධ්‍ය සංදර්ශනයක් වෙච්ච.එය දැන් නැවතී තිබීම සතුටට කරුණක්. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉස්සරහා බොහෝ දෙනේගේ sadistic මනෝභාවයන්, කයිවාරු නිවැරදි වීම් වෙන්න කලින් නීතියට මුහුණ දෙන්න ඕන. කොහොම නමුත් මාධ්‍ය විසින් අපරාධ පරීක්ෂණ ය කරලා ජනතාවට මතයක් දීලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගෙන ඉන්නකොට වසර ගනනක් ගිහිල්ලා වියදම්කාරී ලෙස පොලිසිය පරීක්ෂණ කරලා නඩු පවරලා අධිකරණය තීන්දුව දෙන මොහොතේ අර ජනමතයට පිටින් තීන්දුවක් ආවොත් අධිකරණය දුෂිතයි, පොලිසිය දුෂිතයි කියලා ජනතාව ම කියනවා. අර කලින්ම් තීන්දුව දුන්නු මාධ්‍යත් එහෙමම කියනවා.
කාටවත් සෙතක් නොවන මාධ්‍යකරණය නවත්වන්න ලේසියෙන් බැහැ. ඒකට හේතුව බොහෝ මාධ්‍ය හා මාධ්‍ය ආයතන ලොක්කෝ ක්ලබ් වසන්තලාගේ හිත මිතුරෝ. ඔවුන් වසන්තලා පෝෂණය කරන සමාජ ක්‍රමය තුල තමයි වාරතා කරණය කරලා ආදයම් උපයන්නේ. ඔවුන් විසින්ම ක්ලබ් වසන්තලා වගේ අපරාධ කාරයෝ ලොකු කරලා ,නැති බලයක් හදලා ඔවුන්ගෙන් ම යැපෙනවා. මේ ක්‍රමය තුල ඔවුන් විසින්ම ඔහුගේ මළ මිනිය, මිනීමරුවා හා නාටක කතාන්තර තව දුරටත් රස කරමින් උපයනවා.
මේ සියළුම කරුණු තුල ලංකාවේ අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයට දැඩි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව මම යෝජනා කරනවා. ඒ ප්‍රතිසංස්කරණ අතරේ මාධ්‍ය වල අපරාධ වාරතා කරණය ගැනත් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශන ය කාලයක් තිස්සේ මුසාවාදා සමග නාට්‍ය හා රංග කලාව විචාරණයක් වගේ.
මියගිය අය අතර සංකේතාත්මක විග්‍රහයක් මම දකිනවා. ක්ලබ් වසන්ත වගේ රටේ පාතාලය, මත්ද්‍රව්‍ය හා අනීතික හා නීතික අතර හා අතර නොවන,දේශපාලනය මගින් වැජඹුණු හා බොහෝ මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් වූ මිනිසෙක්. සිවුරහල, ජනතාව ට සුමදුර බණ දෙසපු, එහෙත් ලෞකික සැප උපරිමයෙන් ගන්න සාසනයෙන් එලියට ආව කෙනෙක්. මේ දෙන්නම තමයි අතනදී මිය යන්නේ.
අනෙක් අතින් CCTV දර්ශන අනුව වෙඩික්කරුවන් වසර තුනකට වත් අධික අවි භාවිතයක් කරපු අය. ඔවුන්ගේ උරහිස්, උණ්ඩ පිටවීමේදී සිරුරේ සමබර බව හා ඉලක්කය ගැනීමේ ශරීර භාෂාව දියුණු වෙඩික්කරුවන්ගේ වෘත්තීය බවක් පෙන්වනවා. ලංකාවේ මේ වගේ පුහුණුවක් ලබන්න වෙඩි කඳවුරු නැහැ. එහෙම කඳවුරක ලියාපදිංචි නොවුණු මේ වගේ පාතාල වෙඩික්කරුවන් බිහි වෙන්න ඉඩක් නැහැ. මේ තුන් ගොල්ලම සියුම් ව අරන් විග්‍රහ කලාම අපේ රටේ ප්‍රධාන හා ඒ හා සියුම්ව බද්ධ වුණු රට විනාශ කල ගැටළුව පැහැදිලියි.
අනෙක් අතින් මේ ක්‍රියාදාම චිත්‍රපටය ආරම්භ වීමත් සමග මේ මොහොතේ සිට ලංකාව ඇතුලත කුමකින් කුමක් වේද යන භයානක අනාගතය ගැන සිතන්න වෙනවා. මේක මේ විදියට වෙන්න දෙනවද කියන කරුණ ජනතාව හිතන්න ඕන.
@සුභාෂිනී විෆ්ලර්
ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය, ජර්මනිය