SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද 16 වෙනිදා. ජනාධිපතිවරණය 21. හොඳටම ලඟයි.

ඉතිං මං කල්පනා කරනවා අපතේ නොදා කාටද මගේ රටක් වටින ඡන්දේ දෙන්නේ කියලා.

 

 

මං මේ කියන්න යන්නේ මං කල්පනා කරන විදිය.

 

මුලිම්ම කියන්ටෝන ඔය ලොකු ලොකු ටෝක්ස් වලට , වේදිකාවල කියන එව්වට , ටීවී රේඩියෝ පත්තර දැන්වීම්වලට හෝ ඒවට ඇවිත් දෙන බහුශ්‍රැත පඬි ටෝක් වලට , ඒ තියා ඔය සමාජ සමීක්ෂණ කියන ඒවයේ ප්‍රතිපලවලට මං අහුවෙන්නෙ නෑ. ( අහුවෙලාද දන්නෑ , හැබැයි මං කැමතියි අහුනොවී ඉන්න)

 

ඒ වගේම මුළු රටම එක පැත්‍තක් ගත්තත් මං බය නෑ මං කැමති පැත්‍තේ තනියම හිටගන්න.

 

දෙවනුව කියන්ටෝන මේ එකෙකුවත් හොරු අල්ලන්නේ නෑ , රටට අහිමිකල ධනය ආපසු අයකරගන්නේ නෑ ( නෑ නෙවෙයි බෑ) රටේ ණය කන්දරාව ගෙවලා ඉවරකරන්නත් බෑ කියන කාරණාව මං තේරුම් අරන් ඉන්නේ කියලා.

 

තුන්වෙනුව කියන්ටෝනෙ මං අරයට මං මෙයාට කියලා ස්ටේජ් නගින වොයිස් කට් දෙන කලාකරුවන් , ක්‍රීඩකයින් , වෘත්තිකයින් , උගතුන්, පූජකයින් ආදී මෙකී නොකී දේශපාලනයට අයිති නැති වැඩ කරලා ප්‍රසිද්ධවෙච්චි පුඟුලන් කියන ඒවා මට වැඩක් නැතිබව.

 

 

මං මුලින්ම කල්පනා කරනවා ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයින් ගැන. සේරමල්ලා ගැන නෙවෙයි. සළකා බැලීම මට වටිනවා කියලා හිතන කීපදෙනෙකු ගැන.

 

එයාලගේ දේශපාලන ඉතිහාසය , සුප්‍රසිද්ධ හොරුන් එක්ක එයාලට තියෙන සම්බන්ධකම , ඒ හොරුන්ට බලයට එන්න උදව් කරලා පෙනී ඉඳලා තියෙනවද,

 

ඔවුන්ට එරෙහි සමාජ චෝදනාවල විය හැකියාව.

 

ඔවුන් කතා පවත්වද්දී කියන දේවල්වල හරවත් බව , වචන සහ ස්වරවල ඇති වෛරය ද්වේශය උද්වේගය වගේම අවංකබව , කරුණාව , ස්වයං විශ්වාසය වගේ කාරණා

 

මේ කාලසීමාව තුලදී ඔවුන්ගේ හැසිරීම ආදිය මං සළකා බලනවා.

 

ඊළඟට මං බලනවා මේ අපේක්ෂකයින්ගේ සහායට වේදිකාවට නගින කණ්ඩායමේ සාමාජිකයින් ගැන. ඔවුන් ගැනත් ඉහතකී කාරණාවල්ම මං සළකා බලනවා.

 

ඊටත් පස්සේ මං බලන්නේ සාමාන්‍ය මං වගේ ජනතාව අතරම සිටින ඡන්දදායකයින්ගේ මේ මොහොතේ දේශපාලන හැසිරීම ගැන.

 

එතැනදී පොදු අදහසක් ගන්න මං වැඩිපුරම අවධානය දෙන්නේ " සමාජ මාධ්‍ය "වලට දමන ශෙයාර් කරන පෝස්ට් , දාන කමෙන්ට්ස් , ප්‍රතිවාදීන්ට දක්වන ප්‍රතිචාර ආදිය.

 

 

ඊලඟට මං කැමතියි ඉහත කී කණ්ඩායම් තුනම , ඒ කියන්නේ අපේක්ෂකයා , ඔහුගේ සහායක කණ්ඩායම සහ ඔහුගේ ඡන්දදායක අනුගාමිකයින් තුන්ගොල්ලම එකට තියලා , ඔවුන් කියන කරන , අදහස් කරන , හැසිරෙන හැම විදියම ගලප්පලා බලන්න. එහෙම කරලා මං හොයාගන්නවා මේ අය අයිතිවෙන්නේ කුමන සමාජ කාණ්ඩයටද කියලා. ඔවුන් ලුම්පන් ( පාදඩ) රස්තියාදුකාර , මනුස්සයෙකුට ගරුකරන්න කතාකරන්න දන්නෙ නැති , හීනමානයෙන් ඉරිසියාවෙන් ද්වේශයෙන් පෙළෙන , ප්‍රතිවාදියාට තනිවම මූණදෙන්න බැරිනිසා " අන්න අපට අරහෙනුත් එනවා , හම්මෝ සෙනග , මේගොල්ලොත් අපට" වගේ වටෙන් පිටෙන් ජින්තු හිඟන කණ්ඩායමක්නම් මම එයාලට ඡන්දෙ තියා සුබ පැතුමක්වත් දෙන්නේ නෑ.

 

 

මං බලන්නේ මගේ ආකල්පවලට මගේ සමාජ ස්ථරයට , මගේ අදහස්වලට ගැලපෙන හැසිරීම ඇති කණ්ඩායම කවුද කියලයි. මං ඡන්දේ දෙන්නේ ඒ කණ්ඩායමට. පුද්ගලයෙකුගේ නමක් හා ඡන්ද සලකුණ පමණක් ඉදිරියේ කතිරෙ ගැහුවට ඒ කතිරයෙන් නියෝජනය වෙන්නේ මාව. මගේ සිතුම් පැතුම් අදහස් හා ආකල්ප. ඒ විතරක් නෙවෙයි මං අයත් සමාජ ස්ථරය.

 

කාටවත් තේරෙන එකක් නෑ මං මේ පාර කාට ඡන්දෙ දෙයිද කියලා. හැබැයි මේක කියවන කාටවුනත් තේරෙයි මං කාටද ඡන්දෙ නොදෙන්නේ කියලා.

 

2019දිත් මං ඔය ක්‍රමේටම හිතලා තමයි හිතෝතුනි 69ලස්සෙන් එකෙක් නොවී පාපෙන් ගැලවුනේ.

 

ඉතිං ප්‍රස්න තියෙනවද , ප්‍රස්න!!!

 

ස්තුතියි.

මේවගටත් එසේම,

 

@ චාරුක සුරවීර.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි