SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම ජනාධිපතිවරණය පවත්වන්නේ ලංකාවේ ඓතිහාසික අවස්ථාවකයි. නිදහසින් පසු මෙම ජනාධිපතිවරණය තරම්

ජනයාගේ ජීවිත වලට බලපෑම් සහගත ජාතික මැතිවරණයක් එළඹී නැති බව කිව හැකිය.

 

මෙම මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග වදින අතර ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයින්ගෙන් සියයට අසූවකටත් වඩා සහාය දක්වන්නේ ජනාධිපතිතුමාටයි.

 

එසේම එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයද එතුමාට ලැබෙන අතර සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු 15 දෙනෙකුගේ සහයෝගය මේ වනවිටත් දිනාගෙන තිබේ . තවත් මන්ත්‍රීවරු කීප දෙනෙකු විපක්ෂයෙන් ඉදිරියේදී එක්වීමට නියමිත බව ආරංචි පලවෙයි.

 

විපක්ෂයෙන් අපේක්ෂකයින් දෙදෙනකු ඉදිරිපත් වී ඇති අතර ඒ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකයි.

 

මෙහිදී සමගි ජන බලවේගය මෙම මැතිවරණයට පැමිණෙන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය තුලදී ඡන්ද ලක්ෂ විසිහතක් ලබාගත් අපේක්ෂකයෙකු ලෙසයි. ඔහුට 2020 මැතිවරණයේ සහයෝගය දැක්වූ සියලුම දේශපාලන කණ්ඩායම්වල සහයෝගය මෙවර හිමිවනු ඇතැයි අපට අනුමාන කළ හැකිය.

 

අනුර කුමාර මෙම මැතිවරණයට පැමිණෙනුයේ ජනතා විමුක්ති පෙරමුණ පදනම් කරගත් පෙරමුණක් පෙරටු කර ගනිමින්.

 

සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පදනම වන්නේ 2020 දී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරගත් ඡන්ද හා ඔහුගේ සන්ධානයේ අනෙකුත් නායකයින්ගේ ඡන්දයි ඒවා  ඡන්ද ලක්ෂ විසි හතක් පමණ වේ එම ඡන්ද වලට උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද වලින් ලක්ෂ තුන හතරක් එකතු වුවහොත් ඔහුට යා හැකි උපරිම දුර ලක්ෂ තිහට අඩුය.

 

නමුත් අනුර කුමාර හා රනිල් වික්‍රමසිංහගේ තත්ත්වය මීට වඩා වෙනස්ය.

 

මෙම දෙදෙනාම සටන් වැද තිබෙන්නේ 2019 ජනාධිපතිවරණයේ ගෝඨාභය ලබාගත් 69 ලක්ෂයේ ඡන්ද පදනමටයි මෙම ඡන්ද පදනමෙන් දැනට බැලූ බැල්මට පෝට්ටුවේ පදනම් ඡන්දය නොවෙන ගෝඨාභය රාජපක්ෂ ලබාගත් පාවෙන ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක දිනාගෙන තිබේ යැයි බැලූ බැල්මට පෙනේ. ඔවුන්ගේ වර්ධනය ඇත්තේ එතනය. (බයි ඡන්ද)

 

ආසන්න වශයෙන් පාවෙන ඡන්ද ලක්ෂ විසි නමයක් යයි කිවහොත් අනුර කුමාර අඩුම තරමින් ඉන් ලක්ෂ විසි පහක්වත් දිනා ගෙන ඇතැයි අනුමාන කළ හැකිය. එයට ඔහුගේ පදනම් ඡන්දය වන ලක්ෂ 4 එකතු කළහොත්

ඔහුත් ලක්‍ෂ තිහකට අඩු සංඛ්‍යාවකින් නවතිනවා ඇත.

අනුර කුමාරට උතුරු නැගෙනහිර

දෙමළ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අඩු සම්භාවිතාවක් පමණක් ඉතිරිව ඇත.

මේ අනුව පොහොට්ටුවේ ඉතිරි ඡන්දවලින්

නාමල් රාජපක්ෂටත් ලක්ෂ පහක් පමණ

ලැබෙතයි අනුමාන කළහොත් රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ ඉතිරි ඡන්දවලින් පහසුවෙන්ම ලක්ෂ තිහත් තිස්පහක් අතර ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත.

 

එසේම පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද පොළට නොගිය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දාහතකින් පමණ වන ඡන්ද සංඛ්‍යාවෙන් සාතිශීය බහුතරයක් රනිල් වික්‍රමසිංහට ලබා ගැනීමේ හැකියාවක් ඇත. අප ඉන් අඩක් ඔහුට ලැබෙතැයි අනුමාන කළොත් ඉන් ලක්ෂ අටක් පහසුවෙන් රනිල් වික්‍රමසිංහට එකතුවනු ඇත. ඉතිරිය සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට බෙදී යාමට ද ඉඩ තිබෙනවා යයි සිතුවොත් ඔවුන්ගේ අනුරගේ සහ සජිත්ගේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තිස්පහ අභිබවන්නේ නැත.

 

එසේම උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද වලින් සාතිශීය බහුතරයක් ලබා ගැනීමේ හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහටය.

එසේම අලුත් ඡන්දවලින් සජිත් ප්‍රේමදාසට ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් නැති වුවත් අනුර සහ රනිල් අතර එම ඡන්ද බෙදී යනු ඇත.

 

මේ අනුව රනිල් වික්‍රමසිංහ මෙම මැතිවරණයේ ඉතාම පහසුවෙන් ලක්ෂ 45ත් පනස් පහත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අතර අනුර කුමාර ලක්ෂ තිස්පහක් 45 ත් හතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගනියි.

 

සජිත් ප්‍රේමදාසට ලබාගත හැක්කේ ඡන්ද ලක්ෂ 25ත් 35ත් අතර ප්‍රමාණයක්.

මෙය සාමාන්‍ය තත්ත්වය යටතේ ලබාගත හැකි ඡන්ද සංඛ්‍යාවයි.

නමුත් ඉදිරි සති දෙක තුළ මැතිවරණ ව්‍යාපාරයේ නැගීම අනුව අනුර සහ රනිල්ගේ ඡන්ද ප්‍රමාණය විශාල

වශයෙන් එකිනෙකාට අනුලෝමව සහ ප්‍රතිලෝමව අඩු වැඩි විය හැකිය.

 

එනම් අනුරගේ ඡන්ද වැඩි වුවහොත් රනිල්ගේ ඡන්ද අඩුවේ. රනිල්ගේ ඡන්ද වර්ධනය වුවහොත් අනුරගේ ඡන්ද අඩුවේ.

කෙසේ නමුත් මෙම මැතිවරණයේ ජයග්‍රාහකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි

ස්තුතියි.

 

@තුෂාර දේශප්‍රිය වන්නි ආරච්චි