SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාසල් දරුවන්ගේ මානසික සෞඛ්‍යය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන ගැටලුවක්: හරිනි අමරසූරිය

 

අදාළ ක්ෂේත්‍රවල නිර්මාණය වී ඇති තරඟකාරිත්වය සහ අධ්‍යාපනය තුළ මතුවන තත්ත්වයන් හේතුවෙන් වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය, පාසල් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  ප්‍රධාන ගැටලුවක් වී ඇති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

 

ඊයේ (09) පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටින්නේ සමාජය, ප්‍රජාව සහ පවුල් තුළ සිසුන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් මැදිහත් වී එය ආරක්ෂා කිරීමට ක්‍රම සොයා ගන්නා අතරම, ඉහත ගැටළු විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

 

සියදිවි නසාගැනීම්, සියදිවි නසාගැනීමට තැත්කිරීම්, තමන්ටම හානි කර ගැනීම් වැනි සිදුවීම් දිනෙන් දින වාර්තා වන බව පෙන්වා දෙන අගමැතිනිය පාසල්වලට, ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට පමණක් දොස් පවරනවා වෙනුවට දරුවන් එවැනි ආතතියකට පත් කරන මූලික හේතු පිළිබඳව අප අවධානය යොමු කළ යුතු බව ද පවසයි.

 

අගමැති හරිනි අමරසූරිය ගැටළුව සම්බන්ධයෙන් එතැනදි අර්බූධය වටහා ගැනීමට කුඩා ආලෝක ධාරාවක් නිකුත් කළ ද නැවතත් ඇය ඊට විසඳුමක් අපේක්ෂා කරන්නේ පුළුල් මානසික සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම, මානසික සෞඛ්‍ය රෝහල්වල සෞඛ්‍ය සේවා දියුණු කිරීම, අධ්‍යාපන පද්ධතියට තාක්ෂණය උකහා ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම වැනි අර්බූධයේ ම දිශානතීන් තුළිනි.

 

 

අගමැතිවරිය පමණක් නොව වත්මන් රජයද සමස්ත සමාජයේ ඛාදනයට විසඳුම් සෙවීමට වැඩි වැඩියෙන් පවතින මඩ ගොහොරුවේම එල්ලෙමින් සිටිනවා විනා ඉන් පිටවන අවශ්‍යතාවක් හෝ ක්‍රමවේදයක් ගැන අවබෝධ කරගන්නා බවක් නොපෙනේ.

 

 

ලබන ජනවාරියේ වාහන ආනයනයට පියවර ගන්නා බවට වන පුවත් මගින් කියැවෙන්නේද එවන් හැඟවුමකි. ලංකාවේ වාහන ඝනත්වය, මාර්ග ඝනත්වය අතින්  ආසියාවෙන්ම කීවෙනි ස්ථානයක් ගන්නේද යන්න ගැන කොතෙක් කියා තිබුණද ඔවුන්ගේ අරමුණ වී ඇත්තේද ඊනියා සමාජවාදී සිතුවිල්ලක් තුලට ගොස්  සෑම පුද්ගලයෙකුටම කුඩා කාරයක් හෝ මිළට ගත හැකි විය යුතුය වැනි යෝජනාවන් ය.

 

අධ්‍යාපනය ගැන හරිනි අමරසූරියගේ විසඳුම් ද එවැන්නකි. දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ ආතතියට සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමෙන් හෝ අධ්‍යාන ආයතන පුළුල් කර තාක්ෂනය උකහා ගැනීම වැනි යෝජනා නිශේධ වන්නේ එලෙසිනි.

 

ස්පාර්ටකස් සාමූහිකය විසින් පළකර ඇති පහත ලිපිය  ඊට අදාළ විශ්ලේෂනයකි.

 

6% නැවතත් කරලියට - (ස්පාර්ටකස් ලිපි)

 

අධ්‍යාපනයට 6%ක් වෙන්කරන ලෙස වන ඉල්ලීම නැවත කරලියට පැමිණ තිබේ. ඉන් හැඟවෙනුයේ අධ්‍යාපනය සඳහා වන වියදම 6%ට වඩා අඩු බවය. වත්මන් අධ්‍යාපන ඇමතිවරිය වන හරිනි අමරසූරිය ගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ දැනට වෙන්කර ඇති ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු බවය (ඇය විසින් පවසා ඇත්තේ අධ්‍යාපනය සඳහා වෙන්කිරීම එකවර 6% දක්වා රැගෙන ආ නොහැකි බවත්, ක්‍රමක්‍රමයෙන් එය සිදු කරනු ඇති බවත්ය).

 

 

මේ වන විටත් ලංකාවේ විශාලතම වියදම අධ්‍යාපන වියදම බවට පත්ව ඇත. ප්‍රවාහන වියදමින් ද වැඩිම කොටස අධ්‍යාපනයට අදාලව පවතී. ළමයින් දෙදෙනෙකු සිටින පවුලක් උදාහරණයට ගන්නේ නම් එම පවුලේ වියදමින් වැඩිම කොටස ඍජුවම වැය වන්නේ අධ්‍යාපන වියදම් සහ අධ්‍යාපනයට අදාළ ප්‍රවාහන වියදම් සඳහාය (මීට අදාලව කෙනෙකුට පැවසිය හැක්කේ ඉතාම දිළිඳු පවුල් වල තත්වය මෙය නොවන බවයි).

 

 

ඉන් පසුව සෞඛ්‍ය වියදම ද ඊට අදාළ විශාල කොටසකි. සෞඛ්‍ය සඳහා මෙතරම් වියදමක් වැයවන්නේ ද අධ්‍යාපනයට එහි ඇති සම්බන්ධය තුලයි. ඒ අනුව එයින් ද කොටසක් අධ්‍යාපන වියදම් ලෙස සැලකිය යුතුය.

 

ඉන්පසුව, ඇඳුම් පැළඳුම්, ඒවා නඩත්තුවට යන වියදම් (ඇඳුමක ආයු කාලය තුල සේදීම සහ රෙදි මැදීම සඳහා යන වියදම ඇඳුමක නිෂ්පාදන වියදමට වඩා ඉතා ඉහල අගයක් ගනී), පොත් පත් ඇතුළු අධ්‍යාපන උපකරණ වියදම්, ළමුන් සාමුහිකව එකතු නොවන තත්වයක් උදා වී ඇති බැවින් ක්‍රීඩා සහ භාහිර ක්‍රියාකාරකම් සඳහා ද මුදල් වැය කිරීමට සිදුවීම (මේවා අයත් වන්නේ මධ්‍යම පංතිය සහ ඉන් ඉහල පන්තීන් වලට පමණි) වැනි වියදම් ද ඊට එකතු විය යුතුය.

 

ඒ අනුව බලන කල පවුලක ආදායමට අදාලව අධ්‍යාපන වියදම අනෙකුත් වියදම් වෙතින් පැහැදිලි ලෙසම 50% ඉක්මවා යයි (පවුල අයත්වන පන්ති ප්‍රභේදය අනුව වියදම වෙනස් වේ). රජය විසින් වියදම් කල ද එම රාජ්‍යයේ ජනයා විසින් වියදම් කල ද එහි වෙනසක් නොමැත. එනම්, සැලකිය යුතුවන්නේ සමස්ත අධ්‍යාපන වියදම පිළිබඳවයි. එම තත්වය යටතේ රජය විසින් ඍජුවම 6%ක් ඊට වෙන් කරන්නේ නම් එය ඍජු රාජ්‍ය වියදමින් ඉතා විශාල කොටසකි.

 

මෙය ලංකාවට පමණක් අදාළ යථාර්තයක් නොවේ. ලංකාවේ "ජනතාව" ඇස් කන් අයා ඉතා ආශාවෙන් බලා සිටින "දියුණු" රටවල තත්වය මීට වඩා ඉහලය. ලෝක පරිමාණයෙන් සැලකූ විට, සමස්තයක් වශයෙන් ගත්කල අධ්‍යාපන ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනයට වඩා ඉහල මට්ටමක පවතී.

 

තත්වය එසේ නම් අධ්‍යාපන වියදම 6%ට වඩා අඩු ලෙස සලකන්නේ කෙසේ ද?

 

 

අති බහුතරයකට අනුව අධ්‍යාපනය යනු ඉතාමත්ම පාරිශුද්ධ, අති උතුම්, චෝදනා කල නොහැකි, මඩේ පිපුන නෙළුමක් වැනිය. නමුත් අධ්‍යාපනය යනු සැමවිටම අසමානතා නඩත්තු කරන සහ එසේ කිරීමට පොළඹවන, දූරාවලිගත ආධිපත්‍ය නඩත්තු කරන, එම රටාවට මිනිසුන් අනුගත කරන, දුෂ්ටතම ආයතනගත ක්‍රියාවලියයි (එක් අතකින් වද හිංසා සහිත).

 

 

එහි දුෂ්ටත්වය වැඩි දියුණු වී වර්ධනය වූයේ සෝවියට් සංගමය ඇතුළු ඊනියා සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් පසුවයි (එම රටවල යහපත් තත්වයක් පැවති බවක් ඉන් අදහස් නොවේ).

 

උපුටාගැනීම (ස්පාර්ටකස් ලිපි)

marrikkar

නවතම ලිපි