SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට

ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ.

 

 

ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

 

 

ධීවර ප්‍රජාවටත් සහන

 

මේ  අතර ධීවර ප්‍රජාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද  ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

 

ඒ අනුව එළඹෙන 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව වෙත මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

 

මේ තුළින් බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

 

සහනාධාරය සෘජුවම ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

 

අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව ද  එම නිවේදනයේ සඳහන්ව ඇත.

 

 

මැතිවරණ නීති කැඩීමක් නෙවෙයි ද?

 

 

මේ අතර මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනාධිපතිවරයා විසින් පොහොර සහනාධාරය රු.15000 සිට 25000 දක්වා වැඩිකිරීමට කටයුතු කිරීම (ඔක්තෝම්බර් 01 සිට ගෙවිමට ද නියමිතය) මැතිවරණ නීතිය කඩකිරීමක් නොවේද යන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ සම්බන්ධ  සිවිල් සංවිධාන  ප්‍රශ්න කර ඇත.

 

රනිල් වික්‍රමසිංහ  ජනාධිපති ලෙස විශ්‍රාමික සේවකයින්  වෙනුවෙන් වැඩිකළ  රු.3000ක දීමනාව ද එදා  මැතිවරණ කොමිසම  නතර කරන ලද්දේ  මැතිවරණ නීති කඩවීමක් එමගින් සිදු වන නිසා බව විපක්ෂයේ ප්‍රකාශකයෙක් අප හමුවේ කියා සිටියේය.

 

තතු දත් ආරංචිමාර්ග වාර්තා කර ඇත්තේ පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බව ය.

 

 

නවතම ලිපි