SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාස 03 කට අධික කාලයක් හිස්ව තිබූ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කර තිබේ.

 

 

ඉකුත් ජුලි 24 වන දා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

1969 වසරේ පෙබරවාරි මස 09 වන දා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1988 වසරේදීයි.

 

කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කළේය.

 

1992 වසරේ උපපොලිස් පරීක්ෂක ධූරයට උසස්වීම් ලැබූ ප්‍රියන්ත වීරසූරිය මරදාන, වව්නියාව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානයන්හි සේවය කර තිබේ.

 

කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කළේය.

 

 

නීති පීඨයට ඇතුළු වීම සහ උසස්වීම්

 

 

1993 සිට 1998 වසර දක්වා වූ කාල සීමාවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිය හැදැරූ ඔහු 1999 වසරේ නීති විද්‍යාලයට ඇතුළත් විය.

 

1999 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස්වීම් ලැබූ ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කළ අතර පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයට එක්වෙමින් නැගෙනහිර ටිමෝරයේ රාජකාරි කළේය.

 

2007 වසරේ පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලැබූ ඔහු නීති සහ සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස මෙන් ම හෙයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයට අනුයුක්තව කටයුතු කළේය.

 

2012 වසරේ සිට 2016 දක්වා කාල සීමාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත වීරසූරිය පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කළේය.

 

2012 වසරේ සිට 2015 කාලයේදී සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයෙන් ඔහු නීතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කළේය.

 

නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබීමෙන් පසු 2016 වසරේ සිට 2020 දක්වා කාල සීමාවේදී ඔහු පොලිස් සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

 

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම

 

2020 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීමක් ලැබූ ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ උපායමාර්ගික කළමනාකරණ, අපරාධ සහ රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය.

 

වැඩබලන පොලිස්පති ධූරයට පත් කරන තුරු ඔහු උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

 

@BBC සටහනකි.

නවතම ලිපි