SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක්

අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.

 

එම යෝජනා කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර ඇත.

 

එමෙන්ම එම කවුන්සිලයේ 51/1 යෝජනාවට දිගටම විරුද්ධත්වය පල කිරීමටද රජය තීරණය කර ඇත.

 

 

 ශ්‍රී ලංකාවේ යුධ සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවක් නොපිළිගැනීමද රජය තීරණය කර ඇත.

 

 

නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද දේශීය ක්‍රියාවලියක් තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමටද ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් මණ්ඩලය යෝජනාවටද අනුමැතිය හිමි වී තිබේ.

 

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයෙහි දැක්වෙන්නේ, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

 

 

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව  විශ්වාස කරන, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඔහුගේ යූටියුබ් වීඩියෝවක් හරහා කියා සිටින්නේ ආණ්ඩුව ජිනීවා යෝජනාවෙන් ඉවත්වීම නිවැරදි තීරණයක් බවය.

 

සම්පූර්ණ වීඩියෝව පහතින්..

marrikkar

නවතම ලිපි