SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ (NPP) රජය මුදල් හිඟයක් සහිතව

පාඩු ලබනවා යැයි කියන  ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණා දැමීමේ හෝ ඉවත් කිරීමේ මූලික සැලසුම අත්හැරීමට නියමිත බව ඊට සම්බන්ධ නිලධාරියෙක් පැවසීය.

 

 

* සංචාරක ප්‍රවර්ධනය සඳහා ගුවන් සේවය රජය සමඟ පැවතිය යුතු බව පවසයි

* නව කළමනාකරණ වැඩිදියුණු කිරීම් සඳහාත්  සැලසුම්

 

 

පසුගිය රජය සැලසුම් කර තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය හරහා පෞද්ගලික ආයෝජනයකට ලබා දීමකි.

 

ඉන් පසුව රනිල් වික්‍රමසිංහ රජයේ හිටපු අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශ කළේ තමන් විකිණීමේ ක්‍රියාවලිය අතහැර දමා ගුවන් සේවය සඳහා විකල්ප ආකෘතියක් දෙස බැලීමට තීරණය කළ බවයි.

 

කෙසේ වෙතත්, NPP ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත කියා සිටියේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා එහි වැදගත්කම අනුව ගුවන් සේවය   රජය සතුව පැවතිය යුතු බවට  රජය විශ්වාස කරන බවයි.

 

එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගම විකුණා දැමීම හෝ ඉවත් කිරීම සිදු නොකරන බව ඔහු පැවසීය.

 

ඒ වෙනුවට එහි කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා නව මාදිලියක් පිළිබඳව සලකා බලන බව ද  ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

marrikkar

නවතම ලිපි