ඇත්ත වශයෙන්ම, දේශපාලන උපායමාර්ග පිළිබද දෘෂ්ටිකෝණයෙන් බැලීමේදී, ජවිපෙ තුළ සිටින ලෙනින්වාදියා වන්නේ ලාල් කාන්තයි.
වැඩවර්ජන රැල්ල සම්බන්ධව ඔහුගේ මතභේදාත්මක ප්‍රකාශය මගින් ඔහු ඒ බව ඔප්පු කර තිබේ.
ලෙනින් දේශපාලන මැදිහත්වීමේ මූලික උපායමාර්ගික අරමුණ ලෙස ගත්තේ රාජ්‍ය බලය අත්පත් කරගැනීමයි. සෙසු සියලු දේශපාලන ක්‍රියා ඔහු ඊට යටත් කළේය. රාජ්‍යබලය පිළිබද සාධකය පරදුවට තැබෙන අවස්ථාවක දී වැඩවර්ජනයක් දෙස වුවත් බැලිය යුතු ලෙනින්වාදී ආකාරය වන්නේ එය රාජ්‍යබලය අත්පත් කරගැනීමට කුමන ආකාරයෙන් දායක වේද යන පදනම මතයි.
දැන් ලෙනින්වාදය මූලධර්මීය වශයෙන් පිළිගන්නා පක්ෂ අතරින් රාජ්‍ය බලය වෙත ආසන්න වශයෙන් යොමුවී ඇත්තේ ජවිපෙ පමණි. ඒ නිසා ලෙනින්වාදී ප්‍රවේශයට අනුව ජවිපෙට අන්සියලු දේශපාලන ක්‍රියා රාජ්‍යබලය අත්පත් කරගැනීමට ද්වීතියික කළ යුතුය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සෙසු නන්නත්තාර වාමාංශිකයින්ට රාජ්‍ය බලය සිහිනෙන්වත් නොපෙනෙන නිසා “අපි වර්ජනය පැත්තේ“ වැනි වීර කතා තෙපලීමට බාධාවක් නැත. මක් නිසාද ඔවුන් ඒ වෙනුවෙන් කිසිවක් පරදුවට නොතබන නිසාය. වෙනත් විදිහට කියනවා නම් ඔවුහු ලෙනින්වාදී මොහොතක නොසිටින්නෝය.
නමුත් ජවිපෙ සිටින්නේ ලෙනින්වාදී මොහොතකය. එනම් රාජ්‍ය බලය ගැනීමට සූදානමිනි. ලෙනින්වාදයට අනුව රාජ්‍ය බලය ගන්නේ කැරැල්ලකින් ද, මහා වැඩ වර්ජනයකින් ද, මැතිවරණයකින් ද යන්න කිසිම වෙනසක් ජනිත නොකරයි. වැදගත් වන්නේ කුමන ආකාරයකින් හෝ රාජ්‍ය බලය ගැනීමයි. ලාල් කාන්ත මේ තීරණාත්මක සාධකය හොදින් අවබෝධ කරගෙන තිබේ.
Disclaimer: මම ලෙනින්වාදියෙක් නොවෙමි.
@Nirmal Dewasiri fb