SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශපාලනිකව අපට ජනතා විමුක්‍ති පෙරමුණ කියන්නෙ policy opponent කෙනෙක්.

ඒ කියන්නේ මතවාදීමය ප්‍රතිවාදියෙක්.

 

 

ඒ උනත් මේ රටේ තියෙන ආණ්ඩුකරණයේ අර්බුදයට උත්තර තියෙන්නෙ අනුරලා ගාව බව අපි කියන්නේ සෑහෙන්න කාලයක ඉඳන්.

 

අනුරලාට විතරයි සහචරවාදයෙන් රාජ්‍යය ගලවාගන්න පුලුවන්. ආර්ථික යුක්තිය වෙනුවෙන් අපි කතා කරද්දි අපට සමාන්තරව උන්නෙ ජවිපෙ මිසක් එජාපය හෝ සජබය හෝ පොහොට්ටුව නෙවෙයි.

 

දැන් තියෙන්නෙ අනුරලාගේ ආණ්ඩුවක්. දැන් අනුරට ජන්දෙ දුන්න මිනිස්සු වගේම නොදුන්න මිනිස්සුත් බලාගෙන ඉන්නෙ හොරු අල්ලනකන්.

 

අනුරලාට ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච වීසා මගඩියෙන්ම පටන් ගන්න පුලුවන්.

 

විපක්ෂයේ ඉඳගෙන ඔය වීසා මගඩියට එරෙහි නඩුව දැම්මෙ පාඨලී, හකීම් සහ සුමන්තිරන්…

ඒ නඩුවට අදාල තීන්දු නිසා දැන් ඒ වංචාව නැවතිලා තියනවා.

ඒ උනාට දැන් තමයි හොඳම කොටස.

 

 

හොරා කාපු මුදල් ආපහු ගන්නවා කියන එක අරගලය හරහා ආපු සටන් පාඨයක්.

ඒ සටන් පාඨයේ අවසන් අවුරුදු දෙකේ හිමිකාරීත්වය තිබ්බේ මාලිමාවට.

 

 

අවංකවම ඉතා කාර්‍යක්ෂම අමාත්‍ය මඩුල්ලක් දැන් රට කරන්නෙ..

 

දැන් පුලුවන් ඔයා වීසා මගඩියෙන් ලැබූ අයථා ලාභය ගියේ කාගේ සාක්කුවටද කියලා හොයලා බලන්න.

 

 

ඒ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් අදාල හිටපු අමාත්‍යවරයා සෘජුව වගකියන්න ඕන..ඒ කියන්නෙ ටිරාන් අලස්.

 

 

අපි බලාගෙන ඉන්නෙ ටිරාන් අලස් සම්බන්ධයෙන් අනුරලාගේ ක්‍රියාපටිපාටිය.

 

ඒක අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් රනිල්ගේ ක්‍රියාපටිපාටිය වගේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 

දැන් මාලිමාවට සහය දුන් සහෝදරවරු කියාවි ඒක එයාලා බලාගන්නම් කියලා.

 

ඒ වගේම අපට පැත්තකට වෙලා ඉන්න කියලා.

 

සහෝදරවරුනි…

ජන්දයේදී අපි සහය දුන්නේ අනුර නමැති මාලිමාවේ අපේක්ෂකයාට නෙවේ.

අපේ ජන්දය දුන්නේත් අනුරට නෙවේ.

 

ඒත් දැන් ඉන්නේ ඔබලා සහය දුන් අනුර හෝ මා සහය නොදුන් ජනාධිපති අපේක්ෂක අනුර නෙවේ.

 

දැන් ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වෙනි විධායක ජනාධිපති අනුර දිසානායක.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම අනුරගේ ජයග්‍රහණය වගේම ඔහු රටේ විධායක ජනාධිපති බවත් පිළිගන්නවා.

 

 

අපේ ඉල්ලීම ජනාධිපතිට අගමැතිට හා එම කැබිනට් මණ්ඩලයට මිසක් මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයාට නෙවේ.

 

ඒ ඉල්ලීමට සමස්ත ලාංකික පුරවැසියාට තියෙන්නේ සම අයිතියක්.

 

ඒ අයිතිය ප්‍රතික්ෂේප කිරීමේ හෝ හෑල්ලු කිරීමේ අයිතියක් අනුරට ජන්දය දුන් අයට නැති බවත් මතක් කරන්න ඕන.

 

VFS වීසා ගනුදෙනුවට අදාලව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් නිසැක වගකිව යුත්තෙක් නොවේද ?

 

@නදීශ ද සිල්වා

2024.10.02

marrikkar

නවතම ලිපි