SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැල්ල­වත්ත මුහුදු මාර්ගයේ දී දේපොළ හානි පම­ණක් සිදුවූ රිය අන­තු­රක් මුල්ක­ර­ගෙන

මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වත්මන් ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරීම යම් සැල­සු­ම­කට අනුව සිදුවූ කුම­න්ත්‍ර­ණ­යක් බව ඒ සම්බ­න්ධ­යෙන් කෙරෙන මූලික විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වෙමින් ඇතැයි පොලිස් මූල­ස්ථාන තොර­තුරු සඳ­හන් කරයි.

 

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය (siu) පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

 

මෙම අන­තුර සිදු­වන විට පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න විසින් සට­හන් තැබූ පොතක් ද එම ඒක­කය සිය භාර­යට ගෙන ඇති බව ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

 

මෙම අන­තුර සිදු­වන්නේ පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 28 වැනිදා රාත්‍රී කාලයේ දී ය. රවී සෙනෙ­වි­රත්න බම්බ­ල­පි­ටිය දෙස සිට දෙහි­වල දෙසට ජිප් රථ­ය­කින් ගමන් කර­මින් සිටිය දී එම ජිප් රථය වැල්ල­වත්ත පොලිස් වසමේ දී මාර්ගය අයිනේ නවතා තිබුණු බස් රථ­යක හා මෝටර් රථ­යක ගැටී තිබුණි. දේපළ හානි පම­ණක් සිදුව තිබුණු මෙම අන­තු­රින් රවී සෙනෙ­වි­රත්න ට සීරීම් තුවා­ල­ය­ක්වත් නොවීය.

 

වැල්ල­වත්ත පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා අන­තු­රක් වළක්වා නොගැ­නීම සම්බ­න්ධ­යෙන් සහ බීම­තින් රිය පැද­වීම සම්බ­න්ධ­යෙන් රවී සෙනෙ­වි­රත්න ව අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

 

මෙම අන­තුර පොලිස් ඇප ලබා දිය හැකි වර­දක් වූවත් ඉහළ පොලිස් නිල­ධා­රි­යකු සහ දේශ­පා­ල­න­ඥ­ය­කුගේ මැදි­හ­ත්වී­මෙන් රවී සෙනෙ­වි­රත්ත අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්කර රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට සූදා­න­මක් ඇති බව රවී සෙනෙ­වි­රත්න ට සමීප හිත­වත් විශ්‍රා­මික හා ඒ වන විට සේවයේ සිටි නිල­ධා­රීන්ට දැන­ග­න්නට ලැබී තිබී ඇත. ඒ බව එම නිල­ධා­රීන් එව­කට පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න ව දැනු­ම්වත් කර තිබේ.

 

 

එවිට පොලිස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් ඔස්සේ කතා කර අන­තුර සම්බ­න්ධ­යෙන් තොර­තුරු විමසා බලා රවී සෙනෙ­වි­රත්න ට ඇප ලබා­දී­මට හැකි­යාව ඇති බැවින් ඇප ලබා දෙන ලෙස දැනුම් දී තිබේ. එහි දී වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­ම්වත් කර ඇත්තේ පොලි­ස්ප­ති­ව­ර­යාට පහ­ළින් ඒ වන විට සිටි යම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙක් විසින් ඇප ලබා නොදෙන ලෙස තමාට නියෝග ලබා දී ඇති බවය.

 

 

එහි දී පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට පවසා ඇත්තේ ඇප ලබා­දීම තම නියෝ­ග­යක් සේ සලකා කට­යුතු කරන ලෙසත් ඒ සම්බ­න්ධ­යෙන් පොලිස් පොතේ සට­හ­නක් ද තබන ලෙසත්ය. අන­තු­රුව පොලි­ස්ප­ති­ව­රයා එව­කට කොළඹ දකුණ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට ද ඇම­තු­මක් දී පවසා ඇත්තේ රවී සෙනෙ­වි­රත්න පොලිස් සේවයේ සිටි කීර්ති­මත් නිල­ධා­රි­යෙක් බැවින් ඔහුට නරක විදි­හට සැල­කීම උචිත නොවන බවය. එබැ­වින් පොලිස් ඇප ලබා­දී­මට අවශ්‍ය කට­යුතු කරන ලෙස ඔහුට ද දැනුම් දී තිබී ඇත.

 

 

එවිට එම නිල­ධා­රියා ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් එල්ල­වන බල­පෑම ගැන පැව­සීම හේතු­වෙන් පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න විසින් ඒ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් මඟින් දැනුම් දී තිබේ. එම ඇම­තු­මෙන් ටික වේලා­ව­කට පසු යම් දේශ­පා­ල­න­ඥ­යකු විසින් සී.ඩී. වික්‍ර­ම­රත්න ට දුර­ක­තන ඇම­තු­මක් ලබා­ගෙන රවී සෙනෙ­වි­රත්න ට ඇප ලබා­දී­මට නියෝග ලබා­දීම ගැන දොස් නඟා ඇති බව සඳ­හන්ය. අව­සා­නයේ දී සිදුව ඇත්තේ රවී සෙනෙ­වි­රත්න අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­ම­ටය. එහි දී ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත විය.

 

 

මෙම සිදු­වීම මුල්ක­ර­ගෙන විශ්‍රා­මික පොලිස් නිල­ධා­රීන් සංවි­ධා­න­ගත වෙමින් රවී සෙනෙ­වි­රත්න ට මෝස­මක් මඟින් ඇප ලබා ගැනී­මට කට­යුතු කළ අතර පොලිස් සාමූ­හි­කය ලෙස වර්ධ­නය වෙමින් වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­පති කර­වීමේ සට­නට රවී සෙනෙ­වි­රත්න නාය­ක­ත්වය ගන්නේ එම පොලිස් සාමූ­හි­කය හර­හාය.

 

 

@ගයාන් කුමාර වීර­සිංහ

උපුටාගැනීම - cnews

marrikkar

නවතම ලිපි